යුද සමයේ දහස් ගණනින් පුද්ගලයින් අතුරදන්වී ඇතැයි කියන ප්‍රකාශ අතිශයෝක්තියක් බව අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට රජය පත්කළ කමිටුව කියයි.
කමිටුවේ ප්‍රධානී හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම පවසන්නේ එම පුද්ගලයින් හා කණ්ඩායම් පවසන තරමේ පැමිණිලි තම කමිටුව වෙත මේ දක්වා ලැබී නොමැති බවයි.
අතුරුදන්වූවන් 147000 ක් පමණ ඇතැයි ඇතැම් කණ්ඩායම් පවසන මුලතිව් දිස්ත්‍රික්කයේ පසුගියදා සිදුකෙරුණු විමර්ශනයේදී තම කමිටුව වෙත ලැබුණේ පැමිණිලි 312 ක් තරම් ප්‍රමාණයක් බව මිීට ආසන්නතම උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දේ.
දෙමළ ජනතාව කමිටුව ඉදිරියට පැමිණීමට බිය වන්නේ යැයි පවතින මතය බැහැර කරන ඔහු මෙතෙක් කමිටුව හමුවට පැමිණි ඇති විශාල පිරිස හමුවේ දෙමළ ජනතාව හට එවැනි බියක් නොමැති බව පැහැදිලිව පෙනී යන්නේයැයි පවසයි.
දැනට කමිටුවට අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පැමිණිලි 19000 ක් පමණ ලැබී ඇතැයි සඳහන්ය.
එම පැමිණිලි වලින් බොහෝමයක් යුද සමයේදී අතුරදන්ව ඇති තම දරුවන් සම්බන්ධයෙන් පැමිණිලි කළ දෙමාපියන්ගේ බව පරණගම මහතා කියයි.
අතුරුදන්වී ඇතැයි පැමිණිලි ලැබුණු පුද්ගලයින්ගෙන් ඇතැමුන් විදෙස් රටවල ජීවත් වන්නේ යැයිද හෙළිව තිබේ.
එම පුද්ගලයින්ගේ තොරතුරු ලබාගැනීමේ අරමුණින් අදාළ රටවල තානාපති කාර්යාල වල සහය පැතූවද ආරක්ෂක හේතු නිසා එවැනි තොරතුරු ලබාදීම තානාපති කාර්යාල ප්‍රතික්ෂේප කර ඇතැයි පරණගම මහතා පවසයි.
උගත් පාඩම් හා සංහිදියා කමිටුවේ නිර්දේශ පරිදි අතුරදන්වූවන් සම්බන්ධයෙන් සොයාබැලීමට මෙම කමිටුව ජනපති මෙහෙයවීමෙන් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පත්කෙරුණී.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කියන තරම් යකා කළු නැතිලු
මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් Thursday, 14 August 2014 06:24 PM
හැම යකාම මුලදී පෙනෙන්නේ ඔහොම තමයි. උන්ගේ කළුපාට පෙනෙන්න ගන්නකොට ගොඩාක් දේවල් වෙලා තියේවි (නි)
නජිත් Thursday, 14 August 2014 10:23 AM
ත්‍රස්ත වාදීන් අතින් වූ මානවහිමිකම් කඩ කිරීම් සොයාබලන්න කමිටුවක් පත් කරන්නේ කවදාද (දී)
පිටබැද්දර ජයා Thursday, 14 August 2014 10:45 AM
දැන්නම් පිල්ලේ නෝනාගේ නහය දනවා ඇති නේද ? (නි)
රත්න Thursday, 14 August 2014 10:49 AM
එහෙනම් අපි කියමුද "අළු" පාටයි කියලා. (නි)
නිශාන්ත ඩබ්ලිව්.ජි Thursday, 14 August 2014 11:01 AM
ඔය ලක්‍ෂ ගනන් අතුරුදහන් කියලා කෝටි ගනන් ඩොලර් උපයලා ඉන්නෙ කුරුටුගාමි සමාජවාදී රත්නම්ලා,බාහුලා තමයි ඉතිං. (නදී)
කුමාරි Thursday, 14 August 2014 12:22 PM
ඉතින් ඇයි මේ සිංහල මුස්ලිම් අය ගැන නොසොයන්නේ?දෙමල අය විතරද අතුරුදන් උනේ? (නදී)
සජී Thursday, 14 August 2014 12:23 PM
ත්‍රස්තවාදීන් විසින් අතුරුදහන් කරන ලද හා ගම්මාන පිටින් කපා කොටා දැමීම් හා පොදු ස්ථානවල බෝම්බ පුපුරවා හානියට පත්කළ ජනතාව ගැනත් සොයලා බැලුවානම් හොදයි.(නදී)
රත්න Friday, 15 August 2014 06:19 AM
රායප්පු ජෝසෆ් රදගුරු වරයා 147,000 අතුරුදන් වුන බව කියන බොරු පුවත ඔහුගේ පුද්ගලික මතයක් විතරයි (නදී)
නැනි Thursday, 14 August 2014 02:09 PM
මේකත් එක්තරා විදියක දුපත් මානසිකත්වයක්. අපි අපිම කොමිෂන් පත් කරගෙන, අපි අපිම වාර්තා හදාගෙන අපි අපිම සාකච්චා කරගන්නවා. අර පිල්ලේ නෝනා ආපු වෙලේ මගුල් කතා කරනවා. ජාත්‍යන්තර මට්ටමේ සාකච්චාවකට සුදුසු කම් තිබෙන උගතුන් පැත්තකට දාල රාජදුත සේවයට නුසුදුස්සන් පත් කරලා අනාගෙනයි ඉන්නේ. අපිට හරි කනගාටුයි. (දී)
සුගුනවති Thursday, 14 August 2014 03:20 PM
ඔය කියන යකා මම හිතන්නේ නුවර පැත්තේ යකෙක් ...එහෙ ඉන්න යක්කු ඒ තරම් කළු නැහැ (අ)
විරාජ් Thursday, 14 August 2014 05:49 PM
ඔය වැඩෙන් ඇති ප්‍රතිඵලය කුමක්ද? අනිත් එක කතාවක් තියනවනේ යුද්ධයේදීත්, ආදරයේදීත් හැමදේම සාධාරණයි කියලා (නි)