කිඹුල් හූනන් 12 දෙනකු අල්ලාගෙන එමින් සිටි තිදෙනෙක් ත්‍රීකුණාමලය තිහේ ධ්‍යන්‍යගම හන්දියේ දී, ත්‍රීකුණාමලය පොලිසිය විශේෂ කාර්ය බළකාය විසින් අද (26) අලුයම අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් ආ ත්‍රිරෝද රිය ද පොලිස් බාරයට ගෙන ඇත. මරදානේ තැරව් කරුවකුට විකිණීමට මේවා ගෙනැවිත් ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙලිවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් මෙච්චර මිල කරන්නේ මොකද? කියා දෙන්නකෝ දන්නා කෙනෙක්. (අ)
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල සත්ව විද්‍යා පීඨ වල මහතුන් මෙම හූනන් ගැන විස්තරයක් මාධ්‍යයට ලබා දෙන්නේ නම් කොපමණ හොඳද? නරකද ලංකාදීප පත්තරයක් සත්ව විද්‍යා අංශ වලට තැපැල් කලොත්.පර්යේෂණ කරන අතර තේ බොන වෙලාවෙවත් කියවන්න පුළුවන් නිසා? (නදී)
දැන් ඉතින් අපේ මිනිස්සු අහිංසක හුනටවත් ඉන්න දෙන එකක් නැහැ මේ ප්‍රචාරයෙන් පස්සේ (දී)
දුප්පත් කමින් මිරිකී මිරිකී ඉන්න අයට හුනෙක් හරි විකුණගන්න එක නම් නරක දෙයක් නොවෙන දෙයක්, කුඩු විකුණන් නැතුව. (දී)
මම මෙච්චර කාලයක් බලාගෙන හිටියේ මේ මොකාද කියලා!!! (අ)
කිඹුල් හූනන් කියන්නේ කොටියෝවගේ ජාතිකයක් ද, ගිනි අවි අතේ තියන් ඉන්න නිසා ඇහුවේ. (අ)
කොහොමද මේ හුනන්ව හදුනා ගන්නේ (දී)
අපේ ගෙවල් වල ඕන තරම් ඉන්නවා. අපි අතින් කීයක් හරි දෙන්නම් අල්ලාගෙන යන්න. කිඹුල් එවුන් විතරක් මෙනෙයි ඕන ජාතියක් ඉන්නවා. (අ)
ඕව ඔය තරම් මිල නම් කිඹුල් හූනන් හදල පිටරට යවල ලංකාවට අදායම් මාර්ගයක් කර ගන්න. අනේ එතකොට ලංකාවේ ණය ටික වත් බේරගන්න පුළුවන්නේ(අ)
හැකිනම් ගෙවල්වල ඉන්න මීයෝ , කැරපොත්තෝ , මදුරුවෝ වගේ සත්තුත් රට යවන්න පටන්ගන්න . නොමිලේ සපයන්නම් . (දී)
මේ රාජසන්තක කරන හූනන්ට මොකද වෙන්නේ (දී)
ෙමි හුනන්ගනේ සුප් එකක් හදනවා හරිම රසයි ඒ වගේම ගුණයි ලෙඩ ගණනාවක් සුවකරනවා. ඒකයි මේ තරම් ගණන්. දැන් තමයි මේවා එලිවෙන්නේ. මේ හුනු වර්ගය ලංකාවේ විතරයි ඉන්නේ ඒකයි මේ තරම් ගනන්.(නදී)
සිරි කිතේ බෑ. (නදී)
අපේ ගෙදරත් ඉන්නවා. (නදී)
මෙයින් අදායමක් ගන්න පුලුවන්නම් මේ සදහා ව්‍යාපෘති හදා දිරි ගන්නන්න ඕනේ (දී),
හුනන්ට හොඳ අරක්ෂවක් නම් දීල තියෙනවා. (ස)
මේ සතා මොකද මේ තරම් වටින්නේ (දී)
ඒකනේ මෙතරම් වටිනවා නම් මේ සතුන් බෝ කර විදේශිකයන්ට අලවි කරන වැඩ පිළිවලක් දියත් කරා නම් හරිනේ. මේ එක සතෙක් ලක්ෂ 12 වැනි මුදලකට අලවි වෙනවා. ඉසුරෙන් පිරිලා වගේ මොන දේ කලත් එක්කෝ රාජ සන්තකයි නැතිනම් පොඩි මිනිහට එක අහෝසියි. අපි අපිටම බොරු නොකරගෙන රට විනාශ නොකර විදේශ විනිමය උපයන්න පුලුවන් ක්‍රමයක් මේක. කැසිනෝ,මත් කුඩු,ගණිකා මඩම්,වලට වැඩිය පිරිසිදු දෙයක්. මේ සතුන්ට අලවි කරන්නේ සුරතලේට ඇති කිරීමට පමණයි. මන්නම් මේකේ වරදක් දකින්නේ නෑ.(නදී)