IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කි‍්‍රකට් නිලවරණයට එන්න තිලංග සූදානම්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මීලග නිලවරණය සඳහා ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල මහතා පවසයි. කොළඹ සී. සී. සී. කී‍්‍රඩා සමාජ ශාලාවේදී අද (26 වැනිදා) කී‍්‍රඩා සමාජ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව සුමතිපාල මහතා මේ බව පැවසීය. ”මේ නිලවරණය සඳහා ඉදිරිපත්වෙන්න මට කිසියම් බාධාවක් තිබෙනවාද කියා කවුරුහරි මගෙන් ඇසුවොත් ඔවුන්ට දෙන්න තියෙන ඉතාමත් පැහැදිළි සහ සෘජු උත්තරය තමයි ‘නැහැ’ කියන එක”ඒ වගේම මේ නිලවරණය සඳහා ඉදිරිපත් වෙන්න සැබෑම කැමැත්තක් ඔබට තිබෙනවාද කියා කවුරුහරි ඇහුවොත් මට කියන්න තියෙන්නේ ‘ඔව්, මේ විශිෂ්ට කී‍්‍රඩාවට නැවත සේවය කරන්න මා එනවා’ කියන එකයි” යයිද සුමතිපාල මහතා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතා පැවසීය. මෙම රැස්වීම සඳහා කී‍්‍රඩා සමාජ, ආයතනික සංගම්, දිස්ති‍්‍රක් සහ පළාත් කි‍්‍රකට් සංගම් වල නියෝජිතයෝ 80 කට වැඩි දෙනෙක් පැමිණ සිටියහ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන (කලින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලය) නිලවරණයකදී අයකුට දිනාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව 147 කි.  



අදහස් (0)

කි‍්‍රකට් නිලවරණයට එන්න තිලංග සූදානම්

ශිරන්ත Monday, 28 November 2011 04:25 PM

මේ පාරත් ගොඩම තමයි ඉතින්

:       0       0

සිසිර කුමාර Saturday, 26 November 2011 05:20 PM

තිලාන් කියන්නේ හොද ක්‍රිකට් පාලකයෙක් වගේම හොඩ පරිපාලකයෙක්.. අපිත් සුභපතනවා

:       0       0

සදුන් Saturday, 26 November 2011 09:09 PM

අයියෝ සල්ලි.

:       0       0

යමුනා Sunday, 27 November 2011 11:18 AM

ඔබ හොද පරිපාලකයෙක්...

:       0       0

බාමින්ද Sunday, 27 November 2011 03:52 PM

අනේ මහත්තයො ක්‍රිකට්වලට පොඩි හරි ආධරයක් තියනවනම් මේ වැඩ නම් කරන්න එපා

:       0       0

ක්‍රිෂාන් Sunday, 27 November 2011 03:34 PM

සල්ලි කන්දරාවක් වියදම් කරල මෙතනට එන්නේ ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 592 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2285 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site