දියර කිරිවලට සීනී ලුණු හා වතුර දමා වැඩිපුර මුදල් ගැනීමේ සිද්ධියක් ගැන මිල්කෝ සමාගමට වෘත්තීය සමිති අනතුරු අගවයි.
මෙවැනි ලුණු මිශ්‍ර කිරිපිටි කිලෝ 1600 ක් සීනී මිශ්‍ර කිරිපිටි 2050 ක්ද අඹේවෙල කම්හලේ ඇතැයි සමස්ථ ලංකා කිරි කර්මාන්ත සංගමයේ සභාපති රොහාන් ගුණසේකර මහතා කියයි.
මිල්කෝ සමාගමේ සභාපති සුනිල් වික්‍රමසිංහ මහතා පවසනුයේ ශිතාගාරවල වැඩ කරන පිරිසක් කිරිවලට සීනි හා ලුණු දමා ඇති බවයි.
‘කවුරුන් හරි අල්ලාගෙන සීනීයි ලුණු යි ද ලා කිරි වලට වතුර ලීටර් දෙසීයක් වතුර දාලා මාසේ අන්තිමට සල්ලි ගන්නවා . ඒවා සොයා ගත්තා.සමාගමේ සාමන්‍යාධිකාරී පී අයි ඕ ප්‍රනාන්දු මහතා මෙසේ කියයි.මේ පාඩුව ඒ අයගෙන් අය කරගන්නයි හදන්නේ .අඹේවෙල කර්මාන්තශාලාවේ විශාල වශයෙන් ලුණු හා සීනී මිශ්‍ර පිටිකිරි නෑ.ටිකක් තියෙනවා.අපි ජනතාවට ඒවා දෙන්නේ නෑ.
වෘත්තිය සමිති කියනුයේ ශිත කිරීමේ මධ්‍යස්ථානවල පළපුරුදු සේවකයින් ඉවත් කිරීම නිසා මේ තත්ත්වය උදා වු බවයි.
කිරි ලීටරයක මිල රුපියල් පනහ ඉක්මවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල ගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත ,..මේ රටේ ලොකු තැන ඉඳලා පොඩිම එකා දක්වා කරන්නේ ගරන එකමනේ. (නදී)
අපිට දැන් ලංකාවේ කිරි බොන්නත් බැහැ. පිටරට කිරි බොන්නත් බැහැ. (ස)
වැඩේ නම් නියමයි (දී)
මේ වැඩේ කරන්නේ මුදල් හොයා ගැනීමේ තණ්හාවෙන් වුණත් අදාළ අය කරන්නේ දේශීය නිෂ්පාදනයක් නැති කිරීමක් බව මේ අයට එකයි පුදුමේ. (ස)
ලංකාවේ ගරන්නේ නැත්තේ හුස්ම ගන්න ඔක්සිජන් ටිකෙන් විතරයි.(නදී)
මෙි කතාව පිටිපස්සෙ පිට රටින් කිරි පිටි ගෙන්නන අර ලොකු සමාගම ඇති. වෘත්තීය සමිති කරන්නෙ මොකද කියලත් හොයල බලන්න. සල්ලි අරන් ලොකු ප්‍රසිද්ධියක්අරන් දෙයි.(අ)
දැන් ගොඩක් අය පිටරටින් එන පිටිකිරි බොන්න කැමති නෑ. ලංකාවේ නිෂ්පාදනය කරන පිටිකිරි වලට හොද ඉල්ලුමක් තියනවා. ඒ අතරේ මේකේ ඇතුලේ කට්ටිය රන්ඩු වෙනවා, මේක තව දියුණුකරන්න බලන්නේ නැතුව. (දී)
එහෙම කරලා, කිරි ලීටරය අපිට දෙන්නේ 175 කට නේද ? (ස)