(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරීම පිළිබඳව රජය හෝ තමන් කිසිවක් නොදන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) උදෑසන ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කර ඇති බවට මාධ්‍ය වල පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාගෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමිනි.
ක්‍රිකට් අතුරු කමිටුවට පත් කර ඇති සාමාජිකයන් සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයා අනුමැතියක් ගෙන නැතැයි ද මෙහිදී අනාවරණය වී තිබේ.
අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් අද (06) සවස පැවැත්වෙන ඇමති මණ්ඩල හමුවේ දී ක්‍රීඩා ඇමතිවරයාගෙන් විමසා සිටීමට ඇමතිවරුන් කිහිප දෙනකු සුදානමින් සිටින බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ක්‍රිකට් වැනි ආයතනයකට අතුරු කිමිටුවක් පත් කිරීමේදි සාමන්‍යයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කරන මුත් ක්‍රීඩා ඇමතිවරයා ඒ ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කර නැතැයි ද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි දැන් කිව්වම, ජනාධිපතිට ඕන ශම්මිව තියාගන්නද? පොලිස්පති පත්කර ගන්න බැරි මිනිහාගෙන් මොනවා කියලා කර ගන්නද?...
ඒ සැරේ මේ මනුස්සයා බාල්දියක් දාන්න වගේ හදන්නේ ඔයාලගේ විකාර අපිට වැඩක් නැහැ. අපිට ඕනේ රටේ ක්‍රිකට් ගොඩගන්න...
ක්‍රීඩා පනත අනුව අතුරු කමිටුවක් පත්කරන්න ජනාධිපතිවරයා දැනුවත් කළ යුතු බව හෝ ඔහුගෙන් අවසර ලබාගත යුතු බව සඳහන් වෙලා තියෙනවද? එහෙම නැතිනම් ඇමැතිවරයාට සෑහීමකට පත්වෙන්න පුළුවන් කරුණු තියෙනවා නම් ඔහුගේ කැමැත්තට කරන්න පුළුවන්ද කියලා දන්න කෙනෙක් පැහැදිලා කරන්න.
හොරකමේ ගියපු මිනිහා කියනවා එයාගෙන් හොරකම් කරලාලු.. ඉතිං අපිට නම් සතුටුයි..
ඉතින් ඔයා මොකද කළේ ... මෙච්චරකල් ක්‍රිකට් අන්තයටම යනකම්...!
අපොයි.. පොතේ හැටියට නීතියට අනුව හැමෝම දැනුවත් කරලා තීන්දු තීරණ ගන්න කෙනා. ඔයාට ඕනෑ ශම්මි නේද?
බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගිහින් මේකද වුණේ? ක්‍රීඩා ඇමැති ඉන්නේ මොකටද?
මෙයා දැන් කියයිද "ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා|" පත් කිරීම පිළිබඳව රජය හෝ තමන් කිසිවක් නොදන්නා බව? ශම්මිටත් රීලෝඩ් එකක් දාලා දෙන්න වගේ !!! ජනවරමක් නැති පිං ජනාධිපති මෙහෙමද රටේ යහපත් පාලනයක් ඇති කරන්නේ..?
මෙයත් ඒ පාර අර සිරා වගේ වෙලාද? පත්තරෙන්ද දැනගත්තේ...? ඒ අයට කරගන්න දෙයක් කරගන්න දීලා ඔබතුමා රටේ ප්‍රශ්න විසඳන්න බලන්න...!
අන්තිමට බැංකු හොරු, ක්‍රිකට් හොරු ඔක්කොම එක ගොඩට එයි. හොරු ඔක්කොම යාළුවො නෙ.
රටම උලා කාපු මැදමුලනේ හොරු මහ බැංකු හොරාව පත් කලේ අනෙක් හොරුන්ව රකින්න කියලා දැන් රටේම ජනතාව දන්නවා
කිසිම දෙයක් හරියට වෙන්නේ නැති එකෙන් තේරෙනවා මෙයා කොච්චර දුර්වල මිනිහෙක් ද කියලා
මෙයාට චන්ද්‍රිකා ජනාධිපතිනියට හොරෙන් කොටි / නෝර්වේ එක්ක රටටම බලපාපු ගිවිසුම් ගහන්න හොඳයි.
සොම්බි රනිලා අයවැය චන්දෙ දිනාගෙන ඕක විසුරුවනවා. ඕකා දැන් ඕකට බාල්දි දාන එකක් නැහැ සමහරවිට . හැබැයි ඉතින් බාල්දියක් .දැම්මත් ප්‍රශ්නෙකුත් නැහැ සොම්බියා දන්නවා පාදඩ රාජපක්ෂලට මහා චන්දෙකට යන්න තව හුස්ම ටිකක් ඕනා කියලා'.
අපේ රටට යහපතක් කරන්න අපි ක්‍රිකට් අවසන් කර එල්ලේ ක්‍රීඩාවට අවධානය යොමු කරමු.
ගෝඨාභය එළෙව්වා වගේ slc එකේ ඉන්න සෙට් එකම ගහලා යවන්නයි වෙන්නේ.. ක්‍රිකට් නැත්තටම නැති කළා....
මෙයා අපෙන් ඡන්දෙ අරගෙනද ජනාධිපති වුණා කියන්නේ... යන්න... යන්න...
දේශපාලකයෝ කියන්නේ තමන්ට වාසිවෙන විදිහට කතාකරන, වැඩකරන කට්ටියක්... මේ කතාවෙන් ඒක හොඳාකාරවම පැහැදිලි වෙනවා..
පාස්කු ප්‍රහාරය වෙලාවෙත් මෙයා මෙහම තමයි කිව්වේ. එයාව ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගි කරගත්තේ නැහැ කියලත්, එයාව කව්රුත් දැනුවත් කළේ නැහැ කියලත්. මෙතැන මේ ආණ්ඩුවේ ඉලක්කය ඊළඟ ඡන්දය කොහොම හරි දිනලා, හිරේ යන එක වළක්වන්න කපටි උත්සාහයක් කරන මිස, රට ගොඩ දාන්න කිසිම ප්‍රායෝගික වැඩ පිළිවලක් නැහැ.
මහණෙනි, මහසොර කෙසේ නම් බලවතුන් ඇසුරු කෙළේ වේද: මහණෙනි, මෙ ලොව්හි මහසොර රජකු හෝ රජමහඇමතියන් හෝ ඇසුරු කෙළේ වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි. ‘ඉදින් කිසිවෙක් මට කිසිවක් කියන්නේ නම්, මේ රජවරු ද රජමහ ඇමැතියෝ ද මාගේ දොස් සඟවා කරුණු කියන්නාහ’ යි. ඉදින් කිසිවෙක් ඕහට කිසිවක් කියා නම්, ඒ රජවරු හෝ රජමහඇමතියෝ හෝ දොස් සඟවා (ඔහුගේ නිදොස්බවට) යුක්ති බෙණෙත්. මහණෙනි, මෙසේ මහසොර බලවතුන් ඇසුරු කෙළේ වේ. මහණෙනි, මේ අංග තුණෙන් යුත් මහසොර ගෘහසන්ධි ද සිඳුනේයි, වොලොගැන්ම ද කරණේයි, එක්ගෙයක් පැහැරගැණුම ද කරණේයි. කඩපලා සොරකම්හි ද යෙදෙන්නේයි. මහණෙනි, එපරිද්දෙන් ම දහම් තුණෙකින් යුත් ලාමක භික්ෂු ගුණවිසින් සාළ ගුණවිසින් නට ආත්මය පිරිවටයි. වරද සහිතයෙක් ද නුවණැත්තන් විසින් දොස් කියයුත්තෙක් ද වෙයි. බොහෝ පව් ද ප්‍රසව කෙරෙයි. කවර තුණෙකින යත්: මහණෙනි, මෙහි පවිටු මහණ විෂමස්ථාන ඇසුරු කෙළේත් ගහනස්ථාන ඇසුරු කෙළේත් බලවතුන් ඇසුරු කෙළේත් වෙයි. මහණෙනි, පවිටු මහණ කෙසේ විෂමස්ථාන ඇසුරු කෙළේ වේද, මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ විෂම වූ කායකර්මයෙන් යුක්ත වෙයි, විෂම වූ වාක්කර්මයෙන් යුක්ත වෙයි, විෂම වූ මනඃකර්මයෙන් යුක්ත වෙයි...
මාධ්‍ය ආයතනවල සහ මාධ්‍ය කරුවන්ගේ අයුතු මාධ්‍ය රැකවරණය සැලසීමෙන් සැබෑ තත්වය ජනගත නොවීමෙන් දේශපාලන හොරු සහ ව්‍යාපාරික හොරු, සුදු කරපටි හොරු මෙන්ම පැවිදි ශ්‍රමණ දුශ්ප්රතිපත්තියෙහි බැස ගත් පිරිස ඔවුන්ගේ සුපුරුදු අසීලාචාර දිවි පෙවෙත ජයටම කරගෙන යත්... ජනමාධ්‍ය භාවිතා කොට සුළුතරයකගේ සුඛ විහරණය පිණිස හොරුන් ආරක්ෂා කිරීම, බලයට පත් කිරීම, රටකට සමාජයට මානව වර්ගයාට කරන බලවත් අපරාධක් බව කිව යුතුයි. ජනමාධ්‍ය රැකවරණය හා උපකාර, හොරුන්ට සහ දුශ්ප්රතිපත්තියෙහි වූ පැවිදි පිරිසට ලබා දීම, මාධ්‍ය ආයතන සහ මාධ්‍ය කරුවන් ඒ ඒ රාජ්‍යයේ නීතියේ රැකවරණය ලබමින් අන්තර් ජාතික සම්මුතීන්ගෙන් ආවරණය සලසා ගැනීම කණගාටුදායන ව්‍යසනයක් බව ද කිව යුතුයි.
අවංකව වැඩක් කරන්න හදන මිනිහෙකුට වැඩක් කරන්න දෙන්නෙත් නෑ. ඔබතුමා කරපු හරි එක වැඩක් කියන්න. " බල්ලා පිදුරු කන්නෙත් නෑ...
පින් ජනපතියා පවුල් පාලනේ අයත් එක්ක හොරෙන් හොරෙන් ඩීල් දාන එක අපිවත් දැනගෙන හිටියේ නැහැනේ?
එහෙනම් ඇමති කෙනෙක් අවශ්‍ය නැද්ද. දැන් මෙතනදි හැම දෙයටම ඇමතිට බනින අය හොඳට බලන්න, ඇමැති වැඩ කරන්නේ නෑ කියලා අපි බැන්නට වැඩ නොකරන්නේ ඇයි. වැඩ කරන්න ගියාම උඩින්ම ඇවිත් කකුලෙන් අදිනවා.
මෙයාට ඇමතිගෙන් වැඩක් නෑ.. නැත්නම් ඇමතිට ආරාධ්නා නැතිLPL final එක බලන්න තෛයම යෛද?
කොහොමත් රනිල් කැමති ඉංග්‍රීසි කතාකරන කෝට් අදින , මහා පරිමාණයෙන් වංචා දුෂණ කරන , අර්ජුන මහේන්ද්‍රන් , රවී කරුණානායක , ශම්මි සිල්වා වගේ කට්ටියටනේ ,