
(වසන්ත චන්ද්‍රපාල)
මඩකලපුව වාකරේ කරුඅප්පන්කේනි වැවේ ගිලි දරුවන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
.මෙසේ මියගොස් ඇත්තේ ගැහැනු දරුවන් දෙදෙනකු සහ පිරිමි දරුවෙකි. මිය ගිය එක් ගැහැනු දරුවෙකුට වයස 11 වන අතර අනෙක් ගැහැනු දරුවාට වයස 10 ක් ද පිරිමි දරුවාට වයස 10 ක් වන බව විමර්ශණ නිළධාරින් පවසයි.
වාකරේ පොලිස් ස්ථානයේ සිට කිලෝමිටර් 35 ක් දුරින් මෙම වැව පිහිටා තිබේ.
මාලු ඇල්ලිමට ගිය පවුල් කිහිපයක පිරිස් මාලු අල්ලමින් සිටියදි ඔවුන්ගේ දරුවන් වැවේ සෙල්ලම් කරමින් සිටියදි දියේ ගිලි ඇති බව පොලිස් විමර්ශණ වලදි අනාවරණය වි තිබේ.
පසුව ගම්වැසියන් එක්ව වැවෙි කිමිදි දරුවන් තිදෙනා සොයාගෙන ඇති අතර ඒ වෙන විටත් තිදෙනාම මියගොස් සිටි බව පොලිසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම කනගාටුදායක පුවතක්. අපරාදේ තරුණ ජීවිත 3ක්. දෙමව්පියන්ගේ නොසැලකිලිමත්කම සහ දරුවන් ගැන නිසි අවධානය නොදීීම තමයි මෙවැනි මරණවලට හේතුව.