‘ඕනෑ ගොනකුට යුද්ධ කරන්නට පුළුවන් යැයි කියූ ලක්ෂ්මන් කිරිඇල්ල උසස් අධ්‍යාපන ඇමැති මේ දවස්වල ඔප්පු කරමින් ඉන්නේ ඕනෑ ගොනකුට උසස් අධ්‍යාපන ඇමැතිකම කරන්නට බෑ කියා‘ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද එන් එම් පෙරේරා මධ්‍යස්ථානයේ ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය හමුවක දී පැවසීය.
‘අද කිරිඇල්ල මහත්මයා විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් පත් කරන්න නියෝග නිකුත් කරන ඇමති බවට පත් වෙලා තියෙනවා. කැලණිය විශ්ව විද්‍යාලයට එක ලියුමක් යවනවා, ඊට පස්සේ තව ලියුමක් යවනවා රජරට විශ්ව විද්‍යාලයයට. මේ විදියට වයස නොසලකා මෙතුමාගේ ලියුම්වලට ආචාර්යවරුන් බඳවා ගන්නවා. මේ පිළිබඳව මාධ්‍යවේදියකු ඇහුවාම කුණුහරුපයෙන් බැන වදින්න තරම් උද්දච්ච මානසිකත්වයකට කිරිඇල්ල අප්පො පත් වෙලා තියෙනවා.‘
උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ මේ තුච්ච පහත් ක්‍රියාව හෙළා දකින බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරිඇල්ල මහත්මයා වගේම තමයි ඔය කියවන මහත්තයත්,කතා කරපු ගමන් පේනවා පුදුමාකාර දැනුමක් උගත් කමක් තියන බව.කකුළු තියරිය කියන්නේ මේකට තමයි (කෞ)
ඔව් ඔව් මමත් දැක්කා එෆ් බි එකේ. (ර)
තියෙන මෝඩ කම නේ.කට නිසා නේ. (බ)
විපක්ෂයට ගියාම තමයි මාධ්‍ය ගැන අනුකම්පාව ඇති වෙන්නේ .(බ)
හොඳට නරකට දෙකම කටමය.(ම)
මාද්‍යවේදීන් ගැන මෙච්චර දේශපාලකයෝ දුක් වෙන කාලයක් මෙට කලින් කවදාද තිබුණේ? (ම)
ඔවුන් පත් කරපු උන් දැන් උන්ගෙ වැරදි කියනකොට කියන එකාට බැනලා ශේප් වෙනවා. ඇයි ගවයිනේ ඉස්සර වෙලා උන් හොද නෑ කියලනේ තොපි මුන්ව පත් කරේ. දැන් යහපාලන අය කරන්නේ ඉස්සර උන්ටත් හපන් වැඩනේ. නීහතමානීව තොපි තෝරපු නායකයොත් තොපි වගේම හරක් කියලා පිලිගනිල්ලා. බොරු ටෝක්ස් දෙන් නැතුව අර ඕන ගොනා වගේ...(බ)
සුනිල්, 88-89 කාලේ, 90- 94 කාලේ, 94-200 කාලයේත් එහෙම වෙන්න වෙලා තිබුනා. (නි)
සුනිල්, මීට කලින් ආණ්ඩුව කාලේ මීටත් වඩා දුක් උනා, දැන් මේ ආණ්ඩුවේ ඉන්න උදවිය.. ඔය ඉක්මනට අමතක උනාද? (ර)