IMG-LOGO

කිරි ඉබ්බන් මරා ආහාර සකසමින් සිටි කතුන් 3ක් දැලේ

(නිමල් ජයරත්න )

පොළොන්නරුව ප්‍රදේශයේ අභය භූමියක සිටි කිරි ඉබ්බන් 13 දෙනකු මරා ආහාරය සඳහා  පිසීමට සූදානම් කර තිබූ, මස්, පාද හා බිත්තර තොගයක් සමඟ කාන්තාවන් තිදෙනෙකු අද( 24 )  අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව අඩවි  ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා පුත්තලම හා මන්නාරම් ප්‍රදේශයේ පදිංචි අයවලුන් බව ඒ සම්බන්ධ පරීක්ෂණ කරන පොළොන්නරුව අඩවි ආරක්ෂක ආර්.ආර්.ශාන්ත මහතා පැවසීය.

සැකකාර කාන්තාවන් තිදෙනා තමන්කඩුව 26 කනුව ප්‍රදේශයේ පෞද්ගලික නවාතැන්පොළක රැඳී සිටිමින් ප්‍රදේශයේ වෙළෙඳාම් කරන තිදෙනකු බවට තහවුරු වී ඇති බවද වනජීවී නිලධාරීන් සඳහන් කරයි.

ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක නවාතැන් ගනිමින් මෙම කිරී ඉබ්බන් දහතුන් දෙනා මරා  ආහාර පිණිස පිසීමට  සූදානම් කර සිටිය දී මෙම කාන්තාවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවද වනජීවී නිලධාරින් පවසයි.

 



අදහස් (3)

කිරි ඉබ්බන් මරා ආහාර සකසමින් සිටි කතුන් 3ක් දැලේ

Bunny Preena Tuesday, 24 June 2025 03:13 PM

මොවුන් පිටුපස අනිවාර්යෙන්ම බලවත් පුද්ගලයින් කිහිප දෙනෙකුම ඉදලා ඇති

:       0       0

sisira Tuesday, 24 June 2025 03:20 PM

බොහෝ දෙනෙක් මෙවැනි දේ කරන්නේ ආසාවට නොවේ. ජීවත් වෙන්ට වෙන විදියක් නැති නිසයි.

:       25       5

චතුරිTuesday, 24 June 2025 11:12 PM

සිසිර හිතන විදියට හිතන්න පුරුදු වුනොත්. මේ රට අපායක් වෙනවා ආගමික ස්තානයක්. නැවති මේ දේවල් කෙරුවානම්. පිට ට ගියාම මොනවා නොකරයිද. තිරිසන් ජාතිය. බත් කන්න. මස් ඕනමද. අසරන සත්තු මරනකොට ඒ සත්තු. පපුවට ගහ ගන්නෙ. මුන්ගෙ අත් හපන්න බැරිනිසා. එක දවසක්. කෑවෙ නැහැ කියලා කෙනෙක් මැරෙන්නෙ නැහැ. ලන්කාව බුද්දාගමෙ. රටක් ලු. වැඩ අරාබියෙ වගෙ. මිනිස්සු සාතන්ලා වගෙ

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 510 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 205 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site