IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කී‍්‍රඩා අමාත්‍යංශයෙන් ‘වීරසේකර වාර්තාව’ ප‍්‍රතික්ෂේප කෙරේ

සුනාමි ව්‍යසනයෙන් හානියට පත්වූ ශී‍්‍ර ලංකා පාපන්දු කී‍්‍රඩාව නගා සිටුවීම සඳහා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් පිරිනැමුණු රුපියල් කෝටි 50 ක් වැය කරමින් කී‍්‍රඩාංගණ 13 ක් සහ ගෝල ව්‍යාපෘති දෙකක් ඉදිකිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කරන ලද පංච පුද්ගල කමිටුවේ සභාපති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ වාර්තාව එම කමිටු සාමාජිකයන් විසින්ම ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ පුවත් පත් නිවේදනයක් නිකුත් කරන කී‍්‍රඩා අමාත්‍යංශය අවධාරණය කරන්නේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභාව විසින් පත්කරන ලද, පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවේ කටයුතුද කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පසුගිය මස 28 වැනිදා සිට තාවකාලිකව අත්හිටුවා තිබෙන බවයි.

එසේ තිබියදීත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන හිටපු නියෝජ්‍ය පොලිස්පති කේ. පී. පී. පතිරණ, රියර් අද්මිරාල් ආනන්ද පීරිස්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පත්මසිරි මුණසිංහ සහ බි‍්‍රගේඩියර් කාරියවසම් යන මහත්වරුන්ගේ කිසිදු අනුදැනුමකින් තොරව, එහි සභාපතිවරයා වන සරත් වීරසේකර මහතා විසින් ඒක පාර්ශවිකව කමිටු වාර්තාව ප‍්‍රකාශයට පත්කිරීම අදාළ කමිටු සාමාජිකයන් තරයේ හෙළාදකින බවද කී‍්‍රඩා අමාත්‍යාංශ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

සරත් වීරසේකර මහතා ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිත්වය දැරූ කාලපරිච්ඡුයේදීම සිදු වූයේ යැයි කියන මෙම මූල්‍ය අක‍්‍රමිකතා සෙවීම සඳහා ඔහුගේම සභාපතිත්වයෙන් අභ්‍යන්තර විමර්ශන කමිටුවක් පත්කිරීම කිසිසේත් සුදුසු නැති බවද කී‍්‍රඩා අමාත්‍යාංශය අවධාරණය කරයි.

කරුණු එසේ හෙයින් මෙම මූල්‍ය අක‍්‍රමිකතාව පිළිබඳ සොයාබැලීම සඳහා කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් බි‍්‍රගේඩියර් පි‍්‍රයන්ත සමරතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන ලදි.

එහෙත් පෞද්ගලික හේතු මත බි‍්‍රගේඩියර් පි‍්‍රයන්ත සමරතුංග මහතා එම කමිටුවෙන් ඉවත් වීමෙන් පසු විශ‍්‍රාමලත් විනිසුරු උපාලි සමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිව් පුද්ගල කමිටුවක් කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පසුගිය මස 27 වැනිදා පත්කරන ලදි.

 



අදහස් (0)

කී‍්‍රඩා අමාත්‍යංශයෙන් ‘වීරසේකර වාර්තාව’ ප‍්‍රතික්ෂේප කෙරේ

ජානක Sunday, 09 June 2013 11:45 AM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site