හලාවත ඉරණවිල මුහුදේ පාවෙමින් සිටි කිඹුලකු වන ජීවි නිළධාරින්ට භාර දිමේන් පසු විල්පත්තුව වනෝද්‍යානයේ පෙරියනාග විල්ලුවට මුදා හළ බව නවගත්තේගම වන ජීවි කාර්යාලයේ අඩවි සහකාර එච්.ඒ චන්ද්‍රසිරි මහතා කියයි.
පුත්තලම දිස්ත්‍රික් වන ජීවි සහකාර අධ්‍යක්ෂක ඩබ්ලියු .එම්. එස් කේ .චන්ද්‍රරත්න මහතා කියනුයේ අඩි 15 යි අගල් හයකට ආසන්ව දිගින් යුතු වන මේ කිඹුලා දිගින් හා බරින් දෙවැනි ස්ථානයට හිමිකම් කයන බවයි.
ලෝකයේ ලොකුම කිඹලා අඩි 20 යි අඟල් 3ක් දිග අතර බර කිලෝග්‍රෑම් 1075 ක් වෙයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විල්පත්තුවට දැම්මා නම් අල්ල දෙවියන්ගේම පිහිටියි (අ)
අදමයි ඇහුවේ කිඹුලන් වැඩිවෙන්නේ මිනිසුන්ගේ අයහපත් ක්‍රියාදාමයන් නිසා කියලා. ඔයත් මනුස්සයෙක්නේ අනේ. මෝඩ කතා කියන්න එපා රොහාන් මීගමුව (නි)
දෙවැනි ස්ථානයට හිමිකම් කියන්නේ ලෝකෙන්ද අපේ රටෙන්ද (හේ)
ගඟේ වැලි ගොඩ දැමීම නිසා ගංගාවල් ගැඹුර වෙන්ව ඒ සමග මුහුදු ජලය හොද ජලයට මිශ්‍ර වීමෙන් කිබුලන්ගේ ගහනය වැඩි වෙන්න මේවා මිනිස් ක්‍රියාකාරකම් නෙවේද? (හේ)
මුහුදෙන් අැල්ලුවා නම් මුහුදෙන් අල්ලපු ලෝකයේ ලොකුම කිඹුලා බවට පත්විය හැකියි (නි)
මුහුදේ ජීවත්වෙන කිඹුල්ලු ලෝකේ කොහෙවත් නැහැ. ලුණු වතුරේ දිගටම කිඹුලන්ට ජීවත්වෙන්න බැහැ. ගොඩක් වෙලාවට කලපු වල ජීවත්වෙන කිඹුල්ලු වැරදීමෙන් මුහුදට යනවා (නි)
මම අහලා තියෙනවා ඕස්ට්‍රේලියාවේ කරදිය කිඹුලන් ඉන්නවා කියලා. (නි)
මේ කිබුලන් නිසා ආසාවට ඇලක දොලක විතරක් නෙවේ මුහුදවත් බැහැල නගන්න බැහැනේ ඉස්සර නම් මෙහෙම නැහැ දැන් එන්නේ එන්නේ කිබුල් ගහනය වැඩි වෙනවා මේවා මෙහෙම් වෙන්නේ මිනිසාගේ අයහපත් ක්‍රියාදාමයන් නිසා. (ර)
මටනම් හිතෙන්නේ සන්විධානගත පිරිසකගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් කියලයි (රේ)
මුහුදෙන් අැල්ලුවා නම් මුහුදෙන් අල්ලපු ලෝකයේ ලොකුම කිඹුලා (අ)
අවබෝධයෙන් ඉන්න වෙයි. මුහුදේ ජීවත් වන කිඹුල්ලු ඉන්නවා බ්‍රශිලයේ ඇති ලොකුම තර්ජනයක්. මුහුදු වෙරළ පාවිච්චි කරන්නත් බෙහෙවින් අමාරුයි. (ර)
කොච්චර කාලයක් කිඹුලට විල්පත්තුව ඉඩ තියේද දන්නේ නැහැ. (ර)
කිඹුල් ගහනය වැඩි වෙන්න හේතු තියෙනවා. ලංකාවේ කිඹුල්ලුන්ව ආහාරයට ගන්නේ නැහැ. වෙනත් රට වල ජෛව විවිධත්වය නිසා වෙනත් විශාල සතුන් කිඹුලන් මත රදා පවතිනව. ඒක නිසා ස්වාභාවිකවම ගහනය පාලනය වෙනවා. කිඹුල් මස් හොර රහසේ අනුභව කරන අය ඉන්නව ඕන තරම්. මතයක් තියෙනව කිඹුල් මස් වලින් නිතරම හෙම්බිරිස්සාව සෙම් රෝග හැදෙනවා කියලා. ඒත් මේ යන විදියට කිඹුලන්ව ආහරයට ගන්න පුලුවන්නම් ගහනය පාලනය වීමෙන් මෙසේ අයහපත් දේවල් වෙන එක අඩු වේවි. (බ)