කතානායක කරු ජයසූරිය මහතාගේ බාල දියණිය වූ සංජීවනී ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මිය (40) කාලයක සිට රෝගාතුරව සිට පසුගියදා අභාවප්රප්ත වුවාය. මියයන විට ඇය පදිංචිව සිටියේ ලන්ඩන් නුවර කෙන්ට් ප්රාන්තයේය. බ්‍රිතාන්‍ය ජාතික මාර්ටින් ඩිකර් ඇයගේ සැමියාය. තිළිණි හා ඩිලාන් ඇයගේ දැරුවෝය.
කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය පසුව එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ බ්‍රැඩ්ෆර්ඩ් සරසවියෙන් මූලික උපාධිය ලබා සිය ශාස්ත්‍රපති උපාධිය ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් ආයතනයෙන් දිනාගැනීමට සමත් වුවාය.
ඇය මධ්‍යම ලන්ඩනයේ "අර්නස්ට් සහ යංග්" ආයතනයේ ආර්ථික උපදේශකවරියක් ලෙස සේවය කළාය.
තම දරුවන් දෙදෙනා සතුටින් ජීවත්වනු දැකීම ඇයගේ එකම ප්‍රාර්ථනාව වන බව ඇය පවසා තිබුණි.
දේහය පිළිබඳ අවසන් කටයුතු ඇයගේ අවසන් කැමැත්ත පරිදි ලබන සෙනසුරාදා ලන්ඩනයේ දී පැවැත්වීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව ලැබේවා !(අ)
දරු සෙනෙහස යනු කුමක්දැයි මරණයේ වේදනාව මධ්‍යයේ ලොවට කියා දුන් උතුම් මාතාවක් වූ ඇයට නිවන් සුව ලැබේවා... පිළිකාවකින් පෙලෙන බව දැනදැනත් කුස තුල වූ නුපන් දරුවා ගැන සිතා පිළිකා ප්‍රතිකාර කල් දැමු ඇය ට උපහාරය ! (හේ)