වැලිගම තල් අරණේදී රිය අනතුරකට ලක්ව රෝහලට ගෙන ආ 55 හැවිරිදි ගැමියෙකුගේ කකුලෙන් අගල් අටක පමණ දිග කූඩැල්ලකු ඉවත් කිරීමට වෛද්‍යවරුනට සිදු විය.
මේ තරම් දිග කූඩැල්ලකු තමා දැක නැතියි විශේෂඥ වෛද්‍ය වී පී ගමගේ මහතා කියයි.
වැලිගම තල් අරණේදී රිය අනතුරකට ලක්ව රෝහලට ගෙන ආ 55 හැවිරිදි ගැමියෙකුගේ කකුලෙන් අගල් අටක පමණ දිග කූඩැල්ලකු ඉවත් කිරීමට වෛද්‍යවරුනට සිදු විය.
මේ තරම් දිග කූඩැල්ලකු තමා දැක නැතියි විශේෂඥ වෛද්‍ය වී පී ගමගේ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තූ සිරිල්, ඉක්මනින් සපයා ගන්න හැකිනම් දෙහි ඉස්ම කූඩැල්ලාගේ මුඛය දෙසට වත් කරන්න. ලුණු වතුරත් හොඳයි. සබන් දියකළ වතුර වක්කිරිමෙන් ද කුඩැල්ලා ඉවත්කර ගත හැකියි. දුම් වැටියෙන් පිළිස්සීම මම අනුමත නොකරමි. (නි)
අපේ පැත්තේ කුඩැල්ලෝ හරියට හිටියා. දැන් බෙහෙතේ ගහලා උන් මැරිලා. කලාතුරකින් තමයි ඉන්නේ. . ඒක දවසක් කූඩැල්ලෙක් මට හරි කරදරයක් කලා. යන්තම් මුත්‍රා කරලා තමයි එලියට ගත්තේ. දිය කූඩැල්ලෝ මිනිස්සුන්ගේ අදෝ මාර්ගයෙන් බඩට ගිහින් තිබෙන අවස්ථාත් තියෙනවා. (නදී)
එතකොට මු කකුලේ ඇතුලේ ගොඩාක් කල් ජීවත් වෙන්න ඇති නේද? (නි)
කකුල ඇතුලෙන්ද නැත්නම් කකුලේ එල්ලිලා උන් කූඩැල්ලෙක්ද? (නි)
දිය කූඩැල්ලෙක් වෙන්න ඇති. දැක්කම බය හිතෙනවා. (නි)
කූඩැල්ලා ලේ බොන්න පෙර ගොඩක් පොඩියි. බිවුවහම ලොකු වෙනවා (නි)
මෙම කූඩැල්ලා ගැන ජෛව විද්‍යත්මක තොර තුරු ගැන හදාරන්ට අවශ්‍ය තැනට යොමු කර වෛද්‍ය නිගමන සහිත වැදගත් ලිපියක්. ජනතාව දැනුවත් කිරීම පිණිස හිතවත් ලංකාදීප පත්තරය මගින් පල කරන මෙන් ඉල්ලා සිටිමි. (නදී)
ඉවත් කරන්න කලින් නෝනාගෙන් අවසර ගත්තාද?(නදී)
ලංකාදීපය ඉතා හොද පුවත්පතකි (නි)
ආපෝ! අප්පිරියයි (නි)
අඩි දෙක හමාරක විතර කූඩැල්ලෙකුත් එක පාරක් මම දැක්කා (නි)
කූඩැල්ල ගලවන්න ලේසිම සහ හොදම ක්‍රමය මම කියන්නම්.කූඩැල්ල ලගට ලං වෙලා කියන්න ඔය කකුලට වඩා අනිත් කකුලේ ලේ තියනවා කියලා.කූඩැල්ල මෝඩයා වෙලා කට අරින කොටම ගලවලා වීසි කරන්න.(දී)
ඔය කූඩැල්ල ලේ ටිකක් බොන්න එල්ලුනට වාසියක් දුටු තැන අපි අතරේ ඉන්න කූඩැල්ලෝ මුළු රීරීමන්සේම උරබීලයි පස්ස බලන්නේ (දී)
මම කුකුලේගඟ ව්‍යාපෘතියේ වැඩ කරන කාලේ දැක්ක ටෙනිස් බෝල තරම් විශාල කූඩැල්ලෝ ගුලි. පුංචි කොටු කෑල්ලක් මැද්දෙන් තිබ්බම ක්ෂණිකවම හතර වටේම විසිරෙනවා. සබන් වතුර ,සිද්ධාලේප, ගාගෙන ගියාම මුන් කිට්ටුවෙන්නේ නෑ. (දී)
අහිංසක මනුස්සයා
නමුත් මුන්ව වෙද කමටත් යොදා ගන්නවා. (අ)
පින්තූ සිරිල්, කුඩල්ලගේ අඬු දෙකම එක ලගට එන වෙලාවට ඇගිල්ලෙන් ගහන්න, යනවමයි. (දී)
කූඩැල්ලව කවදාවත් මෙට්ටේ තියන්න බෑ (අ)
සියලුම දෙනාගේ දැනුම මා වෙත ලබාදීමෙන් ඉතා හොඳ ප්‍රතිකර්ම කීපයක්ම දැනගත්තා .. ලන්කාදිපයටත් , ඔබ සියලු දෙනාටම ඉතා ස්තුතියි ...(දී)
මම පොඩිකාලේ කුඩල්ලන් අල්ලාගෙන පොල්කූරකින් කණපිට හරවනවා මට කුඩල්ලන් පෙන්නන්න බෑ ඒ තරමට ආසයි කණපිට හරවන්න (දී)
කූඩැල්ලේක් ඇඟේ එල්ලුනොත් ඉක්මනින්ම කොහොමද උව ගලොගන්නේ ? මම අහල තියෙනවා අතින් ඇදල ගලවන්න එපා කියල ..දන්නා කෙනෙක් හොඳ ක්‍රමයක් කියන්න කරුණාකරලා ... දැන් මම රස්සාව කරන පැත්තෙත් මුන් වැහි වැහැල ඉන්නවා (දී)..
එන්න දෙන්න නරකයි (දී)
මම දන්නා තරමින් වැලිගම තල් අරණ කියල ගමක් නැ....තල් අරඹ කියල නම් ගමක් තියනවා....(දී)
සිංහල වෙදකමට ගන්න බෙහෙත් කුඩල්ලන් හුඟක් ලොකුයි. උන් ලේ බිව්වම තවත් ලොකු වෙනවා. ලුනු වතුර දාපු ගමන් කුඩල්ල බිමට වැටෙනවා. සබන් වතුරටත් කුල්ලෝ එල්ලෙන්නේ නැහැ.(දී)
මීට අවරුදු ගානකට පෙර මහනුවර පළාතේ එක ගැහැණු ළමයෙකුගේ බඩ ඇතුලට කුඩල්ලෙක් ඇතුල්වෙලා,ටික කලකට පස්සේ ඒ ළමයාගේ බඩ ටිකින් ටික ලොකුවෙනකොට හැමෝම ළමයට හිරුහැර කරලා දරුවෙක් ලැබෙන්න කියල. ළමය කොහොමද මෙහෙම උනේ කියල දැනගෙන නැහැ. ළමයව දොස්ත්රකෙනෙක් ලගටවත් එක්කගෙන ගිහින් නැහැ ලජ්ජාවට මේ ළමයාගේ සහෝදරයෙක් පවලට කරපු අවනම්බුව බලාගෙන ඉන්න බැරුව වෙඩිතියල මරුවලු. වෛද්‍ය පරීක්ෂණයෙදි බඩ ඇතුලේ කුදල්ලෝ පිරිලා..(අ)
දෙන්නෙක් ගමනක් යනගොට කූඩැල්ල කන්නේ දෙවෙනි කෙනාගේලු .අනික ලංකාවේ ඔයි වඩා දිග කූදල්ලෝ ඉන්නේ දේශපාලන පක්ෂවල.(දී)
ගමගේට දම්වැල්, යාර, අඩි, අඟල් විතරක් නෙමෙයි, කූඩැල්ලත් පැටලිලා වගේ (නි)
වෙද කූඩැල්ලෙක් වෙන්න ඇති. (නි)
කූඩැල්ල මෙට්ටේ තියන්න බැහැ......කූඩැල්ලගේ අගට ලුනුවතුර දැම්ම ගමන් පුපුරුනවා...කව්රුහරි කැමති නැත්නම් කූඩැල්ල මරන්න කරුණාකරලා ගෙදර ගෙනිහින් මෙට්ටේ උඩින් තියාගන්න (අ)
මට පිස්සු වගෙයි (නි)
පින්තූ සිරිල්...කුඩැල්ලෝ ලුණු වලද ගැලවෙනවා..මම රත්නපුරේ මෙහෙ ඉස්සර ගොඩක් මුන් හිටියා,තේ වගාව නිසා දැන් ගොඩක් අඩුයි. (අ)
කුඩෙල්ලන් බලෙන් අතින් ඇද ගැලවීම එතරම් හොද නැහැ. මොකද උන්ගේ මුඛයේ (චුෂකර) වල ඇති තියුණු දත ගැලවී සම ඇතුලේ රැදෙන්න පුළුවනි. එහෙම උනොත් එම ස්ථානය දිගටම කස්සන්න පටන් ගන්නවා. හොදම දෙය කුඩල්ලා එල්ලිලා ඉන්න තැනට ලුණු වතුර හෝ සබන් දියර හෝ දෙහි ඉස්ම ටිකක් වක් කරන්න. කුඩල්ලන් වැඩිපුර ඉන්න පෙදෙසක අවිදිනවානම්, ගමන පිටත් වීමට පෙර කකුල් දෙකේ සබන් ටිකක් අතුල්ලගෙන යන්න. සාමාන්‍යයෙන් සබන් තැවරී තිබෙන විට, කුඩල්ලන් එල්ලීම බොහොම අඩුයි. (අ)
එයාලට හොඳටම විශ්වාසද මේ අනතුරට පත්වෙච්ච රෝගියාගේ අවයවයක් නෙවේ කියල? පොඩ්ඩක් රෝගියාට කියන්න ඔක්කොම අඩු නැතුව තියෙනවද කියල බලන්න කියලා. (නදී)
විදයාවරය යනු ජීවමාන දෙවියෙකි.(නදී)
ගාමිණි සිරි ,කතාව නම් නියමයි.ඒත් මට සැකයක් මතු වුනා ඔයත් මිනින්දෝරුවෙක්ද කියලා (නි)
කකුලේ සබන් ගා වේලෙන්න හැර නොසෝද ගියහම කූඩැල්ලෝ කකුලේ එල්ලෙන එක අඩුයි.සබන් කැල්ලක් රෙදි කැල්ලක ඔතල පොට්ටනිය හදලා කෝටු කැල්ලක අගිස්සේ බැඳලා අතේ තියාගෙන ගිහින් කූඩැල්ල එල්ලුන ගමන් අර සබන් පොට්ටනිය කූඩැල්ල ට තියල ඉලුවම වැටෙනවා. තව දේවල් තියෙනවා ඒවා කලොත් කූඩැල්ල මැරෙනවා ඒ නිසා අනුමත නැහැ (අ)
මෙයානම් හරි ලස්සන කුඩල්ලෙක්, (අ)
ලුණු වතුර දැම්මම කූඩැල්ල මැරෙනවා.(අ)
මගේ යාලුවෙක් කියපු කතාවක් ලියන්නම් !! ගැහැණු ළමයෙක් මුත්‍රා කරන වෙලාවක කුඩල්ලෙක් කුසට රින්ගලාලු ,කාලයක් යනවිට මේ ළමයාගේ කුස එන්න එන්නම ලොකු වෙනවලු ,මෙයාගේ සහෝදරයා හිතුවලු මේ ළමයකා එක්ක හරි සම්බන්ද වෙලා ළමයෙක් හදාගෙන කියල හොදටම ගැහුවලු. ළමය වැද වැද කිවලු එහෙම නැහැ කියලා. ඒත් මේ අයිය හොදටම ගහල කෙල්ල මැරිලාලු , මිනිය හිතල වෙනවිට කුඩැල්ලෝ කුසෙන් එලියට ඇවිත්ලු අර රිංගපු කුඩැල්ල පැටව දාළලු. ඒක දැකපු අයියත් අන්තිමට වස බිල මැරිලාලු නංගිට කර අපරාදය ඉවසන්න බැරුව (විනෝදයට ලිව්වා නොවෙයි සත්‍ය සිදුවිමක්ලු ) මේ දුක්මුසු කතාව නුබලාද විනෝදයට නොගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.(නදී)
සබරගමුව පළාතේ කුඩල්ලන්ට කියන අන්වර්ථ නාමයක් තමා මිනින්දෝරුවා .අඟල් 8 ක් දිග නම් මොහු මිනින්දෝරු අධ්‍යක්ෂක ජනරාල් වරයෙක්.කියලා වැඩක් නැහැ....(අ)
පින්තූ සිරිල්,දෙහි ඇඹුල්, සබන් හොඳයි. ඒවා කකුලේ ගාගෙන යන්න, ඇඟේ එල්ලුනොත් දෙහි ඇඹුල්, සබන් වතුර ගාන්න. එතකොට හැලෙනවා. ඒත් කැළේ වගේ යන්න තියෙනවා නම්, කුඩ රෙදි වලින් මේස් වගේ මහලා දණහිසටම දාලා සපත්තුත් දාගෙන සබන් සපත්තු වල ගාගෙන යන්න. ලංකාවේ තියෙනවාද දන්නෙ නැහැ, ස්ප්‍රේ වර්ගයකුත් තියෙනවා. (නි)
කූඩැල්ලාගෙන් බේරෙන්න දුවනකොට ද දන්නේ නැහැ අනතුර වුණේ? (නි)
බාස්වරුන්ගේ හැටියක් තමා , දවස් කුලියට ගත්තොත් මල් නෙලනවා.අඩි ගානට දුන්නොත් කම්කරු කුලියත් ,බාස් කුලියත් දිනපතා ඉල්ලනවා.ඒ හැරුණුවිට 5000/=,10,000/= ණයටත් ගන්නවා. මැනලා බලපුවහම වැඩිපුරත් සල්ලි අරගෙන ...අන්තිමේ ගසුත් නගිනවා... (නි)
මන් නම් මහසෝනටවත් බය නැහැ ''ඒත්'' යාලුවනේ කුඩල්ලට නම් පුදුමාකාර බයක් තියෙන්නේ !!! දැක්කත් බයයි.., අප්පිරියයි (අ)
රංජනී !! ඔයා කියපු සිද්දියම මට යාලුවෙක් කිව මම එක ලිව්වා ''ඒත්'' පලවෙලා තිබුනේ නැහැ ඒ අයියත් වස බිල මැරිලා ලු නංගිව ඩොක්ට කෙනෙකුට පෙන්නන්නේ නැතුව මරපු දුකට (අ)
බුලත් විටට ගන්න දුම්කොළ කොටා කූඩැල්ලා එල්ලී ඇති තැන තබන්න. ඌව මත් වෙලා වැටෙනවා. කැලේ යනකොට දුම්කොළ ඉස්ම කකුලේ ගාගෙන යන්න (නි)
පින්තූ සිරිල් කුඩැල්ලා සම්බන්ධව හොද දැනීමක් ලබාගත් බව මට විශ්වාසයි (නි)
අනේ පව් ඒ අසරණයා (දී)
මම තවත් එකක් කියන්නද, ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නා වගේ (දී)
සබන් ගාගෙන යන්න, කැලේ යනකොට. දුන්කොල කෑල්ලක් ගාගෙන යන්න. කූඩැල්ලා කාපු තැන ලේ නොනැවතී යනවා නම් කඩදාසි කැල්ලක් පුච්චලා අළු ඩිංගක් ගාන්න. ලේ බොන කූඩැල්ලා කැඩුවම ලේ ගලනවා වැඩියි.දෙහි කැල්ලක් ගෑවම නිකන්ම ගැලවෙනවා. අත්දුටුයි ..ප්‍රත්‍යක්ෂයි..... (නි)
ඩග්ලස්, ඔබගේ අදහස් හරියට හරි. ඔය දේවල් තමයි කරන්න ලෙහෙසි (නි)
රන්ජනී කියන කතාව මම මීට අවුරුදු 50 කටත් කලින් අහලා තියෙනවා. මම හිතන්නේ එය ජනප්‍රවාදයක් පමණක් විය හැකි එකක්. මට දැන් අවුරුදු 64ක් වෙනවා. (නි)
ලංකාවේ අපේ තරුණියන්ට කොච්චර කරදරද කුඩැල්ලන්ගෙන්? එල්ලෙන්නම තමයි හදන්නේ. (නි)