ජනවාරි 1 වැනිදා කිරි ඉතිරවීමට නැවුම් මුට්ටි ගැනීමට බොහෝ දෙනෙක් අද කඩපිල්වලට ගියහ.

ගිය වසරට වඩා මේ වසරේ මුට්ටි මිල දෙගුණයකටත් වඩා ඉහළ ගොස් තිබිණි. මැටි සොයා ගැනීමේ අපහසුවත් බොහෝ දෙනකු එම කර්මාන්තයෙන් ඈත්වීමත් මිල ඉහළයාමට හේතුව බව කියති.

ගිය වසරේ රුපියල් 20ක් වූ මුට්ටිය දඹුල්ලේදී අද අලෙවි වූයේ රුපියල් 50 - 75 අතර ගණනකටය. පුත්තලමේ එදා අද මුට්ටි මිල මෙසේය.

2015 කිලෝවේ මුට්ටිය රුපියල් 60 - 2016 රුපියල් 100

2015 කිලෝ 2 මුට්ටිය  රුපියල් 120 - 2016 රුපියල් 200

2015 කිලෝ 3 මුට්ටිය රුපියල් 150 - 2016 රුපියල් 300

ගිය වසරේ මුට්ටි තුනක් ගත් කතක කීවේ මෙවර රුපියල් 100 මුට්ටියක් ගත් බවයි.

අයියනායක දෙවියන් වෙනුවෙන් කිරි ඉතිරවීම සම්ප්‍රදායක් බව ජනයා කියති.

walan_03[1] walan_05[1] walan_07[1] walan_08[1]

ජායාරූප - ඒච් චන්දන

20151231_101318[1] 20151231_101404[1] 20151231_101427[1]

ජායාරූප - කාංචන කුමාර ආරියදාස