ඉපදී දින තුනකින් පසු රාගම රෝහලේ දමා ගිය බිළිදාගේ මව හා පියා සොයා ගත හැකි එකම මාර්ගය ජංගම දුරකථනය පමණක් බවත් ඔවුන් රෝහලට දුන් ලිපිනයන් හි ඔවුන් නැති බවත් පොලිසිය කියයි.
දරුවා රෙදිකඩින් ඔතා මුල්ලක දමා ගොස් සිටියදී රෝහල් සේවකයින් විසින් සොයා ගත් බවත් යම් හෙයකින් දරුවා කිසිවෙකුට නොපෑගිම පුදුමයක් බව කියති.
එම දරුවා පානදුර ළමා සුරැකුම් මධ්‍යස්ථානයට බාර දෙන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව දැන් සුළු දේවල් වෙලා (නි)
රෝහලකට ඇතුළුවීමේදී ජාතික හැඳුනුම්පතේ අංකය රෝගී ඇඳ හිසපතට ඇතුළු කිරීම අනිවාර්ය කළයුතුයි (නි)
මේක නිසා තමයි මම මීට කලිනුත් කිවුවේ යම් ස්ත්‍රියක් දරුවෙක් ලැබීමට සිටින කාලයේදී ඇය විසින් සහභාගි වන සායන සඳහා පළමුව පැමිණීමේදී හෝ දෙවන තුන්වන අවස්ථා වලින් එකකදී ඇයගේ ස්වාමියා නැතහොත් දරුවාගේ පියාගේ පැමිණීම අනිවාර්ය කර ඔවුන් දෙදෙනාගේම ඩී. එන්. ඒ. පරික්ෂාව කර එම වාර්තා අදාළ රෝහලේ ලේඛනාගාරගත කරන ලෙස. (නි)
දරුවො නැති අම්මලා කොච්චර දුක් විඳිනවද. දරුවෙක්ගෙ අගයක් දන්නෙ නැති මිනිස්සු! (නි)
කෞශල්‍යා, එ්කට තමයි කියන්නේ පව සහ පින කියලා. ජයම්පතිගේ කතාව හරි. (නි)