නම හා උපන්දිනය ලියූ ලිපියක් ද සමඟ වත්තල නායකකන්ද යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ නේවාසිකාගාරය ඉදිරිපිට අතරමංකළ තුං හැවිරිදි දැරිය පානදුර ප්‍රජාපති ළදරු නිවසට බාර දෙන ලෙස වත්තල මහේස්ත්‍රාත් නියෝග කළේය.
මෙම දැරියගේ භාරකාරත්වය ගැන මෙතෙක් තොරතුරු ලැබී නැතැයි කියන පොලිසිය තොරතුරක් දන්නා අයකු වෙතොත් 011 29 30 222 හෝ 011 29 32222 අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු අහනවා මොන හිතකින් දාලා ගියාද කියලා. සහතික ඇත්ත. නමුත් මම නම් හිතන්නේ එම දෙමාපියන් හෝ එක් අයෙකු ඇය දමාගියේ යහපත් සිතින්. තමන්ට ඇය පෝෂණය කළ නොහැකි නම්, තවත් කෙනෙකු හට බාරදීමට නීතිය අනවශ්‍ය ලෙස හරස් වේ නම්, වෙන කුමක් කරන්නද? දියණියේ, ඔබට යහපත් අනාගතයක් සදාදීමට යහපත් අයෙකු හෝ යුවලක් හමුවේවා කියා පතමි. (නි)
හදා ගන්න බැහැ කියල ළමා නිවාස වලට තමන්ගේ දරුවෝ දෙන්න බැරුව ඇති. එකය් මෙහෙම කරලා තියෙන්නේ. ඒ ගැන සමාවක් දෙන්න පුළුවන් (ම)
මෙච්චර ලොකු කරලා දාලා යන්නේ හදාගන්න බැරි නිසයි. මේ අම්මා හොයලා එයාට දෙන්න එපා. නිවාසෙකට දෙන එක හොඳයි. මරන්නේ නැතුව දාලා ගිය එක හොදයි.(හේ)
පුංචි දුවගේ මිලියන ගණනක් වටිනා සිනහව දැක්කම පපුව පත්තුවුණා. මේ වගේ දරු පැටියෙක් දාලා ගියේ ඒ අම්මා හිතකින් නම් වෙන්න බැහැ. මොනවාහරි අපහසුතාවයක් නිසා වෙන්න ඇති. තෙරුවන් සරණයි පුංචි දුවේ! දූ පැටියාට ආදරේ කරන රත්තරන් දෙමාපියන් දෙදෙනෙක් ලැබේවා! (නි)
අහිංසක ළමයි දෙමාපියන්ගේ වැරදි (ම)
මුහුණ දැක්කහම පපුව පිච්චිලා ගියා (නි)
තමන්ට ඇත්තටම හදාගන්න බැරි නම් කෙළින්ම කියලා නිසි තැනකට බාරදෙන ක්‍රමයක් ඇතිකළොත් නරකද , පස්සේ අනේ අපොයි කියනවට වඩා...... (නි)
අපිට දරුවෝ නැතුව අපි කොච්චර සල්ලි වියදම් කළාද? අනේ අපිට දරුවෙක් ලබන්න පින් නැතිවුණා. (නි)
කිරිසප්පයට මොකුත්ම තේරෙන්නේ නැහැ .මීට පෙරත් එසැණ පුවත් සේවය දරුවන් අතැහර දමාගිය පුවත් වාර්තා කළා. ඇතැම් මවුපියන්ට දරුවන් හදාවඩා ගැනීම අපහසු විට, උදවු කිරීමට රජය මැදිහත් වෙනවා නම්, අසරණ දරුවන් මෙසේ අනාථ නොවනු ඇත. (නි)
අනේ චූටි දුවේ, ඔයාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි. මම ඉන්නේ පිටරට. කවදා හෝ මම ඔයා බලන්න එනවා (නි)
පිටබැද්දර ජයා, අපි දන්නා දන්නා උදවිය එකතුවෙලා මේ වගේ දරුවන්ට පිහිට වෙන්න අරමුදලක් හදනවා නම් මටත් මා ඉන්නා රටේ සිට මගේ විශ්‍රාමික දීමනාවෙන් මුදලක් පරිත්‍යාග කරන්න පුළුවන් (නි)
මේ දරුවා හදා වඩාගන්න ප්‍රශ්නයක් ඇති. නැත්නම් අම්මෙක් මේතරම් නපුරුවෙන එකක් නැහැ. බබාගේ නමයි, උපන් දිනයයි තියෙනවා නම් සියලුම කච්චේරි වල අවුරුදු 3ක් ඇතුළත පොත් පරීක්ෂා කළාම සියලු විස්තර හොයාගන්න පුළුවන්. ආපසු අම්මාට දෙන්න එපා. ළමා නිවාසය හොඳයි. (නි)
ලංකාදීප පුවත්පත මෙවැනි සිත සළිතකරවන පුවත් ගැන අප දැනුවත් කරනවා. පාඨකයන් ලෙස අපිට බැරිද එකමුතු වී අගනා සමාජ මෙහෙවරක යෙදෙන්න? අපට දිය හැකි පමණින් ආධාර කරන්න පුළුවන්නේ.මම හිතනවා පිටබැද්දර ජයා වැනි අය මූලිකත්වය ගෙන ක්‍රියාකළොත් අපට හැකි අයුරින් අපි ආධාර කරන්නම්. (නි)
පුලුන්වන් නම් මට දෙන්න හදාගන්න.අසරණ දරු පැටියා. (නි)
මේ බබා මට හදාගන්න ගන්නේ කොහොමද? (බ)
අනේ මේ වගේ කිරිකැටියෙක් මොන හිතකින් දාලා ගියාද මන්දා? (නි)
කිරිකැටි සිනාව රටක් වටී මයේ පුංචි පැටියෝ....ඔයාට සැබෑ ආදරය කරුණාව දක්වන දෙමාපියන් යුවලක් හමුවේවා....!.(බ)
මේ දරුවාගේ ටිකිරි හිනාව දකිනකොට නම් මට හිතෙන්නේ මේ දරුවා වාසනාවන්ත දරුවෙක් කියලයි. මොකුත් අනතුරක් නොකර මෙහෙමවත් ආරක්ෂාකාරී තැනක දාලා ගිය එක ගැන සතුටු වියයුතුයි. කවුද දන්නේ හදාගන්න වත්කමක් නැතුව දාලා ගියාද කියලා. (නි)
පව් දෙවියනේ අහිංසක දරුවා. කාටවත් බැනලා වැඩකුත් නැහැ. රටේ අනාගතය මීටත් වඩා භයානක වියහැකියි. (නි)
අනේ පවු අහිංසක පොඩි දරුවා! (නි)
අනේ පව් දෙයියනේ! ළමා නිවාසෙකටවත් භාරදෙන එක හොඳයි (නි)
අනේ පවු පොඩි එකී. මෙහෙම හරි දාලා ගිය එක ලොකු දෙයක් ගඟකට මුහුදට දාන්නේ නැතුව. (නි)
දරිද්‍රතාවය නිසා ලංකාවේ කාන්තාවන් දැඩි මානසික අවපාතයකට ලක්වෙලා. කොටසක් විශාල මුදල් උපයමින් දේශපාලනයේ, රජයේ රැකියාවල නියැලෙන අතර අනෙකුත් ජනතාව අපාදුක් විඳිනවා. (නි)
චන්ද්‍රා වීරසිංහගේ අදහස ගොඩක් හොඳයි (නි)
ඇසට කඳුළුත් අාවා (නි)
ලංකාවේ අහිංසක ගැහැණුන්ට දරුවන්ට කන්න දෙන්න බැරි බව තමා මෙයින් පෙනෙන්නේ. (නි)
මොන හිතකින් මේවා කරනවද? (නි)
අහිංසක දරුවන්ට කරදරයක් නොකරපු එක හොදයි...සමහරු කරන්නේ හිත් පිත් නැති වාවන්නේ නැති දේවල් ..අනික රජයෙන් දරුවකු හදා ගන්න බැරි අයට විශේෂ වැඩපිළීවෙළක් හැදිය යුතුයි.(ම)
අවුරුදු තුනේ දැරියට උප්පැන්න සහතිකයක් තාම නැතුව ඇති. හරිනම්, වසරක් ඇතුලත ලියා පදිංචි කළ යුතුය.(ම)
මට දුන්නොත් හදාගන්නවා (ම)
මේ ළමයාව හරියට හදාගන්න පුළුවන් කෙනෙකුට දෙන්න හොයලා බලලා ආදරෙන් හදා ගන්න (ම)
පව් අහිංසක ලස්සන දරුවෙක්. මොන හිතකින් මේ දරුවාව දාලා ගියාද මන්දා (නි)
මොන හිතකින් දාලා ගියාද? (නි)
අනේ දෙවියනේ! (නි)
ඇළේ දොළේ දාන්නේ නැතුව ළමා නිවාසයක් ළඟ දාලා ගිහින් තියෙන්නේ ආදරේ නැතුව නෙමෙයි. මෙච්චර කල් රැකබලාගෙන තියෙනවානේ (නි)
මේ දරුවාගේ දෙමාපියන්ට බැනීමෙන් ඇති වැඩක් නැහැ. ඒක ඒ දරුවාගේ ලැබීම (නි)
මේ දරුවා හොයල බලල දරුවන් නැති යුවලකට පවරන්න. ළමා නිවාස කියන්නෙත් එච්චර ආරක්‍ෂිත තැනක් නෙවෙයි (ම)