බණ්ඩාරගම පිළියන්දල පාරේ ගම්මන්පිල වැවේ දියනෑමට ගිය කණ්ඩායමක 18 හැවිරිදි තරුණයකු වැවේ එරී මිය ගිය බව පොලීසිය කියයි.
ඔහු පානදුර රාජකීය විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙකි.
මිතුරන් සමග බාබර් සාප්පුවකින් කොණ්ඩය කැපූ ඔහු හිස සේදීමට පහත් වෙද්දී වැවට වැටී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් අන්කල් ඔරු පදින්නේ උණ බම්බුවෙන්ද? (නි)
අපරාදේ! පිහිනුම් වැඩමුළුවකටවත් සහභාගි වෙලා නැහැ වගේ (නි)
ගම්මන්පිල, වැවේ ඔය කියන තැන නරක තැනක්. මීට වසරකට කලින් අපේ සීය ඔතනම මුහුණ සෝදන්න පාත් වෙන්න ගිහින් වැටිලා මඩේ එරිල නැතිවුණා. ඔතන අනතුරු ඇඟවීම බෝර්ඩ් එකක් ගැහුවනම් හරි.(නදී)
පහන්ට මංඥ්න්ග් වගේ. ඔයා හරි කැමති ඇති නාන තැන් මුර කරන්න.(නදී)
ඇතුවත් බැරි නැතුවත් බැරි පොලිසිය. පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාව හාස්‍යයට ගන්න එපා.(නදී)
ඇත්තෙන්ම මෙවැනි කුඩා ජලාශ වලට වැටුනහම හරි නානකොට හරි ජලාශයේ පයතබා හිටගන්න යාම නිසයි අනතුරට පත්වන්නේ. ජලය සැමවිටම අපව ඔසවනවා. ඒ බව නොදන්නා අය ගිලෙනවා. මියගිය සිරුර ජලය මත පාවෙන්නේ ඒ නිසයි. අඩුගානේ පාසල් ළමයින්ට දියේ පාවෙන හැටිවත් උගන්වනවානම් යහපත්.(නදී)
ගියේ නාන්ට .උනේ මැරෙන්ට .ඔය වයසට කවුරුවත් කියන දෙයක් අහන්නේ නැ.නිවන් සුව පාර්ථනා කරමි .(අ)
නීල් ඔබ හරි! මේ වගේ වැඩමුළු වලට වැව අමුණු ගඟ වගේ ඒවායේ හොදට පීනලා පුරුදු රූපවතී වගේ අයත් සහබාගි කරගන්න පුළුවනි! (අ)
මේ වගේ තැන් වල පීනන්න අමාරුයි. අල්ල ගන්න තැනක් නැති වෙන්න ඇති..... නිවන් සුව පතමු..!!(නදී)
ඔව් පහන්, ඒක තමයි කරන්න ඕනෑ (නි)
අනතුරුදායක තැන්වල නාන අයට සහ බීමත්ව අනතුරුදායක තැන්වල නාන අයට දඩ ගැසිය යුතුයි කියා මම කියන්නේ අවුරුදු 5 ක ඉදලා.මගේ මෝඩ කතාව කවුරුවත් අහන්නේ නැහැනේ. (නි)
මිතුරන් කවුරුවත් විහිලුවට තල්ලු කළේ එහෙම නැහැ නේද? (නදී)
දක්ෂ ක්‍රීඩකයෙක් බැලන්ස් නැතිව වැටෙන්න? මෙතැන රහසක් ඇත.මට යාලුවෝ සැකසහිතයි (නි)
මොන ක්‍රීඩකය වුනත් පිහිනන්න නොදන්නාකම ලොකු අඩුවක්. ලංකාව මුහුදෙන් වටවෙලා තිබුනත් පිහිනන්න දන්නා අයගේ ප්‍රතිශතය ඉතාම පහළයි. පාසල් දරුවන් සඳහා පිහිනුම් වැඩමුළුවත් පවත්වනවා නම් හොඳයි. (නි)
අයියෝ සල්ලි
හිදින ඇවිණගෙන මෙසසර බිලියේ- විදින මෙසැප ජරයෙන් තැලි තැලියේ දකින නැටුම් වැනි විදුලිය එළියේ- මෙදැන නොකර කුසලට කම්මාලියේ.(නදී)
මේ කාලයේ වැව් වල දියේ ගිලීමෙන් උන මරණ ප්‍රවනතාවය වැඩියි. ප්‍රමාණය වැඩියි. මේ ළමයත් ගලත් වැටුන වගේ එක පාරටම යට යන්නේ නැහැනේ. ඉතින් අර යාලුවෝ කාටවත් බැරි වෙලානේ මේ ළමයට අතක් වත් දෙන්න. කොහොම උනාද හිතාගන්න බැහැ.(නදී)
වෙලාව ආපුවම කවුරුත් යායුතුයි.(නදී) .
පොලිසියේ අන්කල්ලා ඔරු පදින්නත් දන්නවෝ (නි)
පීනන්න බැරිද ? (නි)
පහත් වෙන කොටද කවුරු හරි තල්ලු කලාද හොයල බලන්න. තරුණ ළමයෙක් අකාලයේ සමු ගත්තා. නිවන් සැප ලැබේවා!(නදී)
ගෙදරට යනකන් ඉවසන්න බැරි වෙලානේ නාගන්න.(නදී)