බිංගිරිය වීරකොඩියානේ ළිඳකට වැටී සිටි හදුන් දිවියකු ගොඩට ගෙන මුදාහැරි බව ගැමියෝ කියති. දින කිහිපයක් ගමේ නිවෙස්වල කුකුළු කොටුවලට දිවියකු පැමිණෙන බවට ගැමින්ට දැනගන්නට ලැබී තිබිණි. ළිඳට වැටී සිටියේ එම දිවියා බව ගැමියන්ගේ අදහසයි.
අඩි තුනහමාරක් පමණ වන මේ දිවියා ගැහැනු සතකු බවත් ඇය පැටවුන්ට කිරිදෙන සතකු යැයි බැලූ බැල්මට පෙනෙන බවත් ගැමියෝ කියති. ගොඩට ගත් දිවියා වනජීවී නිලධාරීන්ට භාර දීමට උත්සාහ ගත්ත ද ඔවුන් සම්බන්ධ කරගැනීමට හැකියාවක් ලැබී නැත. දිවි ධේනුව පැටවුන්ට කිරි දෙන සතකු යැයි සිතූ බැවින් ගැමියන්ගේ තීරණය වූයේ තමන්ට කරදරයක් වුව ද ඇය මුදාහළ යුතු බවයි. ඒ අනුව දිවියා ගොඩගත් තරුණයෝ ම දිවියාට මුදා හැරීමට කටයුතු කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝය දවසේ අහපු හොඳ නිවුස් එකක්.(කෞ)
ගුණ දහම් දන්නා අය ඉන්න එක අහන්නත් සතුටක්. (ස)
කොච්චර ලස්සන සතෙක්ද..? හොද ආදර්ශයක්. කොල්ලනේ, උඹලට දීර්ඝායු.(අ)
බිංගිරිය වීරකොඩින වාසීන්ට අපේ හදවතින්ම ආචාර කරමු. ලංකාවේ අනිත් පළාත් වලිනුත් මේවගේ හොඳ පුවත් අහන්න ලැබේවා. (ස)
පින්වන්ත දරුවන් (නි)
මෙවන් පින්වන්තයින් තවමත් ලංකාවේ සිටීම සතුටක්. (නි)
නියම මිනිස් ගුණ ඇති කොල්ලෝ. නුඹලාට කවදාවත් වරදින්නේ නැහැ (නි)
වීරකොඩියානට පනිරෙන්ඩාව රක්ෂිතයෙන් එන සත්තු මේ. බින්ගිරිය තියෙන්නේ වීරකොඩියානට ගොඩක් එහාට වෙන්න අඩුම තරමේ කිලෝමීටර් 6ක් වත් තියෙනවා. කොහොම හරි පෝය දවසේ කරපු හොඳ වැඩක්. ඔය පනිරෙන්ඩාව රක්ෂිතයේ මීමින්න, හඳුන් දිවිය, නරිය, වැලි මුවා වගේ ක්ෂීරපායි සතුන් ඉන්නවා. දැන් මේ රක්ෂිතය දිනෙන් දින අභාවයට යනවා. කිසිම බලධාරියෙක් මේවා ගැන හොයන්නේ නැහැ. කුණු ගෙනත් දානවා. ඔය හරියෙන් යන අය දවල්ට කන්න නවත්තල කාල අවශේෂ ඉතුරු කරලා යනවා. ඔය ළඟ අඩවි වන කාර්යාලයක් තියෙනවා එයාල පුටු රත් කරලා පඩි ගන්නවා. (ස)