IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘කොමිස් නෑ, දූෂණ නෑ, ජාතිවාදය නෑ‘

කොමිස් නොගෙන ගජ මිතුරනට මහජන සම්පත් කොල්ල කෑමට ඉඩනොදී පවුල් බලයද ජාතිවාදයද පිටු දැක රටේ සෑම පුරවැසියකුට ඉහළ ජීවන තත්ත්වයක් ලබාදීමට ගන්නා උත්සාහයේදී රාජපක්ෂලා එක්සත් ජාතික පක්ෂය සතුරකු සේ නොදකින ලෙසත් අප සැවොම එකට එකතුවී ඉදිරියට යන ගමනේ ප්‍රතිඵලය සෑම කෙනකුගේම සාක්කුවල මුදල් ඉතිරිවීම බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එජාප මැයි රැලියේදී ප්‍රකාශ කළේය.

මහ වැසි මැද්දේ අගමැති සිය කථාවේදී මෙසේද කීවේය.

‘රාජපක්ෂ රෙජීමය කාලේ සිංහල අවුරුද්ද සමරන්න ණය ගත්තා. ‍රත්තරන් බඩු උගස් කළා. මේ අවුරුද්දේ රත්තරන් බඩු උගස් කරන එක අඩුවුණා. ජනතාවගේ අතේ මුදල් තිබුණා. අපේ ආණ්ඩුව වැට් බෝම්බයක් පත්තු කළා කිව්වේ මාධ්‍ය මේක දිහා බලාගෙන. අපි අත්‍යවශ්‍ය භාණ්ඩ පළමුවතාවට වැට් බද්දෙන් නිදහස් කරගෙන තමයි රට ඉස්සරහට ගෙනියන්නේ.

අපි කිව්වා පඩි වැඩි කරනවා කියලා. ඔන්න අපි පඩි වැඩි කළා. හැමකෙනාගේම අතේ තිබෙන ආදායම වැඩි වුණා. තෙල් මිල අඩුවෙන කොට තෙල් මිල අපි අඩු කළා. අපි දූෂණය නැති කරන්න ආරම්භ කරලා තිබෙනවා. අපි අලුතෙන් පෑලියගොඩ ඉඳන් කොළඹ නගරයට ගුවන් පාලමක් ඉදිකරනවා. අපි නුවර ඉඳන් කොළඹට මාර්ගය හදාගෙන යනවා. කවුරුත් කොමිස් ගන්නේ නෑ. රත්නපුර මාර්ගය ඉදිකරනවා.

පෝට් සිටි එක සින්නක්කර දුන්නා. ඒගොල්ලෝ මොකද කළේ නයිට් රේස්, ගණිකා මඩම්, කැසිනෝ දැම්මා. මම කිව්වා අපිට ඒවා වැඩක් නෑ. අපි කොළඹ උසස් නගරයක් කරනවා. ඒකයි අපේ වෙනස. ගාල්ල විශාල සංචාරක පුරවරයක් බවට පත් කරනවා. හම්බන්තොට නැව් නැති වරාය ගැන සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ රැස්වීමට ගිහින් මම කිව්වා. ඒක නැව් වලින් පුරවනවා කිව්වා. බස්නාහිර පළාතේ වයඹ කර්මාන්ත කලාප ආර්ථික කලාප ඇතිකරනවා. මහනුවර විශාල නගරයක් බවට පත් කරනවා. පේරාදෙණියේ සිට කුණ්ඩසාලය දක්වා විශාල නගරයක් කරනවා. වතුකරයේ නිවාස පටන්ගෙන යනවා. නැගෙනහිර උතුර විශාල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

අපේ අරමුණ රැකියා ලක්ෂ 10 ලබාදෙන එක. මේ රට ඉහළ ආදායම් ඇති ආර්ථිකයක් බවට පත් කරන්න. රටේ හැම පුරවැසියාටම ඉහළ ජීවන තත්ත්වයක් ලබාදෙන්න අපි ක්‍රියා කරනවා. ඒකට අපි එකතු වෙන එක වැරදිද? දැනටම අපි ඔබ ණය බරින් බේරන්න පියවර ගණනාවක් අරගෙන තිබෙනවා. මෙතෙක් කල් පුද්ගලික අංශයට අවම වැටුප දෙන්න කිව්වා. අපි බලන්නේ ජීවන වැටුපක් දෙන්නේ කොහොමද කියලා. අපි ඔක්කොම එකට එකතුවෙලා ඉදිරියට යන ගමනේ ප්‍රතිඵලය අපි ඔක්කොමගේ සාක්කුවල සල්ලි තියෙනවා. මම රජයේ සංස්ථා ගජ මිතුරන්ට කොල්ල කන්න දෙන්නේ නෑ. ඒවායේ ආදායම් ජනතා ජනභාරයට ලබාදෙනවා. පෞද්ගලික සමාගම් ලබාදෙන ලාබය සංස්ථාවලත් ලබාදෙන්න ඕනෑ. අපි මේ කැපවීම සාර්ථක කරගන්න අපේ ඉදිරි ගමන ආරම්භ කරමු‘

unp_201651-1 unp_201651-2 unp_201651-3 unp_2016514

unp_201651

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

DSC_0008 DSC_0034 DSC_0039

ඡායාරූප - ඩික්සන් වසන්ත



අදහස් (0)

‘කොමිස් නෑ, දූෂණ නෑ, ජාතිවාදය නෑ‘

රොකී‍ Tuesday, 03 May 2016 03:19 PM

ඔවු පෙරේරා, හිටපු ජනාධිපතිතුමා වගේ නම් පලප්‍රයෝජන ගන්න බවක් තවම පෙනෙන්නේ නැහැ. ඒ වුණත් ටෙලිකොම් එකෙයි, වරායෙයි නම් කෙරුවාවල් අවුල් වගේ නේද? (නි)

:       0       0

ශෂී Monday, 02 May 2016 05:10 AM

මම ඔබතුමාගේ අදහස් අගය කරමි , ඔබතුමාට දීර්කායුස ලැබේවා.! (ර)

:       0       0

ඇසළ Sunday, 01 May 2016 01:23 PM

ඉස්සර වගේ පවුල්වාදය තාම තියනවනේ. ඔය එක්කම කිවුවා නම් රට බෙදලා දෙන්නේ නැහැ, පෙඩරල් අවශ්‍ය නැහැ, පලා බබ්බු ක්‍රමය එපා, බුදුදහමට නිසි තැන, සිංහල ජනතාවගේ භාෂාවට නිසි තැන, උහුලන්න බැරි ඇමති මණ්ඩලය 30ට බස්සනවා, ඡන්දෙන් පැරදුන ජනතාව ප්‍රතික්ෂේප කළ සේරම පාර්ලිමේන්තුවෙන් එළවනවා... කියලා, එතකොට තමයි වටිනාකමක් තියෙන්නේ. තාමත් රාජපක්ෂ රාජපක්ෂ කියලා කිවුවට වැඩක් නැහැ. (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 01 May 2016 01:33 PM

මේ කරන විදියට ගියොත් තව ටික දවසකින් රටින් බාගෙකුත් නැහැ... (නි)

:       0       0

අතුල Sunday, 01 May 2016 02:33 PM

වචන වලින් මැවෙන මේ ලෝකය අපිට සැබවින්ම දකින්න ලැබේවා! (නි)

:       0       0

කෝනාර Sunday, 01 May 2016 02:39 PM

ඔය කියන දේවල් කරලාම පෙන්වන්නකෝ (නි)

:       0       0

ටෙහාන් Sunday, 01 May 2016 02:39 PM

ඔබතුමා තමයි අපේ බලාපොරොත්තුව (නි)

:       0       0

සිරි Sunday, 01 May 2016 03:24 PM

අර මහ බැංකුවේ බැඳුම්කර කතාව එහෙම සම්බන්ධ නැද්ද ඔය කොමිස් වලට? (නි)

:       0       0

කපිල Sunday, 01 May 2016 03:45 PM

ඔබතුමාගේ අදහස් හා ක්‍රියාවන් පරස්පරයි. නමුත් එක කරුණකට හදවතින්ම ගරුකරමි. එනම් එදා ඔබට එරෙහිව පෙළපාලි ගිය, සිරිකොතට පහරදුන්, ඔබ අතිශය පහත් විදියට හෙළාදුටු සියල්ලන්ටම සම මෙත් සිතින් කටයුතු කිරීමයි මැතිඳුනි. විපක්ෂයේ මගේ ආචාරය. (නි)

:       0       0

චන්න ප්‍රසන්න Sunday, 01 May 2016 08:13 PM

යුගයේ වීරයා අගමැති රනිල්! (නි)

:       0       0

පෙරේරා Monday, 02 May 2016 06:48 AM

පලකට ඇති වැඩක් කරලත් නැහැ!!! (බ)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 02 May 2016 01:31 AM

රනිල් අගමැතිතුමාගෙන් පසු අපේ මවුබිම පාලනය කරන අනාගත නායකයිනුත් මේ ඡායාරූප වල දැකීම සතුටුයි (නි)

:       0       0

නිමල් ලලිත Monday, 02 May 2016 01:44 AM

මම නම් දේශපාලන නායකයන්ගේ අසුචිද සුවඳයැයි කියන දේශපාලන ගැතියෙකු නොවෙමි. පසුගිය පාලනය දූෂිත යැයි කියමින් බෙරිහන් දෙමින්, එදා දූෂිත පාලනයට හවුල්වූවන්ට, මෙන්ම ජනතාව පරාජය කළවුන්ට මැති ඇමතිකම් දීම දූෂණයක් නොවේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 364 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site