IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ක්‍රිකට් නිලවරණ තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණය නිවාඩු සමයේ රැස්වෙයි

ලබන ජනවාරි 3 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට තරග කිරීමට ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ නිලධාරින් පස් දෙනකුට ඒ සඳහා තරඟ කිරීමට අවසරදෙමින් පෙර ලබා දුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(31) තහවුරු කළේය.

දෙසැම්බර් 18 වැනිදා එම නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නමුත් එදින විනිසුරු මඩුල්ලෙහි සභාපතිනිය ලෙස කටයුතු කළ ඊවා වනසුන්දර විනිසුරුවරිය එම නියෝගයට අත්සන් නොතබා විදේශගත වීම හේතුවෙන් අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ප්‍රියන්ත ජයවර්ධන සහ කේ.ටී.චිත්‍රසිරි යන ත්‍රිපුද්ගල  විනිසුරු මඩුල්ල විසින් අද(31) යළිත් වරක් මේ තීන්දුව පැහැදිලි කර දීමට පියවර ගැනිණි.

ලබන ජනවාරි 10වැනිදා තෙක් උපරිමාධිකරණ නිවාඩු සමය  වන අතර මෑත කාලයේදී එවැනි නිවාඩු සමයකදී ශ්‍රේෂ්ඨාධිකරණය රැස්වූ ප්‍රථම අවස්ථාව මෙය විය.

මෙම නියෝගයත් සමඟ උපසභාපති ධූරයට කේ.මතිවානන් සහ අසංග සෙනෙවිරත්න ,භාණ්ඩාගාරික ධූරයට තරඟ කිරීමට ඊස්ට්මන් නාරංගොඩටද, උප භාණ්ඩාගාරික ධූරයට සුජීව ලොකුහේවා සහ නිහාල් ලෙව්කේ යන මහත්වරුන්ට එළැඹෙන ක්‍රිකට් නිලවරණයට තරඟ කිරීමට අවස්ථාව හිමිවේ.



අදහස් (0)

ක්‍රිකට් නිලවරණ තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණය නිවාඩු සමයේ රැස්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site