උඩුනුවර කඹුරාදෙණිය, ඉළුපැන්දෙණිය රජමහා විහාරස්ථානයේ කඨින පූජෝත්සවය සඳහා හිමිවරුන් හා ගම්වාසීන් එකතුව දැවයෙන් දම් සභා මණ්ඩපයක් ඉදි කරයි.
විහාරාධිපති යටිවැල්දෙණියේ විමලකීර්ති නාහිමියන්ගේ උපදෙස් මත දායකයන්ගේ ඉල්ලිම මත මෙසේ නිර්මාණයක් කළ බව එහි නිර්මාණ කටයුතු කළ යටිවැල්දෙණියේ නිමලධම්ම හිමියෝ පැවැසුහ.
මෙම දම් සභා මණ්ඩපයේ පැරණි කැටයම් සහිතව විටිනාකමින් යුත් දැව වර්ග විහාරයේ දායක දායිකාවන්ගෙන් ලබාගෙන නිර්මාණය කළ හැකි තරුණ තරුණියන් ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම දම් සභා මන්ඩපය නිම කළ බව ඒ හිමියෝ කීහ.
ඉතා දැකුම්කළුව දැවයෙන් පමණක් නිම කර ඇති මෙම දම් සභා මණ්ඩපය වෙනත් විහාර වල පින්කම් සඳහාද ගෙන යා හැකි පරිදි නිර්මාණය කර ඇත.
මෙම දම් සභා මණ්ඩපයේ දී දම්සක්පැවැතුම් සුත්‍ර දේශනාවක් අද (24) තලවතුරේ ශ්‍රී සුමන පඤ්ඤාතිස්සාභිදාන නාහිමි, ගම්පොළ සිරි බුවනෙක මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති රංදිලිගම ආනන්ද, ගම්පොළ ශාස්ත්‍රාලෝක පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති දේදුනුපිටියේ පඤ්ඤාරතන, හදුන්ගමුවේ සද්ධාතිස්ස යන හිමිවරු විසින් පවත්වනු ලබති.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳ වැඩක්. ලොකු පින්කමක්. (ර)
මට මතක් වෙනවා මහා සිටුවරයෙකුගේ කතාවක්. (ර)
අපේ පෞරාණික කැටයම් කලාව සහ මහනුවර යුගයේ දම්සභා මණ්ඩප ලක්ෂණ පිළිබඳ දැනුම මේ පින්වත් දරුවන්ට පිහිටා තිබීම ඉතා අගනේය. කඹුරාදෙණිය යනු කැටයම් කලාවේ මුදුන් මල්කඩ වන ඇම්බැක්ක ග්‍රාමයට ඉතා නුදුරින් පිහිටා ඇති ගමකි. (නි)
විශිෂ්ට කාර්යයක් (නි)