ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය (2011-12) ලබන දෙසැම්බර් 27 වැනිදා පැවැත්වීමට යෝජනා වී ඇතැයි ක‍්‍රීඩා සමාජ ආරංචි මාර්ග සඳහන් කරයි. පැවැති ක‍්‍රිකට් අතුරු කමිටුව ඉකුත්දා (15) විසුරුවා හැරීමට කටයුතු කළ ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඉදිරි මාසයක් ඇතුළතදී නිලවරණය පවත්වන බවද ප‍්‍රකාශ කළේය. ක‍්‍රිකට් නිලවරණය පැවැත්වීම සම්බන්‍ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකට පිළිතුරු දුන් ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් උදය සෙනෙවිරත්න මහතා ඒ සම්බන්‍ධයෙන් මුලික කටයුතු මේ දිනවල සුදානම් කෙරෙමින් පවතින බව පැවසීය. ඒ සම්බන්‍ධයෙන් පවතින අණ පනත් හා රෙගුලාසි පිළිබඳව අවධානය යොමු කිරීමෙන් පසු නිලවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය විධි විධාන යොදන බව ද ඔහු පැවසීය.
2025 නොවැම්බර් මස 04
580
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ක‍්‍රිකට් නිලවරණය දෙසැම්බර් 27 ?