ඔබේසේකරපුරේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ කඹුරුපිටියේ හර්ෂ සී යසස් කොළඹ ජාතික රෝහලේදී මරණයට පත් විය.
ඔහුට අද(3) සවස මෙම වෙඩි ප්‍රහාරය එල්ල විය.
කඹුරුපිටිය ගෝදාව නදුන් උයනේ පදිංචි වී සිටි යසස් දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මහතාට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනිමැරීමේ සිද්ධීන් රැසක සැකකරුවෙකි.
මදුෂ් ලක්ෂිත නොහොත් මදුෂ්කගේ ප්‍රධාන ගෝලයා ඔහු බවද කියති. ටී 56 ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවට හර්ෂ මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද කල්දේරා මහතා ඇතුළු කණ්ඩායමක් මාතර වෙරළ පාරේදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඒ වන විට ඔහු මාතර හක්මන පාරේ හාල් වෙළඳසලකට පැන රුපියල් ලක්ෂ තුනක් කොල්ලකෑමට හා මාතර බන්ධනාගාරයේ නිලධාරියකුට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියකට පොලිසියට අවශ්‍යව සිටියේය.
මාස ගණනාවක් බන්ධනාගාර ගතව සිටි හර්ෂ ඉකුත් 26 වැනිදා ඇප ලබා කොළඹට ගියේය. ඔහු ඇසුරු කරන කතක සමග ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට ගොස් නැවත ඔබේසේකරපුර නිවසට පැමිණ ඇත්තේ බදාදාය.
ඌරුබොක්ක රොටුඹේ ඝාතන දෙකකට අකුරැස්ස තලහගම මිනීමැරුමකට, හොරපාවිට ඝාතනයකට තැත් කිරීම, කඹුරුපිටියේ ව්‍යාපාරිකයකුට අත් බෝම්බයක් පෙන්වා මරණ තර්ජන කිරීම ආදී අපරාධ රැසකට ද හර්ෂ ට එරෙහිව පැමිණිලි ලැබී තිබිණි.
මාතර දිස්ත්‍රික්කයට අමතරව කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක සිදුවූ මිනිමැරුම් හා මංකොල්ලකෑම් ආදී අපරාධවලටද ඔහු සම්බන්ධ වී තිබෙන බවට පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.
මුල් කාලයේ දී ඔහු කොළඹ බැංකුවක කාර්යාල සහායකයකු විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලන්ත ඊයෙ ඉපදුණ කෙනෙක් වගෙනෙ. ඔයා ජීවිතේ මුල් වතාවටද මේවගේ දෙයක් ඇහුවෙ? තව කෙනෙක් ලියල තිබුනෙ, යහපාලනය නිසා මේවා පටන් ගත්තා වගේ නෙ. එයා නින්දෙන් ඇහෑ ඇරලා වගේ. (ර)
යහපාලනය තුළ පාතාලය හිස ඔසවනවා කියන අය දන්නේ නැහැ මේ අය කාගේ ගොලයෝද කියලා. (නි)
මොනවද මේ වෙන්නේ? (නි)
හැමදාම භීෂණය වැපිරුවේ මොන ආණ්ඩුද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ (නි)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියන්නේ කෙතරම් මසුරන් කියමනක් ද ! (රේ)
.පාතාලේ රජකරන්න පටන් ගත්තේ මහින්දගේන්වත් යහපාලනය නිසාවෙන් වත් නෙමෙයි. මර්දනය කරන්න බැරි තරමට කිරි පොවලා ඔඩොක්කුවේ තියාගන පැටව් එලියට දැම්මේ 77 පස්සේ. තිත්ත උනත් ඇත්ත එකයි.තවවිස්තර ලිව්වොත් මගේ කමන්ට් එක පලකරන එකක් නැහැ.පාතාල රජවරු, රජවරුත් එක්කත් හිටිය කියන එක 77 පසුඅ බිහිඋන දරුවෝ නොදන්නවා ඇති.(රේ)
ලංකාවේ පොලිසි සහ උසාවි කල්මරනාවිට අපරාධකරුවන්ට උපරිම දඬුවම ලැබී හමාරයි. (නි)
අපි තවම ඉන්නේ නොදියුණු අශීලාචාර ගල් යුගයේද? (නි)
සුමිත් බස්නායක, මම ලියන්න හිතලා බලනකොට ඒ ටික ලියලනේ. ඇත්ත. අද අය ඕවා දන්නේ නැහැනේ. (නි)
ගිනි අවි සහ ගිනි කෙලි වහාම පාතාලය මර්දනය කළ යුතුයි (හේ)
තිස්තුන් කෝටියක් දෙවිවරුත් පාතාලයට දැන් යටයි වගේ. අනේ මගේ රටට කාගේ පිහිටක්ද? (නි)
යහපාලනයත් එක්ක පාතාලය හිස ඔසවාගෙන එනවා වගෙයි..(හේ)
දේශපාලකයෝ චණ්ඩි ළංකර ගන්නේ නැතුව ඉන්නවා නම් පාතාලය නිකන්ම නැතුව යනවා. මොන පැත්තෙන් ආවත් දේශපාලකයෝ තමයි චණ්ඩි බිහිකරන්නෙත් චණ්ඩි රකින්නෙත් (නි)
උසාවියෙනුත් ඇප දීලා. ඊළඟට මොනවා සිද්ධවෙන්න තිබුණද කවුද දන්නේ? ඒ නිසා මෙහෙම දෙයක් වුණා වෙන්න බැරිද? (නි)
පාතාලයට පිළිතුරු යහපාලනය ලඟ නැති හැඩයි.(හේ)
පාතලය ආයෙත් හිස ඔසවලා වගෙයි.(හේ)
එක මිනීමැරුමක් නෙමෙයි මිනීමැරීමේ සිද්ධීන් රැසක සැකකරුවෙක් නේද? කොහොමද ඇප ලැබුනේ? යහපාලනය නිසාද? එසේනම්, යහපාලනය වහාම ප්‍රතික්ෂේප කරමි. (නි)
ඉතාම සතුටු දායක ආරංචියක් දෙවියන්ට ස්තුති වේවා !!! වෙඩි තිබ්බ දෙන්නටත් මේ දේම හෙට අනිද්දා වෙන්න කලින් වෙනවා නම් තවත් හොදයි (බ)
අයි මහින්ගේ කාලේ පාතාලය නැති වෙලාද තිබුනේ. පාතාල වැඩි උනේ මහින්දගේ කාලේ ඒවා අදටත් හොල්මන් කරනවා. (ර)
හිටපු අයගෙ හැටියට මෙයත් ජනාධිපති වෙන්න සුදුසු කෙනෙක් (බ)
කොළඹ බැංකුවක කාර්යාල සේවකයෙක් ඇයි මේ තත්වයට වැටුනේ? අර පාලනය මේ පාලනය නෙමෙයි, අපි කල්පනා කරන්න ඕනෑ හේතුව (නි)
කල්ගිහින් හරි නරක අය ඉවර වෙන එක නම් ලොකු දෙයක්..........(බ)
කල් ගිහින් මොනාහරි වෙන එක නම් ලොකු දෙයක්..(බ)
පාතාලයෝ ආයේ ලංකාවට අාවේ ගිය මැයි ඉඳන්. දැන් ආයෙත් එයාලගේ වැඩ පෙනෙයි. කුමාර් මෙන්ඩිස් මැරිලා ඉපදිලද කොහෙද. (බ)
අපරාද කළොත් එහෙමයි ප්‍රතිපල අනිවාර්යයි. හොඳ පාඩම් (බ)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙත්වා!!! (ම)
මොකක්ද මේ වෙන්න යන්නේ. (ර)
පාතාලයට යන එන මං නෑ. (ර)
මං දන්නා හැටියට පොලිස්පති චන්ද්‍රා ද සිල්වා මහතා ඉන්නකොට සාර්ථකව පාතාලය මර්දනය වෙමින් පැවතුනා. අහුවෙනවට බයේ සමහරු දේශපාලුවන්ගේ උදව්වෙන් පිටරටට පැන්න. සමහර දේශපාලුවෝ ඒ අයව ගුවන් තොටට ගිහින් ඇරලුවා. ඒ දේශපාලුවෝ ඒවා කරලා යෙහෙන් වැජඹුණේ කොහොමද කියන එක රටට නම් රහසක් නෙමෙයි. කොහොම වුනත් දැනුත් අපට ඒ වගේ පොලිස්පතිවරයෙක් තදින්ම අවශ්‍යයි. (ර)