එක්සත් ජාතික පක්ෂ නව නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසුරිය මහතා ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද සමග අද මහනුවරදී මල්වතු අස්ගිරි මහ නායක හිමිවරු බැහැ දුටුවේය.
තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහා නා හිමියන් පැවසුයේ එජාප නායකයන් එකතු වී සමගි වී පක්ෂයේ ඉදිරි වැඩකටයුතු කරගෙන යා යුතුයි.
‘දැන්වත් ඉතින් එකමුතු වී වැඩ කරගෙන යන්න’
රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන බවත් විපක්ෂය බලවේගයක් ලෙස ඉදිරියට රැගෙන යාම අරමුණ බවත් ශක්තිමත් විපක්ෂයක් ගොඩ නගන බවත් ජයසුරිය මහතා කීවේය.
අස්ගිරි මහා විහාරයේදී උඩුගම බුද්ධරක්ඛිත මහා නා හිමියන් කරු ජයසුරිය මහතා සහ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග පෞද්ගලිකව කතා බහ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශක්තිමත් විපක්ෂයක් නොමැති රටක ඒකාධිපති පාලනයක් ඇති වෙනවා එජාප නව නායක මණ්ඩලයට සහ රනිල් ජාතික නායක තුමාට මේ රටේ ජනතව වෙනුවෙන් කල යුතු ජාතික වගකීම ඉටුකරන්න හැමෝම සහය දීම යුතුකමක්.(නදී)
මහා නාහිමිවරු කියන්න ඕනෑ තමන්ගේ කියලා තියෙන පුංචි රටේ අනාථයන් වෙලා ඉන්න සිංහලයන ගැනත් කතාකරන්න කියලා? ඒකයි දැන් තිබෙන ලොකුම ප්‍රශ්නය. ඇයි නොකරන්නේ? මානව හිමිකම් එයාලට නැද්ද? නැත්නම් හේතුව මොකක්ද? 13 දෙන්න කියලා කියන මේගොල්ලෝ මොනවා නොදෙයිද බලය ගන්න? ඉස්සර කළ හරිය මතකනේ? (නි)
රනිල් මිසක් ඔය පක්ෂය ගෙනයන්න පුළුවන් වෙනත් නායකයෙක් නැත (නි)
රට ජාතිය අනතුරක වැටිලා ඉන්නකොට තරුණ, අවංක අයගෙන් පක්ෂයක් හදන්න හරි මේක බාර දෙන්න හරි ඕනෑ. (නි)
ඔය ගමන්ම මහනුවර තිබෙන ප්‍රසිද්ධ දේවාල ටිකටත් ගොඩ වැදිලම ආවා නම් හොඳයි මගේ හිතේ. (නි)
වර්තමාන පාලනය වෙනස් කරන්න පෙර ගරා වැටි ඇති විපක්ෂය වෙනස් කළයුතුයි. (නි)
විපක්ෂය ගොඩගන්නට නම් ජනතාවාදී නායකයෙක් අවශ්‍යයි (නි)
කරු ජයසුරිය මැතිතුමනි, සියලුම සුභවාදී බලවේග ඔබතුමා සමගයි.ජයවේවා! (නි)
හැබැයි කාටවත් සජිත්ට තරම් ඉල්ලුමක් නැහැ (නි)
අතීතය අපට තාම මතකයි (නි)
ප්‍රශ්න අනා ගන්නවා පමණක් බවයි මට නම් හිතෙන්නේ. පරණ අශ්වයෝම ඉදිරියට ගෙන ඔය යන ගමන ගැන මගේ නම් කැමැත්තක් නැහැ (නි)
පියා ජනපති වීමම පුතාට මූලික සුදුසුකමක් නොවේ (නි)
මට නම් එයාව විශ්වාස කරන්න අමාරු චරිතයක්. විහිළුවක් මහත්තයෝ. (නි)
සියලු දෙනාටම එකතු වෙන්න බැරි වුණත් එකතු වුණ අයවත් සමගියෙන් වැඩ කළොත් ඇති. (නි)
කරු ආවොත් පෙනේවි තරු!. (ස)
කල්ලි බැහැ කියලා මාධ්‍යට කියපු එයාලම වෙනම කල්ලියක් හදාගෙන වගේ කියලයි මට නම් හිතෙන්නේ. හරි නම් සජිත්වත් එක්කරගෙන එකමුතුව මේ ගමන යා යුතුයි (නි)
කරු හොඳ දේශපාලන චරිතයක් වුණත් දැනට තිබෙන තත්ත්වයෙන් විපක්ෂය ගොඩ ගන්න පුළුවන් කෙනෙක් කියලා මට හිතෙන්නෙ නැහැ.මෙපමණ කලක් ඔය කට්ටියම තමා පක්ෂය මෙහෙයවනු ලැබුවේ.කොහොම නමුත් කැපුවත් කොළ,කැපුවත් නිල් කියන දේශපාලනය තිබුනේ අපි කොන්ඩය බැදපු අත්තලාගේ කාලේ බව අමතක කරන්න එපා.පාක්ෂිකයෙක් වශයෙන් හරිම දුකයි. (නි)
දැනට සිටින නායකත්වයට සුදුසුම පුද්ගලයා කරු ජයසුරිය පමණි. (නි)
සජිත් මහත්තයා පවු. ඔබතුමා තව ටිකක් ඉවසන්න (නි)
නාහිමියන් වුණත් දෙසන බණ මේ සමහර ඇත්තෝ අහන්නේ නැහැනේ (නි)
හොඳ ආරම්බයක්. රනිල් මැති තුමාට සහ කරු මැතිතුමාට ජය නියතයි (දී)
ඔබ තුමාලා වගේ ජෙෂ්ටයින්ගෙන් රටට වැඩක් ගන්න අවස්තාවක් නැහැ (දී)
සජිත්ට නායකත්වය නොදී මේ කරන අපරාදෙට පක්ෂය හැමදාම විපක්ෂයම තමයි.(නදී)
කට්ටය එක්ක ගිහින් තනිව ආ කෙනෙක්.(නදී)
අනිල් හිතන්නේ යු.ඇන්.පි කියන්නේ රනිල් කියලා. සජිත් හිතන්නෙත් එහෙම තමයි. (නදී)
පක්ෂය ගොඩ ගත යුතුයි කියා හැමෝම කියනව මිසක්, කවුරුත් ඒක කරන්නේ කොහොමද කියලා යෝජනා කරන්නේ නැහැනෙ.(නදී)
මල්වතු අස්ගිරි යනවා වගේම ජන්දදායකයාගේ හදවත් තුළටත් යන්න. මෙතරම් ප්‍රබල පක්ෂයක් සෝදා පාලුවෙන්න හේතුව කුමක්ද කියලා සොයා බලන්න. විශේෂයෙන් යුද්ධය පැවති කාලයේදී මේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය හීන කිරීමට ගත් උත්සාහයන් හා එජාපයේ ප්‍රකාශයන් ගොඩක් අවාසි වුණා. "අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා යුද්ධය විකුණගෙන කනවා' වගේ දේවල් බොහොම අවාසි වුණා. වේදිකාවකට නැග්ග පළියට හෝ මයික්‍රෆෝනයක් ලැබුණු පලියට කටට එන හැම දෙයක්ම කතා කළ එකේ විපාක තමා. හනික නායකත්වයේ වෙනසක් අවශ්‍ය මොහොතක පාක්ෂිකයන් රවටන බොරු නවත්වන්න. ඊටපස්සේ උත්සාහ කරන්න. සමහර විට සාර්ථක වෙන්න පුළුවන් (නි)
රොකි, ඒ කිව්වේ 28 වෙනි සැරේටත් ජය වේවා!(නදී)
ශක්‍රයාගේ පුතා වයිමට නායකත්වය දුන්නත් ඒ පක්ෂයට තව කල්පයකටවත් ගොඩඒමක් නැහැ වගේ (නි)
දැන් සජිත්ට තියෙන්නේ දකුනු පළාත් මහ ඇමති වෙලා තමන්ගේ හක්තිය පෙන්විමයි. ඇයි එහු එයට පස්ස ගහන්නේ. පක්ෂ කායනත්වය අවහ්‍ය නම් පියවරෙන් පියවර ඉදිරියට යා යුතුයි.(නදී)