ප්‍රවෘත්ති හිඟයක් ගැන කතා කරන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රවෘත්ති මවමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව යා කෙරෙන පාලමක් ගැන ප්‍රචාරය ගෙන යන බවත්, එවැනි පාලමක් ඉදි කිරීමේ අරමුණක් නැති බවත් මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මඟ නැඟුම උත්සවයක දී පැවසීය.
දේශීයත්වය අගය කරන බව කියන ගම්මන්පිල මහතා ලංකාවේ අගමැතිට වඩා ඉන්දියාවේ ඇමැතිවරයකු කියන කතාව පිලිගෙන ඇති බව පෙනේයැයි ද ඔහු කීවේය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට උද්ඝෝෂණ හා විරෝධතා සඳහා මාර්තෘකා අහේනියක් ඇති බව පෙනේයැයි ද, මීතොටමුල්ලේ කුණු කන්ද අල්ලාගෙන ඇත්තේ එනිසා යැයි ද ඇමති සඳහන් කළේය..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වික්‍රම, ඔයාට මාර අදහස් තියෙන්නේ. ඔයාට තේරෙන්නේ නැතුව ඇති ඒ පාලම සම්බන්ධ වෙන්නේ ලංකාවේ උතුරු පළාතත් ඉන්දියාවේ දකුණු ඉන්දියාවටත් කියන එක. (නි)
මෙවන් චරිත වලට කීදෙනෙක් විරුද්ධවෙයිද බලමු (නි)
පව් අනේ...! කිරිඇල්ල හොඳ උත්තරයක් දීලා. (නි)
ගම්මන්පිල කියන්නේ දේශයට ආදරය කරන උතුම් මනුස්සයෙක් (නි)
ඇත්තනේ ඉතින්. කුණු කන්දක් හරි අල්ලගන්න එපැයි. ගම්මන්පිල ගැන නම් අපි කතාකරන්නවත් කැමති නැහැ (නි)
'උදයට මිගෙල් - ගොම්මනට දනියෙල්' වගේ කියලා කියමනක් අළුතෙන් හදන්න හිතුණා මට (නි)
කිරිඇල්ල මහතාට ජයවේවා! (නි)
වාසි තැනට ළංවෙලා ඉන්න අය දකින්න අපි කැමති නැහැ (නි)
මේ දෙන්නගෙන් කවුරු ඇත්ත කියනවාද කියලා හිතාගන්න ටිකක් අපහසුයි. මොකද දෙන්නම දේශපාලඥයෝ නිසා. අනේ මන්දා. අරහෙන් චීනා, මෙහෙන් ඉන්දියා... අපි කොහොමද අතපය දිගහැරලා නිදාගන්නේ. (නි)
ඕනෑ කෙනෙකුට ඔහොම කියන්න බැරියෑ. හැබැයි කරනකොටනේ රඟේ (නි)
ජනතාවට දැන් දේශපාලනය විශ්වාසබංගයක් වෙලා (නි)
විජිත් මහත්මයෝ ඇත්ත පැවසුවාට ඔබට පින්,ස්තුතිය. සිංහලයාගේ අනාගතය ගැන ඔබට පමණි සිහිවී ඇත්තේ,(ම)
මැතිවරණ කාලේ ඉන්දියාවයි ලංකාවයි යාකරන පාලමක් හදනව කියල පොරොන්දු දුන්නෙ ඔය යහපාලන කට්ටියම තමයි (ම)
ඔය ගම්මන්පිලල මන් දන්නවා ලෝකේ ලොකුම බොරුකාරයෙක් (කෞ)
ගම්මන්පිල ඕස්ට්‍රේලියාවේ ඉන්නකල් ලංකාවේ විශ්ව විද්‍යාල හරියට හෑල්ලූ කලා. හොඳට හොයල බලන්න මෙයා ගැන. ඔය කියන ජාති ආලේ තියෙන්නේ එයාගේ ඇඳුමේ විතරයි. (කෞ)
මොහු කරන එකම දෙය රට පුරා පිවිතුරු වෛරය පතුරුවන එක තමයි (ම)
ඔය කියන පාලම හැදුවොත් ශ්‍රී ලංකාවේ උතුරු පළාත ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් වෙන එක නිසැකයි. (නි)
තව අවුරුදු 4 කින් පස්සේ මිනිස්සු ඉස්සරහට ඇවිත් කියන්න පුළුවන් වෙන්න ඕන කවුරු කිව්වත් අපි පාලම් හැදුවේ නැහැ කියල. හැබැයි කියන්න එහෙම එපා මම එහෙම කිව්වේ නැහැ කියල. අර පරණ එක්කෙනා කිව්වේ මට මතක නෑ කියලනේ. වයසට යනකොට මතක නැතුව යනවනේ. (බ)
ඕන ගොනකුට යුද්ද කරන්න පුළුවන් කීව කිරිඅැල්ලනේ මේ මෙයා කියන ඒවා විශ්වාස කරන්න පුළුවන්ද ? (බ)
කිරිඇල්ල මහත්තයෝ, ඔහෙට කුණු කන්ද කෙන්දක් වුනාට ඒ පැත්තේ ඉන්න මිනිස්සුන්ට නම් ලෝක වණයක් ඒක, මිනිස්සුන්ගේ ප්‍රශ්න ඔය විදිහට සුළු කොට තකන්න එපා! (බ)
ඕන කෙෙකුට ඕන දෙයක් නියන්න පුළුවන්. (බ)
ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්ව වගේද දන්නේ නැහැ මෙයාගේ මේ පාලම් ගැන කතාවත්. හැබයි ගම්මන්පිල කියන්නේ රටේ අවශ්‍යතාව හදුනාගත්තු නායකයෙක් (බ)
අගුපිලත් හොඳ වැඩි නේ එයාට (බ)
අපි පිට මිනිසුන්ගේ කතා පිළිගන්නේ ඔයාලව විශ්වාස නැති නිසානේ (නි)
ඕනෑ කෙනෙකුට මෙහෙම තර්කයක් නැති කතා කියන්න පුළුවන් බව යළිත් වරක් ඔබ පෙන්නුවා. අනේ අපේ රට! (නි)
ඕනෑ දෙයක් කියන්න පුළුවන්නේ ඉතින්. (නි)
මේ එක් කෙනෙක්වත් කියන දේවල් අපිට විශ්වාස කරන්න බැහැ. (නි)
එතකොට ඉන්දියා අගමැතිත් බොරු කියන්න පටන් අරගනද ? (කෞ)
ඔන්න බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි (නි)
ඕනෑ කෙනෙකුට ඔයවගේ කතා කියන්න පුළුවන්නේ... කොහොමවුණත් කුණු කන්ද ගැන කියන්න තිබුනේ මීතොටමුල්ලේ අය උඩපැනගෙන ඡන්ද දුන් අයට නේද? (නි)
කොහොමටත් ඒ වගේ කතා බුද්ධිමතුන් පිළිගන්නේ නැහැ තමා. (නි)
ඉන්දියාවයි ලංකාවයි යාකරන කතාව ඇත්තටම මුලින්ම කවුද කිව්වේ හැබෑට? (නි)
මෙයාලා කියන කතා විශ්වාස කරන්න පුලුවන්ද? (නි)
අපි නොදන්නා කට්ටිය! (නි)
එයාලා එයාලගේ ප්‍රශ්න එයාලම බලාගනීනේ... (නි)
පාලමක් දැම්ම හොදයිනේ .ලංකාව ගොඩබිමින් ලෝකයත් එක්ක සම්බන්ද වෙනවා (හේ)