මාදම්පාවිල අභයභූයේ ඉඩමක් අනවසරයෙන් ගොඩ කරතියි ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට ගිය හික්කඩුව වනජීවී නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කරමින් ඔවුන්ට පහර දුන්නැයි සැකපිට අම්බලන්ගොඩ ඩෙන්සිල් වැල්ලගේ ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.
වැල්ලගේ ඔහුගේ නිවසින් අත්අඩංගුවට ගත් ආකාරයෙන්ම උසාවියට ඉදිරිපත් කැරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාළහාමිලාට ගහපු ඇමති පුත්තුත් උසාවි අරන් ආවේ ඔහොම වෙන්න්න ඇති නේද? (දී)
මෙයාට මෙහෙම උනාට එක රැයට ටිපර් වලින් අනවසර ගොඩකිරීම් කරන අයත් ඉන්නවා, පස්සෙ ගෙවල් හදල රජයෙන් අනුමත කරලා ජල විදුලියත් ගත්ත අය ඉන්නවා, අවශ්‍ය මුදල් පමණි, (දී)
ආයුද පෙන්වන්න ගෙනියනවද (දී)
වන ජීවී අඑකේ කට්ටියක් කාර්යාලය ඇතුලෙම මුව මස් උයලා ඇහුන නේද ඒ ගොල්ල්ලන් වත් මේවගේ ගෙනියන්න (දී)
මෙයා උප නගරාධිපති කෙනෙකුගේ සහෝදරයෙක් කියලා මම වෙබ් අඩවියකින් කියෙව්වා. (නදී)
අහිංසක මිනිසෙකුගේ වේදනාව වැඩි වූ කල එම වේදනාව ඉන්පසු තරහක් බවට පත්වේ (නි)
මී පැටවු වගේ දැන් ඔහොම හිටියට ඒ වෙලාවට හරි ලොකු චණ්ඩි තමයි. (නි)
නිලධාරී මහතුනි, කළ කාර්යය ඉතාමත් අගනේය! (නි)
අපරාදේ! ලබන වාරයට ඡන්දය ඉල්ලන්න හිටි සුදුස්සෙක් අඩු වුණා.. (නි)
මහේස්ත්‍රාත් තුමා අපිට වඩා නිතිය දන්නා නිසා ඔන්න මමනම් මොකුත් කියන්නේ නැහැ ! (දී)
මේ නිලධාරීන් විල්පත්තුවේ ගියානම් පොදි ගණන් අල්ලාගෙන එන්න පුළුවන්. අනේ , මිටි තැනින් වතුර ගලන හැටි (නදී)
වනජීවී නිලධාරීන් මුව මස් හට්ටියකුත් සමඟ වනජීවී ඇමතිතුමාට ඊයේ හසු වූ හැටි අපි දැක්කා.මෙවන් නිලධාරින් රාජකාරි ඉටු කරන විදිහ කදිමයි නේද? (නි)
අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)
පේනවා නේද මිනිසුන්ගේ බය නැතිකම? (නි)
මේකේ අදහස් දාල තියෙන පිනා සහ අබිලික් කියන දේවල් දැක්කම මේ රටේ දැන් බහුතරයක් ඉන්නේ පිනාලයි අබිලික්ලයි කියල තේරෙනවා. නැත්නම් මෙච්චර රටට හෙන ගහල තියෙද්දිත් පිනාල - අබිලික්ල වගේ ඉඳියිද මිනිස්සු? රනිල් වගේ උගත් , වැදගත් නායකයෙකුගෙන් රටට අවශ්‍ය සේවය ගන්න දන්නේ නැති හරක් රැලක්. (නදී)
කරපු වැඩේ වැරදි වුනත් මිනිහා ෆිට් (නදී)
ඉඩම ගොඩ කරන්න ඇත්තේ වගාවකට වෙන්න ඇති. බලපත්‍රයක් දුන්න නම් (නදී)
කමිසය නැතුව කියන්නේ සිරුරෙන් අඩක් නිරුවත්. එවන් කෙනෙක් උසාවියට ඉදිරිපත් කිරීමේදී උසාවියට අපහාස කිරීමේ චෝදනාවට යටත් වෙනවා නේද නිලධාරීන්.(නදී)
මේ මනුස්සයා දැක්කහම නම් පෙනෙන්නේ ඉන්න තැනක් නැතිකමට ගෙයක් හදාගන්න කළ වැඩක් වෙන්න ඇති කියලා. ඒ වුණාට ඉඩම් ගොඩකරලා හෝටල් හදන අයට කිසි ප්‍රශ්නයක් නැහැනේ.... (නි)
වනජීවී නිලධාරීන් මුව මස් හට්ටියකුත් සමඟ වනජීවී ඇමතිතුමාට ඊයේ හසු වූ හැටි අපි දැක්කාකා තමයි. පුතා ඡන්දෙ ඉල්ලන නිසා ලකුණු දාගන්න තමයි ඇමතිතුමා මේ වගේ වැඩ කරන්නේ කියලයි අපිටනම් හිතෙන්නේ. (නදී)
හොඳ වෙලාවට මේ පුද්ගලයා කලිසමක් ඇදල හිටිය. නාන ගමන් ඇල්ලුවා නම්. (නදී)
කුඹුරෙදි අත් අඩංගුවට අරගෙන අමුඩේ උඩින් පොඩි රෙදි කෑල්ලක් අැඳගෙන ආව සැකකාරයෙක් ගැන මට මතකයට එනවා (නදී)
හෙට අනිද්දා ඇඳුම් නැතිවම ගෙනෙයිද දන්නේ නැහැ (දී)
මේ වැඩේ වැරදි නේද. එයා කරපු වැඩේ නම් ගොඩක් වැරදි, එත් මිනි මරුවන්ගේ මුහුණු තමන්ගේ හිස් අවර්නයෙන් වහන පිරිස් ඉන්න තැන් වල මේ මනුස්සය කමිසයක් වත් නැතුව අරන් ආපු එක!(දී)
වන ජීවී එකේ අයට මුව මස් උයන් කන්න පුළුවන්... හැම දෙයක්ම පොඩි මිනිහට තමයි (නදී)
මානව හිමිකම් කඩ කිරීමක් වෙයිද? (දී)
කව්රු කරත් වැරද්ද වැරද්ද තමයි. එ්ත් මූ හාල් මැස්සෙක් නැත්නම් පොලිසිය ඔච්චර වැඩ පෙන්නන්නේ නැහැ (නදී)
රක්ෂිත වනානාන්තර සුද්ද කරලා හෝටල් හදන අයට දෙන දඩුවම මොකක්ද? (නදී)
කළුපෙරුම සොහොයුරා බොහොම හරි. අර වාස් ලයි බාස් ලයි අල්ලාගෙන ආපු විදියටමද උසාවි ගෙනාවෙත්. මේ මනුස්සයාගේ මුහුණ වහන්න කෙනෙක් ඔතන නැතුව ඇති මගේ හිතේ (නදී)
මෝරෙක් අසු උනානම් මේ වගේ ගෙනියන එකක් නැහැ නේද?(දී)
පහල තැනින් කියනවනේ වතුර ගලන්නේ. අවුලක් නෑ මේක ආසියාවේ අාස්චර්යනේ. වැලිකඩ නම් ලොකුවට ගහල තියෙනවා හිර කරුවෝත් මනුස්සයෝය කියලා නම් (නදී)
ජනපති හමුවෙන්න චාන්ස් එකක් වගේ ,,(දී)
ලොකු මිනුස්සු අක්කර සියගණන් ගොඩකරලා හෝටල් හදනවා ආවට වනජීවී එකෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ අලි මරවා. (අ)
මටත් මේ වැඩේට නම් හොදටම කේන්තියි, මිනීමරුවෝ ටයි කෝට් දාල ගේන්නේ,මේ මනුස්සය අත් අඩංගුවට ගන්න වෙලාවේ කමිසයක් දා ගන්න කියන්න තිබුන නේද...? ''පහත් තැනින් යයි ගලා ජලේ'' (අ)
මේත් ප්‍රාදේශීය සබා මන්ත්‍රී කෙනෙක්ද?(දී)
රටේ නීතිය මිනිස්සු අතේ. අපරාද කාරයින්ට කිසිම සමාවක් දෙන්ඩ එපා. නැත්නම් මුළු රටේම මිනිසුන් අනතුරේ. (දී)
ඔය වගේ කට්ටිය තමයි ලේසියෙන්ම අපරාධකාරයින් වෙන්නෙත්. ඊට කලින් අර සත්තුන්ව ගාල් කරනවා වගේ හිරේම තියෙන එක සමාජේ අනිත් මිනිස්සුන්ට ශරීරෙට හොදයි.!(දී)
පහත් තැනින් වතුර ගලා යන අපුරුව දකිමි. රුවන්වැලි සෑයවල් එක කටට ගිල දමන මෝරුන් සිටින රටක අග්ගලාවක් ගිල්ල හල්මස්සෙකුට මේ නිලදාරීන් දක්වන නීතියේ රශ්නය මුවගට සිනා ගෙනෙදේ.(දී)
තෝරු මෝරු අතරේ සෙල්ලම් දාන්න බැරි මෙයාලට තිත්ති පැටියෙක් හම්බ උනාම එකට දෙන්නන තියෙන දෙතිස් වදේම දෙනවා. (දී)
හැමෝම මෙහෙම එන්න ගනීද දන්නේ නැහැ (දී)
අනේ මන්දා මොනවද මේ වෙන්නේ (දී)
කමිසය කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි (දී)
ලොකු ලොකු අපරාධ කාරයෝ ඇතිවෙන්නේ මේවගෙන් තමයි (දී)
මේ ලඟදි විල්පත්තුව අක්කර ගණනින් විනාශ කරනකොට මේ වගේ අත්අඩංගුවට ගත්තේ නැනේ. (දී)
මේ විදිහට ක්‍රියාකිරීම වැරදියි ඔහුට නිසි ඇදුමක් දීමට තිබුනා මේවගේ දේවලින් දරුණු අපරාද කරුවන් ඇතිවීමට මගක් ඇතිවීමට පුළුවන් මීට වඩා බුද්ධිමත්ව බලදරියෝ රාජකාරි කල යුතුයි (දී)
කමිසයක් ඇඳගන්න වෙලාවක් තිබිලා නැද්ද? (නි)
මේවා දකිද්දී කලකිරෙනවා (දී)
නීතියට ගරු කරන්න (දී)
කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ (දී)
නිලධාරීන් හරියට රාජකාරි කිරීම රටට ආඩම්බරයකි,ඔබ සැමට ප්‍රණාමය, (දී)
ආහාරගනිමින් සිටි අපරාදකරුවෙක් අල්ලපු අවස්‍තාවක ඔහු එය නිමකරනතුරු බලාසිටි පොලිස්නිලදාරින් සිටිකාලයක් තිබුනා.උසාවිය වරදිකරුවෙක් කරනතාක් ඔහු නිවරදි කරුවෙක්. පොලිසියමීට වඩා ශිෂ්ට සම්පන්න වියයුතුයි (දී).
උසාවියට අපහාසයක් කලා වගේ මට නම් හිතෙන්නේ (දී)
තවත් වරක් පොලිසිය නීතිය අතට අරන් වගේ .මානව හිමිකම් කඩකිරීමක් .(අ)
කමිසයක් අන්දලා උසාවි ඉදිරිපත් කළා නම් තමයි වටින්නේ...... (දී)
උසාවියට කමිසයක් නැතුව ඇතුළුවෙන්න දෙනවද? (නි)
මෙන්න ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය. තංගල්ලේ සභාපති මාධ්‍ය වේදීන්ටවත් ලං වෙන්න නොදී ගිනියපු විදිය මතකයි නේද ?. මේ මනුස්සයා ඔය ඉඩම ගොඩ කරන්න ඇත්තේ ජීවත් වෙන්න ගෙයක් හදන්න නැත්නම් ගොවිතැනක් කරන්න. මේ මනුස්සයා හිරේ ගිහින් ඉන්නේ මුළු සමාජයටම වෛර කරමින්. "අපරාද කරුවන් සහජයෙන් බිහි නොවේ. කුසගින්නත්, දිළිඳු කමත්, සමාජ අසාදාරනයත් අපරාද කරුවන් බිහි කරනු ලබයි," (දී)
පහුගිය දවස්වල අප දුටුවා ස්ත්‍රී දුෂකයෝ, මිනීමරුවෝ ටයි කෝට් දාලා උසාවි ගේනවා. ඉතින් මේ මනුස්සයාට කමිසයක්වත් අන්දාගෙන ආවා නම් නේද හොඳ. (දී)
මට නම් පේන්නෙ අර පූසෙක් මී පැටියෙක් අල්ලාගෙන සෙල්ලම් කරන දර්ශනයක් වගේ. (දී)
සඳුන්ගේ කතාව 100%ක් ඇත්ත. තවද කමිසයේ උඩ බොත්තම දාන්න අමතකඋනත් උසාවියට අපහාසකලා කියල රුපියල් 500ක් දඩ ගහනවනේ,මෙවනි දේ වලින් උසාවියට අපහාසයක් නොවේද?ලොකුඅපරාධ කාරයන් ටයි .කෝට්,දාල මගුල් ගෙවල්වල යන්න වගේ උසාවියට එන්නේ. (දී)
කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි (නි)
සැකකරුවකු වැරදිකරුවකු වනතුරු නීතියෙන් ඔහුට මානුෂික අන්දමින් සැළකිය යුතුය (නි)
ඇයි මේ අසරණයා වැරදිකරුවෙක් වුවත් ඒ ආකාරයට ඔහුට කය වසාගන්නා තුරු නොසිටියේ ..? (නි)
වැරැද්ද දුටුතැන දඩුවම්දීමයි කළයුත්තේ (නි)