කවුරුන් නිලවරණයට ඉදිරිපත් වි නිලතල ලැබුවත් තමන්ගේ රාජකාරිය නිසියාකාරව කළ යුතු බවත් ක්‍රිඩා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් මෙම නිලවරණයේදී ගත් තිරණ සම්බන්ධව ජනපති හා අගමැති හට ලිපියකින් දැනුම් දි ඇති බවත් ඉදිරියේදී මේ සම්බන්ධව සිදුවන්නේ කුමක්දැයි බලා සිටින බවත් වාරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසිය.
ක්‍රිඩා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියා පටිපාටිය පිළිබඳ තමන් සෑහිමකට පත් නොවන බවත් ඒ සම්බන්ධව තිරණයක් නොගන්නේ මන්දැයි ක්‍රිඩා අමාත්‍යවරයාගෙන් ඇසිය යුතු බවත් රණතුංග මහතා කීවේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අද පැවැත්විණි. එහිදී සභාපති පුටුව සඳහා තිලංග සුමතිපාල මහතා තේරී පත්වූ අතර නිශාන්ත රණතුංග මහතාගේ පාර්ශවයෙන් උප සභාපති ධූරයට තරග කළ අර්ජුන රණතුංග මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 80ක් පමණි. ඒ අනුව උප සභාපති ධූරයට ජයන්ත ධර්මදාස හා කේ.මතිවානන් යන මහත්වරු තේරී පත්වූහ. සභාපති ධූරයට තරග කළ තිලංග සුමතිපාල ඡන්ද 88 ක් ලබාගත් අතර නිශාන්ත රණතුංගට ලබාගැනීමට හැකිවූයේ ඡන්ද 56 ක් පමණි.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු හිතන්නේ එයා විතරක් හරි, අනිත් හැමෝම වැරදියි කියලයි (නි)
සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා (නි)
කියන්නකෝ දැන් මේකටත් ඉතින් මොනවාහරි කතාවක්.... (නි)
අපි දන්නවා පැරදුනාම ගොඩක් කතන්දර තිබෙනවා කියලා. මුළු රටම දන්නවා තිලංගට කරන්න පුළුවන් කියලා. (නි)
මෙතුමා හැමදාම නහයෙන් අඩනවා.වැඩක් කරන්නෙත් නෑ කරන්නත් බෑ.වෙලා තියෙන්නේ මෙතුමාට චන්දෙ නොලැබුන එක. ඉතින් එකට නහයෙන් අඩනවා. (කෞ)
මේ රණතුංග පවුලට උනේ හොඳම පාඩම.(කෞ)
කාට කාටත් මෙය හොඳ පාඩමක්.(හේ)
හොඳ තරයකින් ජය ලැබුවා.(හේ)
අපි ඔය ප්‍රතිඵලය කලින්ම දැනගෙන හිටියා.(හේ)
අල්ලමුද ඔට්ටුවක්? ඊළඟ ටී20 වර්ල්ඩ් කප් එකට (හේ)
තණ්හාය ජායති සෝකෝ ..(හේ)
නියමයි සුදුස්සාට පුටුව හිමි වුනා. (හේ)
දැන් බලමුකෝ මේ අයගේ වැඩටික.(හේ)
බලයත් ධනයත් අතර තරගයක්.(හේ)
ලංකාවේ ක්‍රිකට් වලට වැදගත් වැඩක් කරන්න.(හේ)
නිශාන්ත රණතුංග පැරදුන එක නම් ලොකුම දෙයක්. දයාසිරිගෙ ආම් එක මරු (බ)
හොඳ තරගයක්.(හේ)
මෙතරම් බලයට කෑදර මොකද (බ)
කොහොම රසයක් ඇත්ද මෙතන මෙහෙම් තරග කරන්න !! කල්ලිවාදයට හොදම තවත් හොඳ උදාහරණයක්'(බ)
තිලංග සියයට සීයක් හොදයි කියල අපට කියන්න බැහැ එ්ත් නිශාන්ත රණතුංගට වැඩිය දහස් වාරයක් හොදයි, මොකද නිශාන්ත තව අවුරුදු කීපයක් හිටිය නම් ලංකාවේ ක්‍රිකට් නැත්තටම නැති වෙනවා, ඒ ගැන ශ්‍රී ලංකාවාසී හැම දෙනාම දන්නවා, කරන්න පුළුවන් හැම වංචාවක්ම ඒ වගේම හැම අසාධාරනයක්ම කරලා දෙවියන්ටවත් බැහැ මාව මේ පුටුවෙන් හොල්ලන්න කියලයි හිතාගෙනයි හිටියේ ,,, මලයාගේ වැරදි දැක දැකත් නොදැක්ක වගේ හිටපු අර්ජුනට මේක හොද පාඩමක් ක්‍රිකට් කියන්නේ රණතුංග පවුලේ බුදලයක් නොවන වග දැන්වත් සිතා ගත යුතුයි (බ)
ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න සහ ලෝකයේ පළමු තැනට ඒම සඳහා කටයුතු කිරීමට දිරිය ලැබේවා !!!! (බ)
ක්‍රිකට් ආයතනය සහෝදර සමාගමකට ඉඩ නැති බව අර්ජුනට පේනවා නේද (බ)
මේ දෙන්නම එකම බෝට්ටුවේ තමයි .එ්ත් තිලංග අාපු එක, ටිකක් හොදයි නිශාන්තට වඩා (බ)
ලොකු දෙයක් .රණතුංග කල්ලියට මේකට රිංගන්න බැරි වෙච්ච එක (බ)
දැන්වත් ලංකාවේ ක්‍රිකට් දියුණු වෙයිද?(හේ)
ලංකාවේ ක්‍රිකට් වලට ආදරේට නම් කොහොමත් මේ අය මේ නිලතල වලට පත් වෙන්නේ නෑ.(හේ)
බලාගෙන ඉමු මොකක්ද ඊළඟ කොටස කියලා.(හේ)
මෙන්න යහපාලනය. ජය - පරාජය සියලු දෙනාම නිහතමානීව විඳ දරා ගත යුතුය. (බ)
තිලංග ඔබට සුබ පැතුම් රටේ නම ලෝකයට ගෙනියන මේ ක්‍රීඩාව නැවත නගා සිටවන්න ඔබ සහ ඔබේ කණ්ඩායමට හැකියාව ලැබේවා (බ)
හොර රංචුව පන්නපු එක නියමයි. (බ)
යහපාලනයේ තරම අර්ජුනට දැන් තේරෙනවා ඇති. ලංකාවේ කොයි දේ වෙන්නෙත් ඇත යටින් තමයි. (කෞ)
අයියෝ ක්‍රිකට් ඉවරයි.(හේ)
අපේ උණුසුම් සුබ පැතුම්.(හේ)
අර්ජුන දිනුවානම් ඔය එක ගැටළුවක් වත් නැහැ. ඇත්ත නම් පරාජය දරාගන්න අමාරුකම. (බ)
ක්‍රිකට් ක්‍රීඩාව රණතුංගකරණය වීම වැළකුණු එක නම් අගය කරමි. නමුත් තිලංග මළ මේකටම ඉල්ලන්නේ ඇයි දන්න කාලෙක සිට..? හොඳට මුදල් විසිකරලා තිබෙනවා වගේ. අයි.සී.සී.එක දන්නේම නැද්ද මෙයා තුරඟ තරඟ සුදු ව්‍යාපාරයට කොනකින් හරි ගැවිලා ඉන්නවා කියා.(අ)