ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නායි නුවර පැවත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවළියකට සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමක් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්ණයක් මත තරගාවලියට සහභාගී නොවී අද දහවල් ආපසු දිවයිනට පැමිණියේය.
පුද්ගලික මට්ටමෙන් පැවැත්වීමට නියමිතව තිබු තරගාවලියක් සඳහා මොවුන් මෙරටින් පිටත්ව ගොස් ඇති අතර ඊයේ(03) රාත්‍රියේ චෙන්නායි ගුවන්තොටුපොළ වෙත ලගා වී ඇති බවත් වාර්ථා වෙයි.
තරගාවලිය අද සිට 07 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්ණයක් මතු වීම නිසා තරගාවලිය පැවැත්වීම සඳහා අදාල ක්‍රීඩාංගනයේ බලධාරීන් අවසර දී නැති බවත් දැනගන්නට ඇත.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලධාරියෙකු සනාත කළේ අද 11.20 ට චෙන්නායි සිට පැමිණි ගුවන්යානයකින් ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායක් ආපසු පැමිණ මුත් ඉන්දීය ආගමන විගමන නිලධාරීන් චෙන්නායි ගුවන්තොටුපොළේදී ඔවුන්ට එරටට ඇතුළුවීමට ඉඩ නොදී ආපසු හරවා එවු බවක් ඔවුන් සනාථ නොකළ බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ මෙය ශ්‍රී ලංකා පාසැල් ක්‍රිකට් කණ්ඩායම හෝ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වු චාරිකාවක් නොව පෞද්ගලිකව සංවිධානය කළ චාරිකාවක් බව දැනගන්නට ඇති බවයි.
මේ අතර ශ්‍රී ලංකා යුධ හමුදා වෙබ් අඩවියේ පළවු පුවතක් නිසා තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිනිය වන ජයලලිතා ජයරාම්ට අපහාස වු බව පවසමින් අද චෙන්නායි හි පිහිටි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ජනතාව උද්ඝෝෂණයක් ඇරඹා ඇති බව ඉන්දීය පුවත් වාර්ථා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පුවත ගෙන සමාව ඉල්ලුව කියල නෙව්ස් පල උනානේ, ඉතින් තව දුරටත් උද්ගෝෂණ කරන්නේ මොකටද? (නදී)
සැම් මහත්තයා මුළු ලෝකයේම ඉතාමත්ම අපිරිසිදුම ලෙඩ රෝග වැඩිම ඉතාමත්ම පහත් පෙලේ නූගතුන් ඉන්න පළාතක් නෙවේ. ඉන්දියාවේ බලගත් ප්‍රාන්තයක් තමයි තමිල් නාඩුව කියන්නේ. ශ්‍රී ලංකා යුධ හමුදා වෙබ් අඩවියේ පළවු පුවතක් නිසා අන්තීමට නිකන් ඉන්න අහිංසක මිනිසුන්ට යන එනමන් නැති උනා (නදී)
කරදර මැද ළමයි අරන් ඉන්දියාවට ගියේ ඇයි (නදී)
හා හරි නස්රී, තමිල්නාඩුව කියන්නේ මහා බලගතු ප්‍රාන්තයක් නම්, මොනවද ඔය තියන බලගතුකම්. තමිල්නාඩුවේ මොකද රත්‍රං, දියමන්ති එහෙම නැතිනම් ඛණිජ ද්‍රව්‍ය ලැබෙනවාද බලවත් වෙන්න. හැබැයි මිනිස් සම්පත නම් එපැයි කියන තරමට නම් තියෙනවා. ඒ එක්ක දුප්පත් කමේ පහලම අඩියට වැටිලා තියෙන ඉන්දියාවේ ප්‍රාන්ත අතරින් එකක් මිසක්. ඔයාට එහි ගියාම බලාගන්න පුළුවනි අපේ රටේ දුප්පත්ම ප්‍රදේශයකත් එම ප්‍රාන්තයත් අතර වෙනස. එ්ක වචනවලින් කියන්නත් බැහැ. මෙය සවිස්තරයක් මිසෙක එම ප්‍රදේශයට කරන නිග්‍රහයක් නොවේ. ඒ අතින් අපේ රට තවමත් වාසනාවන්. නමුත් සමස්තයක් ලෙස ගතහොත් අද වනවිට ඉන්දියාව ලෝක බලවතුන් ගණයට වැටෙන්නයි යන්නේ. එම නිසා අද දින තමිල්නාඩුවටත් බලවත් කමක් ආරෝපණය වෙලා තියෙනවා. ඒක මිසක්. (නදී)
අනේ අර ගලනවා කියපු ගංගාව වත් ඔය ජය ලලිතාගේ සීමාව සමතලා කරගෙන යනවා නම් එතකොට අපිට පුළුවන් මුන් ඇට, කව්පි ඇට, ටිකක් අරන් ගිහින් ගුවනින් ජය ලලිතට අහුලා ගන්න කියල බිමට දමල එන්න (නදී)
අපේ අයට ක්‍රිකට් ගහන්නම යන්න තැනක් නැතුවද එහේ ගියේ .? (නදී)
රිකාස් හරි එත් නස්රිට හිත රිදිලා වගේ. යන එනමන් නැති වෙන අයව බේරාගත්තේ හමුදාව. එ්කත් අමතක කරන්න එපා (නදී)
නස්රී,බන්දුල පෙරේරාගේ මිත්‍රයෙක්ද. (නදී)
අපේ ක්‍රීඩකයන්ට ගහනවා, වන්දනා නඩවලට ගහනවා, සංඝයා වහන්සේලට ගහනවා. අපේ අයටත් ලැජ්ජාවක් නැහැ. ඕක අස්සෙම රිංගන්න හදනවා. එහෙ අය ඕන වෙලාවක ලංකාව එනවා, බොහොම සතුටින් ලංකාවේ ඉන්නවා. අපේ ලාංකිකයන්ටයි බූවල්ලෙන් ගහන්න ඕනේ. එහේ රිංගන්න යනවට (නදී)
අයියෝ, ලෝකේ ඕනෑ තරම් ක්‍රිකට් ගහන්න තැන් තියෙද්දී මොකටද එහෙ යන්නේ. ඒ ගොල්ලන්ට ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳ ගන්න බැරුව, අපේ ප්‍රශ්න වලට ඇඟිලි ගහනවා. (නදී)
ජයලලිතට අපහාස වෙන්න තවත් තැන් ඉතිරි වෙලා තියෙනවද? (නදී)
ලෝකෙම තියන ඉතාමත්ම අපිරිසිදුම, ලෙඩ රෝග වැඩිම ඉතාමත්ම පහත් පෙලේ නූගතුන් ඉන්න පළාත තමයි චෙන්නායි කියන්නේ. ඉතින් මොන දේකටද අපේ අය ඔය නූගත් අයගේ කතන්දර අහන්ඩ එහෙ යන්නේ (නදී) චෙන්නෛ පාලනය කරන්නෙත් ලෝකෙම ඉන්න නූගත් මෝඩ ගැනියෙක්.
රික්ස් සහ සෑම්, මේ කට්ටිය එහෙ යන්නේ වෙන තැන් නැති නිසා නෙමෙයි. ලාබෙට යන්න පුළුවන් නිසා. ලංකාවේ අද තියනවා ඕන තරම් ක්‍රිකට් පන්ති. මේ පන්ති වලින් ළමයින්ව අරගෙන ඉන්දීය සංචාර යනවා. හැබැයි එ්කට ලොකු ගානක් ළමයාගෙන් අය කරනවා. මගේ පුතත් ඔය පන්තියකට යනවා මලයාසියා යන්න අහනවා. මම එපා කිව්වා. මේ සල්ලි හොයන ක්‍රම (නදී)
මේ වාද විවාද වලට වඩා සොයා බැලිය යුත්තේ අපේ දරුවන් මෙවැනි අනාරක්ෂිත තැනකට යැවීමට සංවිධානය කලේ සහ ඊට අවසර ලබා දුන්නේ කවුද කියන එක සොයා බැලීමයි. අනෙක මේ ළමයින්ගේ දෙමාපියනුත් කොයි තරම් මෝඩද ? (නදී)
මුළු ලෝකෙන්ම ශ්‍රී ලංකාව කොන්වී ඇත පාලකයින්ට තියෙන්නේ හැදි මිටේ මොලයක්. ඒකයි මේ හැම දේටම හේතුව (නදී)