උදාවූ 2016 නව වසර සමරමින් ලක් වාසී ජනතාව විවිධ සැණ කෙළි හා උත්සව සංවිධානය කර තිබුණි. රටපුරා රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා නැගීමට ලොකු කුඩා සැවොම එක්ව සිටියහ.
ලැබුවාවූ 2016 නව වසර ලෝ වැසි සියලු දනන් හට ආයු, වර්ණ, සැප, බල වැඩිවන ප්‍රීතිමත් නව වසරක් වේවා යැයි ලංකාදීප එසැණ සුබ ප්‍රාර්ථනා කරයි.!
නව වසර සමරමින් ලංකාවේ විවිධ ප්‍රදේශවල ආගමික වැඩසටහන් සහ උත්සව පැවැත්විණි.
ජායාරූප සජීව ලක්ෂාන්
කොළඹ
නව වසරේ දී ආශිර්වාද ලබා ගැනීමට බෞද්ධයෝ සිරිතක් වශයෙන් විහාරස්ථාන කරා යති.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ සිටි සැදැහැවත්හු ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බෝඩ ඤාණිස්සර නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.
ජායාරූප හා විඩියෝ ශාන්ත රත්නායක
කැලණිය
නව වසරේ උදාව සමග කැළණි විහාරය වැඳපුදා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.
(ඡායාරූප ලාස් එස් කුමාර)
හැටන්
හැටන් පොලීසිය නව වසර උදාව සමරමින්
ඡායාරූප - මනුර සෙල්ලහේවා
ලබන්නාවු 2016 වසර සියලු රට වැසියන්ට ආශිර්වාද පැතිම සදහා මහනුවර දොඩම් දෙනිය තරුන කැල විසින් සු විසි විවරන නුත්‍ය පුඡාවක් ඉයේ (31) දින දොඩම් දෙනිය නගර මධ්‍යයේ පැවැත්විය.




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙනුත් සුබ පැතුම්! (නි)
එසේම වේවා! (නි)
ඔබට අලුත් අවුරුද්දේ ජයෙන් ජයම වේවා! (නි)
සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
සුබ අලුත් අවුරුද්දක් වේවා! සියලුම පැතුම් ඉටුවේවා! (බ)
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
ලංකාදීප කතු මඩුල්ල ඇතුළු කාර්ය මණ්ඩලයටත් ,අදහස් හුවමාරු කරගන්නා කිසිදා නොදුටු ඔබ සැමටත් සාමයෙන් පිරි ,සහෝදරත්වය දළුලන සුබම සුබ නව වසරකම වේ..වා ....! (කෞ)
ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මැතිතුමාට, ලංකාදීපයේ සියලුම පුවත් වාර්තාකරණ මහත්ම මහත්මීන්ටත්, ඒ වගේම දිරියෙන් නැගී සිට විරියෙන් රටට පුවත් සපයා ඒ මගින් අප රට හරිමග ගෙනයාමට මහත් සේවයක් කරන සියලුම පුවත්පත් වාර්තා කරුවන්ටත්, එසැණ පාඨක මිතුරු මිතුරියන්ටත්, අපේ මවුබිම වෙසෙන සියලු දෙනාටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවායි පතමි (බ)
සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
මේ උදාවූ නව වසර ශ්‍රී ලංකාවාසී ඔබ සැමටත්, ලෝකවාසී සියලුම දෙනාටත්, ලංකාදීප අන්තර්ජාල සංස්කරණයේ කතෘ මණ්ඩලයේ මහත්ම මහත්මීන්ටත්, ලංකාදීපයේ ආදරණිය මිතුරු මිතුරියන් සියලු දෙනාටත්, නිරෝගී සුවය, සතුට සැනසුම, ප්‍රීතිය මෙන්ම සිතු පැතු සියලුදෙයම ළඟා කරදෙන වාසනාවන්ත නව වසරක් වේවා! (නි)
අපෙනුත් මෙන්න සුබ පැතුම්! (නි)
ලක් වාසි සැමට, ලංකාදීප කාර්යමණ්ඩලයට නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරක් වේවා. (කෞ)
ලැබූ නව වසර සියලුම ලක්වාසීන්ට මෙන්ම ලෝ්වැසියන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා ...! (නි)
ලෝකවාසී සැමට සුබ නව වසරක් පතමි! (නි)
සුබ නව වසරක් වේවා.(හේ)
මගේ මවුබිමට සතුට සැනසුම පිරි වාසනාවන්ත නව වසරක්! (නි)
සැමට සාමයෙන් සතුටින් පිරි සුබ නව වසරක් වේවා! (නි)
සුබ නව වසරක් වේවා.(හේ)
සුබ පැතුම්! (නි)
ලැබුවා වූ 2016 නව වසර, ඔබ සැමට නිරෝගී සුවය සහ ඔබ සැමගේ සිතුම් පැතුම් සියල්ලම ඉටුවෙන, බියෙන් සැකෙන් තොරව ජීවත්වියහැකි, වාසනාවන්ත සුබ නව වසරක් වේවා! මේ පිටුවෙන් අදහස් හුවමාරු කරගන්නා, චෝදනා, යෝජනා, ප්‍රශංසා මෙන්ම නින්දාවන්ද, අහිංසක මඩ පහරවල්ද හුවමාරු කරගනිමින් දුක සතුට බෙදා හදාගන්නා, කවදාවත් නොදුටු සහෝදර හිතවතුන්ට, හිතවතියන්ට මෙන්ම ලංකාදීප අන්තර්ජාල පිටුවේ සියලුම කතෘ මහත්ම මහත්මීන්ටත්, ලංකාදීප අන්තර්ජාල සංස්කරණය නරඹන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ජනතාවටත්, පොදුවේ මුළු ලොව වෙසෙන සැමටමත් යසඉසුරින්පිරි වාසනාවන්ත 2016 නව වසරකට මගෙන් සුබ පැතුම්! (නි)
ලංකාදීප ප්‍රධාන කතෘ සිරි රණසිංහ මැතිතුමා, "එසැණ පුවත්" කාර්ය මණ්ඩලයේ (නි/ම/ර/බ/කෞ) ඇතුළු අනෙකුත් සොයුරු සොයුරියන්ටත්, එසැණ පාඨක මිතුරු මිතුරියන්ටත්, ලෝකවාසී සැම දනටත් ලැබුවාවූ 2016 නව වසර ක්ෂණයක් ක්ෂණයක් පාසා යහපත් සිතුම් පැතුම් උතුර උතුරා ගලාහැලෙන, එකී අරමුණු සහ ප්‍රාර්ථනා ඉටුවන, ආයු, වර්ණ, සැප, බල සහ ප්‍රඥාව වර්ධනයවන්නා වූ සුබම සුබ නව වසරක් වේවායි මෙත්සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි! (නි)
ලංකාදීප අධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, ලක්වාසී සියලු දෙනාටත් සුබ නව වසරක් වේවා! (නි)
ලක්වාසී ලෝකවාසී සැමට සාමය, සතුට සෞභාග්‍ය පිරි සිරි සුභ නව වසරක් වේවා! හොඳ අදහස් පළකිරීමට ලැබේවා! අපේ මවුබිමේ ආර්ථිකය දියුණු වේවා! සැමගේ අතමිට සරුවේවා! ජාතික සමගිය ඇතිවේවා! (නි)
කිරි ඉතිරේවා නව වසරේ! (නි)