දඹුල්ල බකමුණ ප්‍රධාන මාර්ගයේ උණපදුරුයාය කළුන්දාවේ ප්‍රදේශයේ කුඹුරක බැද සිටි කිරි දෙනුන් හතර දෙනක් හා මාස තුනක කුඩා පැටවකු මරා මස් රැගෙන ගොස් ඇති බවට කළුන්දෑවේ ගොවියෙක් දඹුල්ල පොලිසියට පැමිණිලි කළේය.
24 සවස සතුන්ට කන්න දී ගස් වල බැද තමන් 25 උදේ කිරි දෙවීම සදහා එද්දී ඇල මාර්ගය අසල තම කිරි දෙනුන් හතර දෙනාගේ හා එක පැටවකුගේ හම කකුල් හා බඩවැල් පමණක් දැකගැනීමට හැකිවූ බව කේ .ජි .කිරිබණ්ඩා මහතා පැවසිය .
මේ එක කිරි දෙනකු රුපියල් ලක්ෂයක් පමණ වටිනා කමක් තිබුණු බවත් දිනකට එක දෙනකු කිරි ලීටර් 12ත් 15ත් අතර ප්‍රමාණයක් ගත් බව දඔහු කියයි .තමන්ගේ පවුලේ ආර්ථිකය මේ කිරි අම්මාලා විසින් විසදු බව කියමින් ඔහු හඩා වැටෙයි .
දඹුල්ල පොලිසිය මේ අපරාධය ගැන පරීක්ෂණ සිදුකරන අතර කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත .මේ ස්ථානයට මධ්‍යම පළාත් සබා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා පැමිණ ගොවියාට කිවේ කෙසේ හෝ මේ අපරාධ කරුවන් අත්අඩංගුවට ගැනීමට තමන්ගේ සහයෝගය ලබාදෙන බවය .මෙහි රැස්ව සිටින ජනතාව කියන්නේ මේ අපරාධ කරුවන්ට දඩුවම් දියයුතු බවය ,
දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
එහෙම අපරාධයක් කරලා තියෙනවා නම් අමු අමුවේම පුච්චලා මරලා දාන්නයි තියෙන්නේ. මට එන්නේ පුදුම තරහක් (නි)
සියල්ල නැති වූ මේ ගොවි මහතාට අපි උදව් කරමුද? හැකි පමණින් මුදල් එකතුකර කිරි හරකුන් ගැනීමට අරමුදලක් දමනවා නම් අපිත් සහයෝගය දෙන්නම්. (නි)
අනේ මේවා නම් අහස පොළොව නුහුලන අපරාධ. කළ තිරිසනුන්ට නම් රජ කාලේ දඬුවම් දෙන්න ඕනෑ (නි)