යුද සමයේ දහස් ගණනින් පුද්ගලයින් අතුරදන්වී ඇතැයි කියන ප්‍රකාශ අතිශයෝක්තියක් බව අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට රජය පත්කළ කමිටුව කියයි.
කමිටුවේ ප්‍රධානී හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම පවසන්නේ එම පුද්ගලයින් හා කණ්ඩායම් පවසන තරමේ පැමිණිලි තම කමිටුව වෙත මේ දක්වා ලැබී නොමැති බවයි.
අතුරුදන්වූවන් 147000 ක් පමණ ඇතැයි ඇතැම් කණ්ඩායම් පවසන මුලතිව් දිස්ත්‍රික්කයේ පසුගියදා සිදුකෙරුණු විමර්ශනයේදී තම කමිටුව වෙත ලැබුණේ පැමිණිලි 312 ක් තරම් ප්‍රමාණයක් බව මිීට ආසන්නතම උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දේ.
දෙමළ ජනතාව කමිටුව ඉදිරියට පැමිණීමට බිය වන්නේ යැයි පවතින මතය බැහැර කරන ඔහු මෙතෙක් කමිටුව හමුවට පැමිණි ඇති විශාල පිරිස හමුවේ දෙමළ ජනතාව හට එවැනි බියක් නොමැති බව පැහැදිලිව පෙනී යන්නේයැයි පවසයි.
දැනට කමිටුවට අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පැමිණිලි 19000 ක් පමණ ලැබී ඇතැයි සඳහන්ය.
එම පැමිණිලි වලින් බොහෝමයක් යුද සමයේදී අතුරදන්ව ඇති තම දරුවන් සම්බන්ධයෙන් පැමිණිලි කළ දෙමාපියන්ගේ බව පරණගම මහතා කියයි.
අතුරුදන්වී ඇතැයි පැමිණිලි ලැබුණු පුද්ගලයින්ගෙන් ඇතැමුන් විදෙස් රටවල ජීවත් වන්නේ යැයිද හෙළිව තිබේ.
එම පුද්ගලයින්ගේ තොරතුරු ලබාගැනීමේ අරමුණින් අදාළ රටවල තානාපති කාර්යාල වල සහය පැතූවද ආරක්ෂක හේතු නිසා එවැනි තොරතුරු ලබාදීම තානාපති කාර්යාල ප්‍රතික්ෂේප කර ඇතැයි පරණගම මහතා පවසයි.
උගත් පාඩම් හා සංහිදියා කමිටුවේ නිර්දේශ පරිදි අතුරදන්වූවන් සම්බන්ධයෙන් සොයාබැලීමට මෙම කමිටුව ජනපති මෙහෙයවීමෙන් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පත්කෙරුණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම යකාම මුලදී පෙනෙන්නේ ඔහොම තමයි. උන්ගේ කළුපාට පෙනෙන්න ගන්නකොට ගොඩාක් දේවල් වෙලා තියේවි (නි)
ත්‍රස්ත වාදීන් අතින් වූ මානවහිමිකම් කඩ කිරීම් සොයාබලන්න කමිටුවක් පත් කරන්නේ කවදාද (දී)
දැන්නම් පිල්ලේ නෝනාගේ නහය දනවා ඇති නේද ? (නි)
එහෙනම් අපි කියමුද "අළු" පාටයි කියලා. (නි)
ඔය ලක්‍ෂ ගනන් අතුරුදහන් කියලා කෝටි ගනන් ඩොලර් උපයලා ඉන්නෙ කුරුටුගාමි සමාජවාදී රත්නම්ලා,බාහුලා තමයි ඉතිං. (නදී)
ඉතින් ඇයි මේ සිංහල මුස්ලිම් අය ගැන නොසොයන්නේ?දෙමල අය විතරද අතුරුදන් උනේ? (නදී)
ත්‍රස්තවාදීන් විසින් අතුරුදහන් කරන ලද හා ගම්මාන පිටින් කපා කොටා දැමීම් හා පොදු ස්ථානවල බෝම්බ පුපුරවා හානියට පත්කළ ජනතාව ගැනත් සොයලා බැලුවානම් හොදයි.(නදී)
රායප්පු ජෝසෆ් රදගුරු වරයා 147,000 අතුරුදන් වුන බව කියන බොරු පුවත ඔහුගේ පුද්ගලික මතයක් විතරයි (නදී)
මේකත් එක්තරා විදියක දුපත් මානසිකත්වයක්. අපි අපිම කොමිෂන් පත් කරගෙන, අපි අපිම වාර්තා හදාගෙන අපි අපිම සාකච්චා කරගන්නවා. අර පිල්ලේ නෝනා ආපු වෙලේ මගුල් කතා කරනවා. ජාත්‍යන්තර මට්ටමේ සාකච්චාවකට සුදුසු කම් තිබෙන උගතුන් පැත්තකට දාල රාජදුත සේවයට නුසුදුස්සන් පත් කරලා අනාගෙනයි ඉන්නේ. අපිට හරි කනගාටුයි. (දී)
ඔය කියන යකා මම හිතන්නේ නුවර පැත්තේ යකෙක් ...එහෙ ඉන්න යක්කු ඒ තරම් කළු නැහැ (අ)
ඔය වැඩෙන් ඇති ප්‍රතිඵලය කුමක්ද? අනිත් එක කතාවක් තියනවනේ යුද්ධයේදීත්, ආදරයේදීත් හැමදේම සාධාරණයි කියලා (නි)