ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය (2011-12) ලබන දෙසැම්බර් 27 වැනිදා පැවැත්වීමට යෝජනා වී ඇතැයි ක‍්‍රීඩා සමාජ ආරංචි මාර්ග සඳහන් කරයි. පැවැති ක‍්‍රිකට් අතුරු කමිටුව ඉකුත්දා (15) විසුරුවා හැරීමට කටයුතු කළ ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඉදිරි මාසයක් ඇතුළතදී නිලවරණය පවත්වන බවද ප‍්‍රකාශ කළේය. ක‍්‍රිකට් නිලවරණය පැවැත්වීම සම්බන්‍ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකට පිළිතුරු දුන් ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් උදය සෙනෙවිරත්න මහතා ඒ සම්බන්‍ධයෙන් මුලික කටයුතු මේ දිනවල සුදානම් කෙරෙමින් පවතින බව පැවසීය. ඒ සම්බන්‍ධයෙන් පවතින අණ පනත් හා රෙගුලාසි පිළිබඳව අවධානය යොමු කිරීමෙන් පසු නිලවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය විධි විධාන යොදන බව ද ඔහු පැවසීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd