(අංජුල මහික වීරරත්න)
කිරිගව සොරකම්වලට දඩය රුපියල් මිලියනය දක්වා ඉහල නංවා සත්ව සුබ සාධක පනත සංශෝධනය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.
කිරි ගවයින් සොරකම් කිරීම් මේ වනවිට දිවයින පුරා ඉහළ යමින් පවතින බවට වාර්තා වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
දැනට ක්‍රියාත්මක සත්ව සුබසාධන පනත යටතේ කිරිගව සොරකම් සඳහා උපරිම දඩය රුපියල් 50,000ක් වන අතර ඒ වරද සදහා සිර දඩුවම් පැනවීමක් ගැන සඳහන් නොවන බව අමාත්‍යාංශය කියයි.
මෙම කාරණය සැලකිල්ලට ගනිමින් කිරිගව සොරකම් සඳහා වන දඩය රුපියල් ලක්ෂ 10 දක්වාත්, අඩුම තරමින් වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම් පැනවීම සඳහාත් වගන්ති ඇතුලත් කර සත්ව සුබසාධන පනත සංශෝධනය කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ යෝජනාවක්...
බත් කන හරක් නම් ඕනෑතරම්...!
එතකොට ගොනෙක් ඉස්සුවොත්, මේ නීතිය සියලු ගවයින්ට අදාල විය යුතුයි...!
ඉතාම හොඳ තීරණයක්...
අවමය රුපියල් ලක්ෂ දහයක් උපරිමයෙන් ලක්ෂ පහලවක් කරන්න බරපතළ වැඩ ඇතුව වසරක සිර දඩුවමක් කියන්නෙ හොරා වසරක් රජයේ මුදලින් නඩත්තු කිරීමක් වෙනවා වසරක් කියන්නෙ අරකට මේකට කැපුවම මාස හයක හතක සිර දඩුවමක් විතරයි ඒක තිබුනොත් අන්තිමට ඒ දඩුවම පමණක් වෙන්න පුළුවන් සතුන් අයිතිකරුට සතාගේ වටිනාකම ලැබීමට හා රජයේ වියදම් (අධිකරණයට වියදම් ) ගැනීමටත් එනිසා රජයට පාඩුවක් නොවෙන්න මුදල් දඩයක් පැනවීම තමයි මේ කාලයේ වඩාත්ම සුදුසු කියන්න පුළුවන් නොගෙනාවනම් අවමය වසර විස්සකට වත් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන්න අවශ්‍ය නීති සැකසීම කරන්න
හොඳ තීරණයක්. අපි ආචාර කරනවා !!