කි‍්‍රකට් ඇතුරු කමිටුව විසුරුවා හැරීමට ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පියවර ගත්තේය. ක‍්‍රිකට් අතුරු කමිටුව විසුරුවා හැරීමෙන් පසු නිලවරණය පවත්වන තෙක් මෙරට ක‍්‍රිකට් පරිපාලන කටයුතු පවත්වා ගෙන යාමේ නිසි බලධාරියා ලෙස ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් උදය සෙනවිරත්න මහතා පත් කර තිබේ. අද විසුරුවා හරින ලද කි‍්‍රකට් ඇතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස උපාලි ධර්මදාස මහතාත් එහි සෙසු සාමාජිකයන් ලෙස ප‍්‍රකාශ් ෂාෆ්ටර් (ලේකම්), නිමල් පෙරේරා (භාණ්ඩාගාරික) හා සිදත් වෙත්තමුණි යන මහත්වරු කටයුතු කළහ. වත්මන් ක‍්‍රිකට් අතුරු කමිටුව පත් කරන විට තමා එය මාස හයකට පමණක් සීමා කරන බවට දුන් ප‍්‍රතිඥාව ක‍්‍රියාවට නංවමින් විසුරුවා හැරීමට ඇමතිවරයා කටයුතු කර තිබේ. නිලවරණය දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd