IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කරු ලන්ඩන් අලි හමු වෙයි

එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභාපති දේශමාන්‍ය කරු ජයසුරිය පසුගියදා පෞද්ගලික සංචාරයක් සඳහා ලන්ඩන් නුවරට පැමිණියේය.

එක්සත් ජාතික පක්ෂයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ නිලධාරි මණ්ඩලය සහ සාමාජිකයින් පිරිසක් සමඟ ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ එජාපයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමේ අරමුණෙන් සංවිධානය කර තිබු රැස්වීමකටද ඔහු  සහභාගී විය.

එජාප මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ ලේකම් දර්ශන දනියෙල්  හා සභාපති හර්ෂ කන්නන්ගර ජයසුරිය එජාපයේ ස්ථාවරය රැකගැනීම අරභයා  බ්‍රිතාන්‍ය ශාඛාව දීර්ඝ කාලයක් තිස්සේ ගෙනගිය වැඩකටයුතු පිලිබඳ විස්තර කළහ.

බ්‍රිතානයේ එජාප ශාඛාව පක්ෂයේ තිර පැවැත්ම උදෙසා ඉටුකරන අගනා සේවය පිළිබඳව සැමදෙනාටම ස්තුති කළ ජයසුරිය මහතා ඔහු එම වැඩකටයුතු නොනවත්වාම ක්‍රියාත්මක කිරීමේ වැදගත් කමද පැහැදිලි කර දුන්නේය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් සහ මහා මැතිවරණයක් පැවැත්වීමට සමීප කාල වකවානුවක විදෙස් ගත එජාප හිතවතුන්ට ඉතාම වැදගත් මෙන්ම බාරදුර වැඩ කොටසක් ඉටුකිරීමටත් වර්තමාන ශ්‍රී ලංකා සමාජයේ දක්නට ලැබෙන සදාචාරාත්මක පිරිහීම, අපරාධ රැල්ලේ ඉහළ යාම, දුෂණය සහ ඒකාධිපතිවාදී දේශපාලනයට එරෙහිව තම පක්ෂය ගෙනයන වැඩ කටයුතු සඳහා උපරිම සහයෝගය ලබාදීමටත් අවස්ථාව උදාවී ඇති බවත් සඳහන් කළේය.

එජාප තරුණ ශාඛාවේ සභාපති ක්‍රිශාන්ත අතුකෝරල ස්තුති කතාව කළේය.

 

 



අදහස් (0)

කරු ලන්ඩන් අලි හමු වෙයි

සරත් බණ්ඩාර Thursday, 29 May 2014 12:31 PM

පිටරට ඡන්දෙත් නැති අපිට මොන දේශපාලනයද (දිල්)

:       0       0

නිමල් Thursday, 29 May 2014 12:42 PM

මෙතුමා යු එන් පි එකෙන් ඉවත් උනා නම් යු එන් පි එක දිනනවා. (ස)

:       0       0

ප්‍රනාන්දු Thursday, 29 May 2014 01:14 PM

ටික උනත් උගත් මිනිස්සු ටිකක් ඉන්නවා. පක්ෂය එකමුතු කරමු. සජිත් ට උපනායක කම දෙමු. පක්ෂය දිනුම්. (ස)

:       0       0

පෙරේරා Thursday, 29 May 2014 01:37 PM

ප්‍රනාන්දු, උගත් උනාට වැඩක් නැහැ, රටට ආදරයක්, හැඟීමක්, අවංක කමක් තියෙන්න ඕන. උගත් අය දැනුත් ආණ්ඩුවේ ඉන්නවනේ. U N P එකෙත් හිටිය, එත් මොකද උනේ? මොකද වෙන්නේ? හරි දේ වෙනවද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site