තමන් ක්‍රිකට් ආයතනයේ සිටියේ නම් හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ඕස්ට්‍රේලියාවේ පුහුණුකරුවකු වීමට ඉඩ නොදෙන බවත් අපේ රටේ ක්‍රිකට් ආයතනයට ක්‍රිකට් බැරි නිසා දක්ෂ ක්‍රීඩකයන්ට අවස්ථාව දීමට කැමැති නැති බවත් හිටපු ක්‍රිකට් නායක හා වරාය ඇමැති අර්ජුන රණතුංග මහතා අද (26) කොළඹ දී පැවසීය.
‘ක්‍රිකට්, ඔලිම්පික් සහ 20 විස්ස‘ මාතෘකාව යටතේ අද ග්‍රෑන්ඩ් ඔරියෙන්ටල් හෝටලයේ පැවැති සංවාදයකදී රණතුංග මහතා එසේ කීවේය.
‘මම මුරලි නම් ඔය වැඩේ බාරගන්නේ නැහැ. නමුත් මුරලි ඒක බාර අරන් තියෙනවා. ඒක හරිද නැද්ද කියලා අපි පැති කිහිපයකින් බලන්න ඕනේ. ඕස්ට්‍රේලියාවේදී අපට අඩම්තේට්ටම් කළා. මුරලි පන්දුව දමා ගහනවා කියලා දෝෂාරෝපණය කළ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයම මුරලිදරන් ගන්න හදනවා පුහුණුකරුවෙක් හැටියට. එතැනදී අපි ලෝකයට ඔප්පු කරලා තියෙනවා අපි කළ දේ හරි කියලා. පොඩි කාලයකට හරි මෙවැනි කොන්ත්‍රාත්තුවක් අත්සන් කිරීමෙන් මුරලිදරන් ජයග්‍රහණය කළා. ක්‍රිකට් ආයතනය තේරීම් කමිටුවේ හිටපු සනත් ජයසූරිය ඉවත් කළා. එරික් උපශාන්ත ඉවත් කළා. පුෂ්පකුමාර ඉවත් කළා. චමින්ද වාස්, උපුල් චන්දන ඉවත් කළා. ඒ වෙනුවට විදේශීය පුහුණුකරුවන් ගෙනාවා. ක්‍රිකට් ආයතනයට ක්‍රිකට් දැනුම නැහැ. ඒ අය බලන්නේ තමන්ට පාලනය කර ගන්න පුළුවන් මුදලක් දීලා හෝ තානාන්තරයක් දීලා යටත් කරගන්න පුළුවන් පුද්ගලයින්ට තනතුරු දෙන්න. අද ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රිකට් ආයතනයට වඩා පහළින් ඉන්නවාද කියලා සැකයක් තියෙනවා.‘ යැයිද ඔහු සඳහන් කළේය.
COMMENTS
මෙතුමා කියන කතාවේ අැත්තක් තියනවා. නමුත් ශ්‍රි ලංකාවේ ක්‍රිකට් දියුණු කළෙත් නැතිකළෙත් මෙතුමා කියලයි මම කියන්නේ. ක්‍රිකට් මේ තත්වයෙන් ගොඩගන්න මෙතුමාට උවමනාවක් තියනවා නම් කණ්ඩායමේ පුහුණුකරු වෙන්න ඕනෑ මෙතුමා. (නි)
අර්ජුන ඇතුළු කණ්ඩායම එදා මුරලි වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා. මුරලි කියන්නේ ජාතික වස්තුවක්! දෙපැත්ත කන අය නිසා අපේ රටට අපේ ක්‍රීඩකයෝ කී දෙනෙක් නැතිවුණාද? (නි)
බොර දියේ මාලු බෑම (ම)
පිටරට ඩොලර් බැංකුවට දානකොට සමහරුන්ට ජාත්‍යාලය නැති බව අපි දන්නවා (නි)
ඇත්තම කියන්නම්. මම ඔය ක්‍රීඩාව ගැන උනන්දුවක් එච්චරම නැහැ. එ්ත් අවුරුදු 20-30 කට ඉස්සර තිබුන ජවය, ක්‍රීඩාලෝලීන්ගේ ආකර්ෂණය දැන් නැහැ කියලයි මම හිතන්නේ. හේතුව එදා ක්‍රීඩකයෝ ක්‍රීඩා කළේ ඇත්තටම ක්‍රීඩාවක් වශයෙන් මිස මුදල් පසුපස යන්න නොවෙයි. අද ඒ අය බලන්නේ සහභාගි වුණොත් ලැබෙන වැඩිම මුදල කීයද කියලයිෙ. ඉතින් කොහොමද තවත් දෙයක් ගැන හිතන්නේ. (නි)
අපේ රට ලෝක මට්ටමේ ක්‍රීඩා වලින් දස්කම් දක්වල නැහැ. 95 දී දක්වපු දස්කම් ගැන සැකයෙන් බලන්න වෙනවා. 95 ප්‍රතිපල වල බලපෑමෙන් මේ දක්වා දක්ෂතා දැක්වුව. හරියට චේන් එකක් වගේ.දැන් ඒවා ඉවරයි. ක්‍රිකට් කියන්නේ ලංකාවේ තවත් එක ක්‍රීඩාවක් විතරක් බවට පත් වෙනවා.එක වලක්වන්න බැහැ. (අ)
මොහුට තිබුන නේද මුදල් වලට ක්‍රිකට් පාවා දුන්න කියල දෝෂාරෝපණයක්.. මොහු වරායත් කනවා කියල තමයි ආරංචිය ...(අ)
මුරලිගේ ක්‍රිකට් දිවිය නැතිකරන්න හදපු අයටම තමන්ගේ රටට එරෙහිව පුහුණුව දෙන්න යන එක කොයිතරම් සදාචාරාත්මකද කියලා බලන අය තේරුම් ගනියි. ඔබතුමාට බාරදුන්න වරායවත් හරියට කරන්නේ නැතුව ක්‍රිකට් ගැන මොනවා කරන්නද? (නි)
අර්ජුන මේවට සම්බන්ධ නොවී එයාගේ ආයතනය හරියට පාලනයන කරනවනම් .....(අ)
අනේ මන්ද / ඔක්කම සල්ලි වලට (අ)
රටේ තියෙන ලොකුම අර්බුදය ඕක තමයි මහත්තයෝ. ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න වුවමනාවක් නැති අයට ක්‍රිකට් භාර දෙනවා. වරාය දියුණු කරන්න වුවමනාවක් නැති අයට වරාය භාර දෙනවා. (ම)
මුරලිගේ දැනුමෙන් අපේ රටේ ක්‍රිකට් වලට ප්‍රයෝජනයක් ගන්නේ නැත්නම් මුරලිට උඩ බලාගෙන ඉන්නද කියන්නේ ? (ම)
ඒ වගේමයි වරාය ඇමතිටත් වැඩ බැහැ (බ)
පුහුණුකරුවෙක් කියන්නෙ පුහුණු කරුවෙක්..ඒකට තමයි ගෙවීමක් කරන්නේ. වගකීමක් භාරදෙන්නෙ..එහෙම බැලුවොත් අපේ 96 ලෝක කුසලානෙ දිනාගත්ත වෙලාවේ වට්මොර් අපෙ පුහුණුකරුවා වෙලා ඕස්ට්‍රේලියාව පරද්දනකොටත් ඔහොම හිතලා අයින් වුනානම් ? (බ)
නවරත්න බණ්ඩාර, මම අහල තියෙන්නේ පළමුව මවුබිම කියලයි.... ඇයි ඔයා අහල නැද්ද දෙවනුවත් මවුබිම, තුන් වෙනුවත් මවුබිම කියල එක්කෙනෙක් කිව්වා. (බ)
ටෙස්ට් තරඟාවලිය නම් කර ඇත්තේ මුරලි-වෝන් කුසලානය යනුවෙනුයි. ඒ ඔවුන් දෙදෙනාට උපහාර පිණිසයි. එහෙත්,මුරලි ඔස්ට්‍රේලියාවට සහාය දීමෙන් කුසලානය හාස්‍යයට ලක් වෙනවා. එච්චරයි,වෙන ප්‍රශ්නයක් මෙතන නැහැ. (බ)
වැඩේ කියන්නේ එයාලට අපේ අයව පුහුණුකරුවන්ට ගන්න හිතෙන්නේ අපේ රටත් එක්ක ක්‍රීඩා කරද්දී විතරනේ. (නි)
කවුරුහරි මොනවාහරි කරන්න අනේ කතාව නවත්තලා. අපි පාලකයෝ පත්කරලා තියෙන්නේ මේ දෙබස් කතා අහ අහා ඉන්න නෙමෙයි. අවශ්‍ය දේ කරන්න. (නි)
අර්ජුන කියන දේ සාධාරණයි (බ)
ඔස්ට්‍රේලියා පුහුණුකරු අපේ එකෙක්, අපිට ආඩම්බරයි. ඒවගේම අපේ දැන් උන්ගේ හැකියාවන් ගැන අපිට අවතක්සේරුවක් නැහැ .මුරලි ආවට බයත් නැහැ. (බ)
මම අහල තියෙන්නේ පළමුව මවුබිම කියලයි (බ)
මෙතුමා කියන දේ ඇත්තක් තියෙනවා. මුරලිව ඔස්ට්‍රේලියාව ගන්න කලින් අපිට මුරලිගේ සේවය ගන්න තිබුනා නේද. නමුත් අපි එහෙම කළේ නැහැ. මුරලිගේ දැනුමෙන් අපේ රටේ ක්‍රිකට් වලට ප්‍රයෝජනයක් ගන්නේ නැත්නම් වෙන රටකින් හරි ප්‍රයෝජනයක් ගත්තට වරදක් නැහැ. අනෙක අපි 1996 ඔස්ට්‍රේලියාව පරද්දලා ලෝක කුසලානේ දිනනකොට අපිව පුහුණු කළේ වට්මෝර් කියලා මතකයි නේද. (බ)
වට්මොර් ගැන පණ්ඩිත කතා කියන අයට කියන්න තියෙන්නේ එයා ඉපදුනේ ලංකාවේ ගියේ රාජකීය විද්‍යාලයට. ඉතින් එයා ලංකාවට උදව් කරන්න හේතුවක් තියෙනවා. මුරලි ඔස්ට්‍රලියාවේ ඉපදිච්ච හැදුනු වැදුණු කෙනෙක් නෙවෙයිනේ. (බ)
යහාපලනය කියන්නේ මේකට තමයි. (බ)
තිලංග එක්ක තියන මුගේ පුද්ගලික වෛරය මෙතනත් ප්‍රදර්ශනය කරනවා. මෙයා හරි සුද්ද වන්තයානේ නූගත් සහෝදරයව වරායේ සභාපතිකරගෙන අම්ම උපදේශිකාවක්, අනේ මෙහෙම තන්හාවක්, (බ)
තිලංග කියන්නේ අව්වේ ක්‍රිකට් ගහපු ක්‍රිකට් ඇගේ තියෙන කෙනෙක් නෙමෙයි අපි ඒගැනත් කල්පනා කරන්න ඕන (බ)
අපේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රයෝජනය ගත්ත හැම රටක්ම හොඳ ප්‍රතිපල ලබාගත්තා. මහේල-එංගලන්තය,මුරලි-ඔස්ට්‍රේලියාව(ලියොන් ගේ පන්දු යැවීමෙන් එ්ක තහවුරු වුණා) හතුරුසිංහ-බංගලාදේශය, පුබුදු දසනායක-නේපාලය,චමින්ද වාස් ද මීට ඇතුළත් කරන්න කැමති. ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ අනාගත දස්කම් ගැන විශ්වාසයක් තබන්න අමාරුයි. (බ)
ඕස්ට්‍රේලියාව හැමදාමත් කළේ තමන්ගේ විරුද්ධ පිල මානසිකව අවුල් කරන එක. මුරලි මීට කලිනුත් ඔවුන්ගේ දඟ පන්දු යවන්නන් පුහුණු කළ කෙනෙක්. මේ සැරේ අමුතුවෙන් දවස් 10 කට ළඟට ගත්තේ අපේ රටේ අයව මානසිකව අවුල් කරලා ප්‍රශ්න ඇති කරලා ඒකේ වාසිය ගන්න. දැන් ඔවුන් සාර්ථක බව හැමෝටම පේනවා. නමුත් මුරලිට තිබුනා තමන්ගේ රටේ ක්‍රිකට් අමාරු තත්වෙක තියන මේ වෙලාවේ ඕක නොකර ඉන්න. (නි)
අර්ජුනගේ කතාවට මමත් එකඟයි. ඒ වගේම මුරලි බිබිසි සිංහල ප්‍රවෘත්ති වලට කියනදේටත් එකඟවෙමි. (නි)