කිරි අම්මාවරුන් 49 දෙනකු සහභාගි වූ දානයක් ලන්ඩනයේ කිංස්බරියේ ශ‍්‍රී සද්ධාතිස්ස අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. පත්තිනි මෑණියන් උදෙසා පවත්වන මේ දානයේ අරමූණ අපල උපද්‍රව දුරුවී ආතුරයනටත් සෙසු අයටත් හොඳ කාලයක් පැතීමයි. විහාරාධිපති ගලයායේ පියදස්සි හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වූ මේ දානයේ දී කිරි අම්මාවරුනට කැවුම්, කොකිස්, කිරිබත්, පළතුරු හා සුදු රෙදි ද පිරිනැමිණි. ලීලාරත්න කාරියවසම් මහතා සෙසු දායකයන්ගේ ද සහායෙන් දානයේ කටයුතු කළේය.



1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොතැනක ගියත් අපගේ කම රැක ගන්න සිරිත් විරිත් වලටත් මුල් තැන දෙන්න ආසයි මෙහෙම දැකුමත් නෙත් පිනවන්න අපේ රටට සැමදා කිරි උතුරන්න
එංගලන්තයේදී මෙවැනි දානමය පිංකමක් සංවිධානය කරමින් අපේ සංස්කෘතිය විදහා දැක්වීම දුර්ලභ සිද්ධියක්. සංවිධානය කළ සැමට අපේ ප්‍රශංසාව ලබන වසරේදීත් මෙවැනි සංස්කෘතිකදේ සංවිධානය කරන්න