තමා මෙම තනතුරට පත් කළ ආකාරයටම සේවයෙන් පහ කළ බව ලිඛිතව දන්වන තුරු තමා දැරු සභාපති ධුරයෙන් ඉවත් නොවන බව ඖෂධ හා අන්තරායකාර පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පවසයි.
එතනෝල්, කුඩු, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උවමනා විදියට අස් නොවන බවත් තමා සේවයෙන් පහ කීරිමට උත්සහ දරන්නේ ඔවුන්ගේ අත කොළු බවත් රාජ්‍ය ත්‍රාන්තික අස්වීම් ලිපියකින් හැර සභාපති පුටුව හැර නොයන බවත් ඔහු තරයේ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ගැන අපිට ආඩම්බරයි (නි)
ඔබට අවංකව කැපවී රටට සේවයක් කිරීමට උවමනාවක් තිබීම ගැන ඉතාම සතුටුයි. නමුත් ප්‍රවේශම් වෙන්න! අද හොඳ මිනිසුන්ට තැනක් නැහැ. (නි)
මෙහෙම දේවල් ගැන අහන්න වෙන්නේ ලංකාවෙන්ම තමයි (නි)
ඔබතුමා වෙනුවෙන් මුළු රටම ඉන්නවා (නි)
අපි බලමු අන්තිමට දිනන්නේ ඔබද, නැත්නම් ඔබ කියන විදිහට ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ද කියලා (නි)
අපි බලමුකෝ සිද්ධවෙන දේ... (නි)
ඔබගේ නිර්භීතබවට අපේ ප්‍රණාමය! (නි)
ඊළඟ පාර ඡන්දෙදි අපි මේ සියළු දේ ගැන බලාගන්නම් (නි)
මේක ලංකාව මහත්තයෝ. අවංක මිනිසෙකුට තැනක් නැහැ. බුදුන් වහන්සේගේ ධර්මය වගේම ස්වාභාව ධර්මය අවනීතියට දඩුවම් දෙනු ඇත. ඔබේ ගමන්මඟ ආලෝකමත් වේවා..!!! (නි)
මෙවැනි වගකීම් සහිත තනතුරකට පුද්ගලයෙක් පත්කිරීමේදී හෝ අස්කිරීමේදී රජය පිළිගත් ක්‍රම පටිපාටියක් ඇත. යම් කෙනෙක් ඉන් පරිබාහිරව කටයුතු කර ඇත්නම් දඬුවම් විඳිය යුතුය. පසුගිය ආණ්ඩු කාලයේ මෙන් රාජ්‍ය සේවය ගස් බැඳිය යුතු නැත. (ම)
යහපාලනය තුළ මේ වගේ දේවල් අපි බලාපොරොත්තු වුණේ නැහැ. (නි)
ඔබතුමා හරි බව අපි හැමෝම දන්නවා. නමුත් අපි මේ ජීවත්වන්නේ ලංකාවේ බව ඔබතුමාට අමතකද? (නි)
අනේ මන්දා! මේවා දකිනකොට හිතෙනවා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියලමනේ පටන් ගත්තේ.(ර)
මේකටද යහපාලනය කියලා කියන්නේ? (නි)
අනේ මන්දා මහත්තයෝ මේවා! (නි)
මේ මහත්තය රජයේ සේවකයෙක්.මෙය පහුගිය කලේ සිරිකොතේ ඉඳන් මාධ්‍ය සාකච්ජා තිබ්බා. පස්සේ කිව්වා රවට්ටලා අරන් ගිය කියල. (ම)
අපි නම් මේ වගේ දේවල් නෙමෙයි, මීටත් වැඩිය දෙවල් බලපොරොත්තුවෙන් ඉන්නේ. තව තව දේවල් ඉදිරියට අහන්න දකින්න පුලුවන් වෙයි (නි)
ලක්මාල්, ඔබ හරි. මොහුත් ඔතනට පත් වුණේ කොහොමද කියලත් හොයා බැලුවොත් හොඳයි .(ම)
කෝ මේ කුලියට කහින "ඩුබියි" පොර? (අ)
මොහු මගේ මිත්‍රයෙක්, අධිකරණ වෛද්‍ය නිලධාරී හිටපු රාගම - අවංක නිළධරයෙක් , යහ පාලනයට වැරදිලා. (ස)
අනේ වෛද්‍යතුමෝ, අන්තරායකාරී රාජකාරි භාර ගන්නෙ නැතුව තමන්ට පුහුණු වෘත්තිය කරගෙන හිටියා නම් හොඳයි නේද මේ ලංකාවෙ, යහපාලන රජය ආරම්භක රාජකාරිය වුණෙත් අග්‍රාමාත්‍යවරයෙක් සිටියදීම තවත් අයෙකු එම තනතුරට පත් කිරීම බව මතක තියාගෙන තීරණයක් ගත්තොත් සෞඛ්‍යයට ගුණයි. (අ)
විධායකයේ බර හෑල්ලු කරන්න පටන් ගත්ත විතරයි නේද? (ස)
අනේ වෛද්‍යතුමෝ, ගඟට ඉනි නොකපා ගෙදර ගිහින් සැනසිල්ලේ නිදාගන්න. සිරිසේන, රනිල්ගේ අමාත්‍ය මණ්ඩලේ දිහා බලන්න.. එදා කුඩු ජාවාරම්කාරයෝ, එතනෝල් කාරයෝ කිවුව අය අද ඇමතිලා වෙලා ඉන්න හැටි බලන්න. ඔබ කරන්නේ දිනන්න බැරි සටනක් බව එ්කෙන් තේරුම් අරන් ගෙදර ගිහින් සැනසිල්ලේ නිදා ගන්න. (බ)
විරාජ්... රටම හිටියට ජනපති, අගමැති, අැමැතිලනම් ඉන්න පාටක් නෑ... අනිත් එක රටට අවංකව හොඳක් කරන්න යන අයට අන්තිමට ඉතුරු වෙන්නේ පසුතැවිල්ල විතරයි (බලන්නකෝ අපරාදේ රට වෙනුවෙන් මහන්සි වුනු ත්‍රිවිධ හමුදාවට ඉස්සරහට වෙන දේ). බොරුවෙන් වංචාවෙන් විතරයි ලංකාවේ දිනන්න පුළුවන්. (බ)
එහෙම කරන්නේ කොහොමද නොබියව නැගී සිටින්න (බ)
මාත් බලාගෙන තමයි ඉන්නේ වෙන්නේ මොකක්ද කියල. (බ)
යක් පාලනයේ හිටපු අයම යහ පාලනයට රිංගුවාම, ඔහේ යං පාලනයක් මිසක්, එතන කොහොමද යපාලනයක් ඇති වෙන්නේ? බල්ලාගේ ඇඟේ වහලා ඉන්න මැක්කෝ ටික වගේ ජනතාව දේශපාලන පක්ෂ වල එල්ලිලා ඉන්න කම් මේ රට හදන්න බැහැ. ඍජුව තම රාජකාරිය කරන අයට එම කාර්යය හරියට කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. අන්තිමේ ඉතින් මොන තනතුරකට හරි, කොහොම හරි රිංගා ගන්නෙත්, ඩීල් කාරයෝම තමයි. (අ)
පසුගිය රජය 10 වන අවුරුද්දේ පිරිහුණ මට්ටමටත් වඩා මේ රජය දැනටමත් පිරිහිලා. මේකද ජනතාව බලාපොරොත්තු වුන වෙනස ? (බ)
කොන්ද කෙලින් තියාගන ඍජුව කතාකරන මෙවන් මහතුන් අපේ රාජ්‍ය සේවයේ ඉන්නෙකත් ලොකු ආඩම්බරයක් මහත්තයෝ. ඔබට ජය පතමි! (බ)