
බොලිවියාවට අයත් ඇමසන් වනාන්තරයේ කිඹුලන් පිරි වගුරයකට කඩා වැටුණු කුඩා ගුවන් යානයක සිටි පස් දෙනකු පැය 36 කට පසු බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි.
ඇමසන් වැසි වනාන්තරය, ලතින් ඇමෙරිකා රටවල් කීපයක් පුරා පැතිර පවතින අතර, එයින් එක් රටක් වන්නේ බොලීවියාවය. මෙම සැහැල්ලු ගුවන් යානය, කාන්තාවන් තිදෙනකු සහ කුඩා දරුවකු රැගෙන ඇමසන් වනාන්තරයට ඉහළින් පියාසර කරමින් තිබියදී එය හිටිහැටියේ අතුරුදන් විය. ඒ, පසුගිය සිකුරාදා (2) දිනයේය.
දිවි ගලවා ගැනීමේ කණ්ඩායම්, යානය වනාන්තරයට කඩා වැටෙන්න ඇතැයි අනුමාන කරමින් එය සොයා යද්දී ඔවුන්ට වගුරක තිබී යානය හමුවුණු අතර, යානයේ නියමුවා, කාන්තාවන් තිදෙනා සහ කුඩා දරුවා යානයේ වහලයට වී සිටිනු දැකගත හැකි විය.
යානයෙන් අඩක් වගුරේ ගිලී ගොස් තිබුණු අතර, එම වගුර කිඹුලන්ගෙන් පිරී ගිය එකක් යැයැ පැවැසෙයි.
29 හැවිරිදි යානයේ නියමුවා පසුව පැවැසුවේ, යානය වගුරට ඉහළින් පියාසර කරද්දී ඇන්ජිමේ දෝෂයක් හටගත් බැවින්, යානය හදිසි ගොඩබෑමක් ලෙස වගුරට පතිත කළ බවය.
දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පැවැසුවේ නියමුවාත්, කාන්තාවන් තිදෙනාත්, කුඩා දරුවාත් යහතින් පසුවන බවත්, ඔවුන් සුළු තුවාල ලබා සිටින බවත්ය.
ගුවන් යානය, උතුරු බොලිවියාවේ බෝරාස් නුවර සිට ට්‍රිනිඩෑඩ් නුවර තෙක් පියාසර කරමින් තිබියදී මෙම අකරතැබ්බට මුහුණ දුන් බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කිඹුලන් පිරි වගුරකට වැටුණු පිරිස බේරා ගැනෙයි