කතරගම ඓතිහාසික කිරි වෙහෙර සුවඳ පැනින් නැහැවීම බ්‍රහස්පතින්දා රාත්‍රියේදී සිදු විය.
සඳුන් ,කිරිපැන් ,සුවඳ විලවුන් ,මල් ඇතුළු පුජා ද්‍රව්‍ය රැසක් මුසු කැර සෑදු පැන් බවුසර හතකින් සෑ රඳුන් නහවා උඩ මළුවද සෝදා පිරිසුදු කැරුණේ ඊට දායක වුවන්ගේ සාධු කාර මැද්දේය.
මේ වාර්ෂික පිංකම සංවිධානය කළේ කිරි වෙහෙර රජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පුජාව උතුම්ය. (නදී)
භක්තියෙන් කල වැඩක් නමුත් මේ විලවුන් කොතෙක් දුරට චෛත්‍යයේ මතුපිට පෘෂ්ඨයට හිතකර දැයි සොයා බැලුවාද? මට මතක් වෙනවා පන්සලේ දායක සභාවේදී ලංකාවේ පළමු පෙලේ ව්‍යාපාරිකයෙක් අදහසක් පලකලා ඔහුගේ වියදමින් රුවන්වැලි සෑයට පිඟන් ගඩොලු අල්ලන්නට, වාර්ෂිකව හුණු පිරියම් කරන එක කරදර නිසා. (නදී)
අනාගතේ ඕව රැකගන්න නම් දැම්ම ගෙදර ගිහිල්ල දරුවෝ ටිකක් වැඩිපුර හදන්න. (අ)
රන්ජිත් සිල්වාට ඇති අවබෝදය සියලු දෙනාට ඇතිවේව (අ)
හොඳ වැඩක් නමුත් හොඳයි කියන්න නම් ධර්මයේ හැසිරෙන්න ඕනේ. රන් වැට වල් උසම පිළිම වල් ඔක්කොම තැවත ඉපදීමට හේතු වන කර්ම රැස් කරනවා. මේවයින් මිදීමට නම් ප්‍රතිපත්තියේ හැසිරෙන්න සිත් පහල වේවා කියා පතමි. (නදී)
කොතරම් අනර්ඝ පින් කමක්ද.සාදු..සාදු.. (නධී)
බෝ මැඩ වගුරන කිරිකල දහසින් (දිල්)
සද්ධා ගගුල කිරි දියරෙන් නැහැවෙන වෙලාවේ .... දම් සද දිලෙනවා කිරි වෙහෙරේ වැලිමළුවේ .... සිල්වත පුජා හදින් බැතිබර වුණු වෙලාවේ .... සාදු සාදු මම නමදිමි බුදු සමිදුන් මේ වෙලාව් ... (දිල්)
සාධු..සාධු..සාධු..බුද්ධානු භාවෙන සිත් නෙත් පහන් වී - මෙත් මල් පිපේවා මුදිතා ජලාසේ - නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා - හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානි(දිල්)
සාධු සාධු!! ඔබගේ තුන්දොර ඉහත පැන් වලින් නහවා දමනය කලොත් එවිට කිරිවෙහෙර නාවා ලබාගත් කුසලයට වඩා වැඩි කුසලයක් ලැබේවි! රට ලස්සන වේවි! බුදු දහමේ ප්‍රතිපත්ති පුජාව, ආමිස පුජාවට වඩා ගොඩක් ඉහළ තැනකයි තියෙන්නේ.(දිල්)
සාදූ සාදූ බුදුරැස් දසත පැතිරේවා (අ)