IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කඹුරාදෙණියේ දැවයෙන් දම් සභා මණ්ඩපයක්

උඩුනුවර කඹුරාදෙණිය, ඉළුපැන්දෙණිය රජමහා විහාරස්ථානයේ කඨින පූජෝත්සවය සඳහා හිමිවරුන් හා ගම්වාසීන් එකතුව දැවයෙන් දම් සභා මණ්ඩපයක් ඉදි කරයි.

විහාරාධිපති යටිවැල්දෙණියේ විමලකීර්ති නාහිමියන්ගේ උපදෙස් මත දායකයන්ගේ ඉල්ලිම මත මෙසේ නිර්මාණයක් කළ බව එහි නිර්මාණ කටයුතු කළ යටිවැල්දෙණියේ නිමලධම්ම හිමියෝ පැවැසුහ.

මෙම දම් සභා මණ්ඩපයේ පැරණි කැටයම් සහිතව විටිනාකමින් යුත් දැව වර්ග විහාරයේ දායක දායිකාවන්ගෙන් ලබාගෙන නිර්මාණය කළ හැකි තරුණ තරුණියන් ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම දම් සභා මන්ඩපය නිම කළ බව ඒ හිමියෝ කීහ.

ඉතා දැකුම්කළුව දැවයෙන් පමණක් නිම කර ඇති මෙම දම් සභා මණ්ඩපය වෙනත් විහාර වල පින්කම් සඳහාද ගෙන යා හැකි පරිදි නිර්මාණය කර ඇත.

මෙම දම් සභා මණ්ඩපයේ දී දම්සක්පැවැතුම් සුත්‍ර දේශනාවක් අද (24) තලවතුරේ ශ්‍රී සුමන පඤ්ඤාතිස්සාභිදාන නාහිමි, ගම්පොළ සිරි බුවනෙක මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති රංදිලිගම ආනන්ද, ගම්පොළ ශාස්ත්‍රාලෝක පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති දේදුනුපිටියේ පඤ්ඤාරතන, හදුන්ගමුවේ සද්ධාතිස්ස යන හිමිවරු විසින් පවත්වනු ලබති.

damsaba_20151124- damsaba_20151124-2- damsaba_20151124-3- damsaba_20151124-4- damsaba_20151124-5- damsaba_20151124-6- damsaba_20151124-7- damsaba_20151124-8- damsaba_20151124-9- damsaba_20151124-10-



අදහස් (0)

කඹුරාදෙණියේ දැවයෙන් දම් සභා මණ්ඩපයක්

ප්‍රභාත් Tuesday, 24 November 2015 12:03 PM

ගොඩක් හොඳ වැඩක්. ලොකු පින්කමක්. (ර)

:       0       0

වීරසිංහ Tuesday, 24 November 2015 12:00 PM

මට මතක් වෙනවා මහා සිටුවරයෙකුගේ කතාවක්. (ර)

:       0       0

චන්දවිමල හිමි Tuesday, 24 November 2015 01:59 PM

අපේ පෞරාණික කැටයම් කලාව සහ මහනුවර යුගයේ දම්සභා මණ්ඩප ලක්ෂණ පිළිබඳ දැනුම මේ පින්වත් දරුවන්ට පිහිටා තිබීම ඉතා අගනේය. කඹුරාදෙණිය යනු කැටයම් කලාවේ මුදුන් මල්කඩ වන ඇම්බැක්ක ග්‍රාමයට ඉතා නුදුරින් පිහිටා ඇති ගමකි. (නි)

:       0       0

යෝනක Tuesday, 24 November 2015 02:27 PM

විශිෂ්ට කාර්යයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site