IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කි‍්‍රකට් නිලවරණය දෙසැම්බරයේදී

ශ්‍රී ලංකා කි‍්‍රකට් අතුරු කමිටුව මේ මස 14 වැනිදා විසුරුවා හැරීමට බලාපොරොත්තු වන බව කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ”ලංකාදීප”යට පැවැසීය.කි‍්‍රකට් නිලවරණයේ සියලූ  කටයුතු ලබන දෙසැම්බර් 15 වැනිදාට පෙර පවත්වා අවසන් කිරීමටද කී‍්‍රඩා අමාත්‍යාංශය මේ වනවිට තීන්දුවක් ගෙන ඇතැයි ද අමැතිවරයා පැවසීය.දැනට අපි හිතාගෙන ඉන්නේ දෙසැම්බර් 15 වැනිදා නිලවරණය පවත්වන්න. දිනය ප‍්‍රකාශ වූවාට පසු දින 21ක් තුළදී නාමයෝජනා කැඳවා අවසන් කරන්නත් අප බලාපොරොත්තු වෙනවා.” යයිද කී‍්‍රඩා ඇමැතිවරයා ලංකාදීපයට පැවසීය.ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ඡන්දයෙන්  තේරි පත්වූ නිලධාරි මණ්ඩලයක් වෙනුවට අතුරු කමිටුවක් කි‍්‍රයාත්මක වන්නේ වසර 2004 මාර්තු 24 වැනිදා සිටය.අවසන් වරට පත්කරන ලද වත්මන් කි‍්‍රකට් අතුරු කමිටුව කි‍්‍රයාත්මක වන්නේ පසුගිය ජුලි 4 වැනිදා සිටය. කි‍්‍රකට්  අතුරු කමිටුවේ සභාපති උපාලි ධර්මදාස මහතාත් ඔහුගේ සොහොයුරකු වන කි‍්‍රකට් අතුරු කමිටුවේ හිටපු සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතාත් එළඹෙන කි‍්‍රකට් නිලවරණයේදී කි‍්‍රකට් ආයතනයේ සභාපතිධුරයට තරග වදින බව ඔවුන්ගේ ආධාරකරුවෝ  ප‍්‍රකාශ  කළහ.ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල මහතා මීට පෙර අවස්ථාවකදී ”ලංකාදීපය”යට ප‍්‍රකාශ කර තිබුණේ කි‍්‍රකට් නිලවරණයක් කැඳවුවහොත් තමා සභාපතිධුරයට නිසැකවම තරග වදින බවයි. වත්මන් කි‍්‍රකට් අතුරු  කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ එහි ලේකම් ධුරය දරන ප‍්‍රකාශ් ෂාෆ්ටර්, සිදත් වෙත්තමුණි හා නිමල් පෙරේරා (භාණ්ඩාගාරික) යන මහත්වරුන්ය. අන්තර් ජාතික කි‍්‍රකට් සභාව මෑතකදී ගත් තීරණයකට අනුව රටක ජාතික කි‍්‍රකට් සංගමය ඡන්දයෙන් පත්වන නිලධාරීන්ගෙන් සමන්විත විය යුතුය. දැනට අතුරු කමිටු කි‍්‍රයාත්මක වන රටවල කි‍්‍රකට් පාලක මණ්ඩල සඳහා  නිලවරණ පැවැත්වීමට  2012  දෙසැම්බර් 31 දා දක්වා අන්තර් ජාතික කි‍්‍රකට්  සභාව කල් දී තිබේ.කි‍්‍රකට් නිලවරණය යළි කැඳවන ලෙස ඉල්ලා කී‍්‍රඩා සමාජ කිහිපයක් මෑතදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට උපදෙස් දුන්නේ අදාළ පාර්ශව එක්ව ඒ සම්බන්ධයෙන්  සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතු බවයි.



අදහස් (0)

කි‍්‍රකට් නිලවරණය දෙසැම්බරයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site