උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා 'අද' පුවත්පතේ අමිත් මධුරංග මාධ්‍යවේදියාට අසභ්‍ය වචනයෙන් බැණ වැදීමේ සිද්ධිය හෙළා දකිමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කළේය.
තම හිතවතෙකුට කැළණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පදවියක් සම්බන්ධයෙන් කිරිඇල්ල මහතා නිකුත් කළ ලිපියක් ගැන දුරකතනයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ දී එම මාධ්‍යවේදියාට බැණ වැදුණු බව එම නිවේදනයේ කියයි.
තමාට ලැබුණු ප්‍රවෘත්තිය ගැන අනෙක් පාර්ශවයෙන් විමසමින් සමබර වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියාට බැණ වැදීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එම නිවේදනයේ සඳහන් කරයි.
කිරිඇල්ල මහතා එම ලිපියෙන් කියා ඇත්තේ අදාල තනතුර පිරිනැමීමේදී එම පුද්ගලයාගේ සුදුසුකම් සැලකිල්ලට ගන්නා ලෙසය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි මේගොල්ලෝ හැසිරෙන්නේ ශාන්ත දාන්ත මිනිස්සු වගේ. මේගොල්ලොත් එක්ක වැඩට බභින්න ඕනෑ කියන අසභ්‍ය වචන බලන්න. (නි)
ලොක්කට පුලුවන් නම් පොඩ්ඩට බැරි මොකද? අවුරුදු 20 කට පස්සේ ආ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නත් ඕනෑනේ. (නි)
එයා එහෙම කතා කියන්න හරි දක්ෂ බව 2009 ඉඳලම පෙන්වා තියෙන බව මතක නැද්ද? මෙහෙම අයට හොඳම ඇමතිකම මහාමාර්ග විතරයි. මොකද පාරේ තොටේ රස්තියාදුකාරයෝ කියන කතානේ කියන්නේ. විශ්ව විද්‍යාල නම කියන්නවත් එපා මින් මතුවටවත්. (නි)
මතක තියාගත්තොත් හොඳයි. මීටවඩා කුණුහරප කී අය අගෝස්තු 17 සහ ජනවාරි 09 වෙනිදා ගෙදරම ඇරියා හොඳේ ! ජනබලයට ඔය කොයි බලයත් යටයි (නි)
මෙයා ගැන ඉතින් අපිට කියන්න එපා. මේවගේ කටවල් බොහොම සුළුතරයක් තමයි තියෙන්නේ. දන්නා වචන ටික ඉතින් කියලා දාන්න ඇති. (නි)
අමාත්‍යවරයෙක් විදියට හැසිරෙන්නේ නැත්නම් ජනතාව ඔබ ගැන තීරණයක් ගනීවි (නි)
කලබල වෙන්න එපා. මේ යහපාලනය නොවැ (නි)
හිටපු කණ්ඩායම ගෙදර යවලා යහපාලනය තෝරාගත්තේ කුණුහරුප අහන්න නෙමෙයි. (නි)
කලබල වෙන්න එපා මල්ලිලා.ඕන කෙනෙකුට ඕනෑ දෙයක් කින්නත් පුළුවන් (ම)
එක් වැරැද්දක් වසා ගන්නට ගොස් වැරදි දෙකක් සාදා ගත්තා කිව්වලු (නි)
මොනවා කියලද බැන්නෙ? (නි)
යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙන හැටි දැන් අපිට පෙනෙනවා (නි)
අපිත් හෙළා දකිනවා (නි)
අජිත් රණසිංහ මහත්මයා කිරි ඇල්ල ඇමතිතුමාගේ හෙන්චයියෙක් පාටයි. නියම ජනමාධ්‍ය කරුවන්ගේ වගේකීම දූෂිත දේශපාලඥයින් ආරක්ෂා කිරීමවත්, ඔවුනට ගොට්ට අැල්ලිමවත් නොව අමිත් මධුරංග මාධ්‍යවේදියා සිදුකළ ආකාරයට විචාර බුද්ධියෙන් කරුණු සොයා බලා, මහජනතාව වෙත ඇත්ත ඇතිසැටියෙන් දැනගැනීමට සැලසීමයි.අමිත් මධුරංග මාධ්‍යවේදියා ඔබට තුති. (බ)
කොහෙවත් ඉන්න කබ්බෝ ෆෝම් කළාම ඔහොම තමයි...මහලොකු යහපාලනය...(බ)
යහ පාලනය රෙද්ද පල්ලෙන් බේරෙන එකට දුමින්දට සතුටු ඇති. කොහොම වුනත් මේ වගේ මුසල මන්ත්‍රීවරුන් නිසා තමයි ආන්ඩු එපා වෙන්නේ මිනිසුන්ට (බ)
ඕනෑ කෙනෙකුට පත්කිරීම් කරන්නත් පුළුවන්නේ (නි)
නොමග නොයන් පුතේ නුඹට පාමංකඩ , තොප්පිගල වනාන්තර ඇතේ (බ)
අපේ එස් බී ඇමතිතුමා තව හොඳයි කියලා හිතුනා මේක ඇහුවට පස්සේ. (නි)
නියම අධ්‍යාපන ඇමති! (නි)
මේ වගේ අයට අධ්‍යාපන ඇමතිකමක් දීමත් වැරදි වැඩක්. එතකොට පොඩි අයත් කුණුහරප කියන්න ගනීවි (නි)
මේකෙන් පැහැදිලිවෙන ප්‍රධානම කරුණ නම් තම වෘත්තිය, විෂය හෝ රාජකාරිය පිළිබඳ හරි අවබෝධයක් නොමැතිකම. සියලුම දන්තයන් සොයා නොගෙන කුමක් හෝ කම් නැත යන පහත මට්ටමක සිට කටයුතු කිරීම. සියලුම තරුණ ජනමාධ්‍යවේදීන්ට ආචාර ධර්ම පද්ධතියක් සහ ආයතන සංග්‍රහ පනතක් නව ව්‍යවස්ථාවට ඇතුළත් කර විශේෂ විශ්ව විද්‍යාලයක සහතිකයක් හෝ අමාත්‍යංශ විශේෂ බලපත්‍රයක් මඟින් ක්‍රියාකිරීමේ කාලින අවශ්‍යතාවයක් තිබෙන බව පෙනේ (නි)
කතා කරනකොට කිසිම චාරයක් නැහැ (නි)
නොමඟම යන් පුතේ, නුඹට රටක් නැතේ. (නි)
අපිත් හෙළා දකිනවා (නි)
මම ලොකුවට යහපාලනය වෙනුවෙන් කතාකරන මිනිස්සු යහපාලනය වෙනුවෙන් කරන දේවල් තමයි මේ (නි)