විස්සයි විස්ස ලෝක කුසලානය දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාර්ලිමේන්තුවේදී පිළිගැනීම අද (09) සවස සිදු කෙරිණි.
කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් ක්‍රිඩකයන් උණුසුම් අන්දමින් පිළිගත් අතර ඔවුන් වෙනුවෙන් විශේෂ තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.
ක්‍රිඩා කණ්ඩායමකට පාර්ලිමේන්තුවේදී උපහාර දැක්වු ප්‍රථම අවස්ථාව ද මෙයයි. ක්‍රිඩකයෝ සභා ගර්භයෙහි කථානායක ගැලරියෙහි අසුන් ගෙන ඔවුන් වෙනුවෙන් මන්ත්‍රීවරුන් කළ විශේෂ ඇගයීම් සහ සුභ පැතීමේ කතාවනට සවන් දුන්හ.
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායම් නායක ලසිත් මාලිංග සමග ලෝක කුසලානය අතැතිව ඡායාරූප ගැනීමට මහත් උනන්දුවක් දැක්වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය අපටයි ලංකාවේ . (දී)
මෙන්න නියම විරුවෝ (දී)
හැමෝටම මේ විදිහට රටේ ප්‍රශ්න වලදීත් එකතු වෙන්න පුලුවන්නම් අපේ රට හිතාගන්න බැරි විදිහට දියුණු වේවි. ශ්‍රී ලංකා කණ්ඩායම ජාති ආගම බේදයකින් තොරව එක කණ්ඩායමක් විදහට එක අරමුණක් වෙනුවෙන් මහන්සි වෙලා තමයි මේ දිනලා තියෙන්නේ. (දී)
අපේ ලක් මෑණිව ලෝකේ අන් රටවල් ඉදිරියේ උඩින්ම උසුලා තැබීමට හැකිවූ අපේ ක්‍රිකට් විරුවනට ජාතියේ උපහාරය (දී)
අපේ කොල්ලන්ට ජයවේව (දී)
අපේ කොල්ලන්ට ප්‍රණාමය පුදමි ජය වේවා '' (දී)
ප්‍රසාද්, ඔබේ අදහසට මාගේ ප්‍රසාදය. (නි)
ක්‍රිකට් ජයග්‍රහණ වලදී එකතු වුණ දේශපාලන පක්ෂ වලට, රටේ පොදු කටයුතු සහ ප්‍රශ්න වලදී එකතු වෙලා වැඩ කරන්න නෙහැකි ඇයිද කියලයි මම කල්පනා කරන්නේ. මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ , මහේල සහ සංගාට විශ්‍රාම ගිය පසු දේශපාලන පොර පිටියට නම් වැටෙන්න ඉඩ තියන්න එපා කියලයි. දේශපාලනයෙන් සහ පවුල් අවුල් වලින් කුණු ගඳ නොගහන, ජීවිතයක් ඇති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මාවරුන් ලෙසින් කට පුරා හඳුන්වා දිය හැකි ක්‍රීඩකයන් දෙන්නෙක් ! (නි)
අපේ කොල්ලන්ට මගේ ප්‍රණාමය! 2015 කප් එකත් ගෙනාවොත් මසුරන් වගෙයි. අධිෂ්ඨානයයි අවශ්‍ය වන්නේ. ජයෙන් ජය! (නි)
මේ විදියට සමගියෙන් හැමදාමත් අපිට ඉන්න ලැබේවා! (නි)
රටට කීර්තියක් ගෙනදුන් ඔබට ජාතියේ ප්‍රණාමය! (නි)
පක්ෂ විපක්ෂ සැමදෙනාම සැමදාම මේ ලෙස හිනැහී එකමුතුව ඉන්නවා නම් කොච්චර හොඳද? (නි)
ඇති යන්තම්. දේශපාලකයෝ මෙතැනදීවත් ගහ මරාගන්නේ නැතුව,අපේ ක්‍රිකට් ක්‍රීඩකයො සමඟවත් හොඳින් ඉන්න එක. (නි)
සංගක්කාර දේශපාලනයට පිවිසියොත් පහසුවෙන්ම ජයගත හැකියි කියා මම විශ්වාස කරනවා. (නි)
මේ තරගය නිසා පක්ෂ විපක්ෂ මෙන්ම ජාතීන් අතරත් සමගියක් ඇතිවුණා (නි)
සියළු දේශපාලන පක්ෂ වල සැමදෙනාම වෙනදාටත් මේ ලෙස හිනැහී එකමුතුව ඉන්නවා නම් කොච්චර හොඳද? (නි)
මහේල සහ සංගා, ඔබ කිසිදිනක දේශපාලනයට නම් යන්න එපා (නි)
ලංකා කණ්ඩායම ජාති ආගම බේදයකින් තොරව එක කණ්ඩායමක් විදිහට එක අරමුණක් වෙනුවෙන් මහන්සි වෙලා කටයුතු කළ නිසා අද මෙවන් ජයග්‍රහණයක් ලබන්න හැකිවුණා (නි)
මම දැකපු හොදම දේ අර්ජුන රණතුංග මහතා සංවාදයක යෙදෙමින් පැහැදිලි කීරීමක් කරන ආකාරයයි. ඔබ නොහිටින්න මෙතරම් ක්‍රිකට් වල එළියක්,ආලෝකයක් නැහැ. නුඹ ඇතුළු 50 ඕවර් කණ්ඩායමටත්,චන්දිමාල්ගේ නායකත්වයෙන් පෙරට ගිය 20-20 තරගාවලියේ ජයග්‍රහණයේ නියමුවා වූ මාලිංගටත්,මහේල,සංගා,දිල්ෂාන්, ඇතුළු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් රටට අත්කරදුන් මේ ජයග්‍රාහී ඔටුන්න 2016 දීත් රැකගන්න,ජාති ආගම්,දේශපාලන,උස්මිටිකම් වලින් තොර අදටත් වඩා දක්ෂ ආකාරයෙන් ක්‍රීඩා කරන්න,වාසනාව,ශක්තිය,ධෛර්යය ලැබේවා කියලා පතන අතර,දේශපාල ගුන්ඩු වල නොවැටී ජීවන ගමන කිසිම කරදරයකින් තොරව ජීවත්වීමට වාසනාව සංගාටත්,මහේලටත්,දිල්ෂාන්,මාලිංග,ඇතුළු අනික් ක්‍රිකට් තරුවලට උදාවේවායි පතමි! (නි)
ලෙක්කෝ,ගලබඩට දේශපාලනය අදින්නේ නැතුව ජීවිතයක් නැහැ වගෙයි. දැන් එතකොට හැමදේම කෙරිලා තියෙන්නේ දේශපාලකයන්ගේ පිහිටෙන්ද? (නි)
නරකද මේ අයට පාර්ලිමේන්තු ආසනය බැගින් දුන්නා නම්? (නි)
අනේ කවදාද අපි මේ මානසිකත්වයෙන් මිදෙන්නෙ? පාර්ලිමේන්තුවක් මේ වගේ දේවල් වලට යොදා ගැනීම මම නම් අනුමත කරන්නේ නැහැ. අපේ ක්‍රිකට් විරුවන්ට බුහුමන් දක්වන්න වෙන තැනක් යොදාගත්තා නම් නේද හොඳ? ලෝකය අපිට මේවා දැකලා හිනාවෙයි. (නි)
ක්‍රීඩාවෙන් සියලු දෙනා එකමුතු වේවා! (නි)
මගේ අම්මෝ! සංගා,ඔය සමහරු දාන බෝල වලට නම් අහුවෙන්න එපා ඔන්න. (නි)
මේ ජයග්‍රහණයේදී පක්ෂ විපක්ෂ බේදයක් නැතුව සතුටු වෙනවා නම් අපට පිටින් එන ආපදා වලදීත් රජයටම බනින්නේ නැතිව ඒවා නැති කර ගන්න එකතු වෙන්න.(නදී)
ඩී.උපුල්, පිදිය යුත්තන් පුදන්න ඕනෙ නේද? අපේ රටේ අය සහ ලෝකය වටා විසිරිලා ඉන්න අපේ අය දවසක් කීපයකට හෝ සතුටු කිරීම ගැන අපි ක්‍රිකට් ක්‍රීඩකයන්ට ස්තුති කරන්න ඕනෙ නේද? මහජනතාවගෙ උත්තරීතර ආයතනය හැටියට පාර්ලිමේන්තුව කරල තියෙන්නෙ රටට සේවයක් කරපු කණ්ඩායමකට පිදීම. ඒ දිහා පටු විදියට බලන්න එපා.(නදී)
මට හිතෙනවා සංගක්කාර දේශපාලනයට ආවොත් හොඳා කියලා.(නදී)
අපරාදේ ඔතනට ගියේ.(නදී)
මෙතන වීරයා වෙලා ඉන්න මාලිංග ඔය තැනට ආවේ චන්දිමාල්ගේ ප්‍රශංසනීය කැපකිරීම නිසා. ඒත් චන්දිමාල්ගේ කැපකිරීම කවුරුත් කතා කරන නැහැ (ස)
ජය වේවා සිංහ පැටවුන්ට. අපේ මැති ඇමතිලත් මේ වගේ එකමුතු වෙලා වැඩ කළොත් අපිට ලෝකෙම ජයගන්න පුළුවන් වෙනවනෙ. (ස)
මගේ අදහස නම් කුමාර් සංගක්කාර පොදු අපේක්ෂක විදියට දේශපාලනයට අවොත් රටේ අතරමන් වෙලා ඉන්න බුද්දිමත් ජනතාවට තමන්ගේ ඡන්දය වටිනා විදියට පාවිච්චි කරන්න පුළුවන් වේවි කියලා. සංගක්කාර යනු උගත් බුද්දිමත් නායකයෙක් වගේම නියම මහත්මයෙක්. (නදී)
නියමයි කොල්ලනේ මේවා දකිනකොට මාර සතුටක් දැනෙන්නේ. ලංකාදීපයටත් ස්තූතියි මෙවැනි දේ පළ කරන එකට. ජයවේවා! (නදී)
අපේ රටේ නම ලෝකයටම ගෙනිච්ච සිංහන්ට අපේ උත්තමාචාරය!!! තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා. (ස)
අනේ මේවා දැකලා දේශපාලනයට නම් යන්න එපා ක්‍රිකට් විරුවනි. (ස)
නියමයි. අපේ කොල්ලන්ට ජයවේවා. (ස)