ඇතැම් දේශපාලනඥයින් ජනතා මුදල් කොමිස් ගසන බවත් ඔවුන් සදහා යන්නට වෙනම අලුත් අපායක් කපා ගැනිමට කාලය එළඹ ඇති බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පැවසිය.
ඒ මහතා මේ බව සදහන් කළේ මාතලේ දොඩම්දෙණිය සන්නස්කන්ද මාර්ගය කුට්ටිගල් අසුරා සංවර්ධනය කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.
ඒකනායක මහතා මෙසේද පැවසිය.
සංවර්ධන යෝජනා ක්‍රම නම් කරන මොහතේම කොන්ත්‍රාක්කරු නම් කිරිමේ ක්‍රමවේදයක් ඇතැම් දේශපාලනඥයින් අනුගමනය කරන බවත් ඒ නිසා බොහෝ සංවර්ධන යෝජනා ක්‍රම අසාර්ථක වනවා.මමත් දේශපාලනය කරනවා.දශක ගණනාවක් විවිධ තනතරු දැරුවා.
නමුත් සිදු කළ සංවර්ධන යෝජනවකට මම කිසිදාක කොන්තාක්කරු නම් කළේනැහැ.ඒ මගේ හැටි.මගේ යෝජනා අනුව වැඩ කළ කොන්තාක් කරු කවුද කියලාවත් මම දන්නේ නැහැ.ඒත් වර්තමානයෙහි දේශපාලනඥයා විසින් කොන්ත්‍රාක් කරු නම් කරනවා.ඒ ඇයි කියලා කාටත් සිතා ගන්න පුළුවන්.මේ වගේ වැඩ නිසා රටේ සැබැ සංවර්ධන ඇන හිට තිබෙනවා.
අද රට පුරා සංවර්ධනය සිදුවේගෙන යනවා.රජය විවිධ ව්‍යාපෘති සිදු කරනවා.ගම සංවර්ධනය කිරිම අද රජයේ මුලික අරමුණ වි තිබෙනවා.මෙම ව්‍යාපෘති සිදුකිරිමට නම් ගමේ ජනතාවගේ ප්‍රජා දායකත්වය ලැබිය යුතුයි.පාරක් ගමකට අත්‍යවශ්‍ය පාර සංවර්ධනය විමේ තුළ ගමේ සංවර්ධන කඩිනමින් වෙනවා.යැයිද අමාත්‍යවරයා පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින් හදන අපායෙනුත් කොමිස් ගහයිද?(දිල්)
අලුත් අපායක් නම් මන්දා , හැබැයි ජනතා මුදල් ගසාකන හොරාකන කොයි කෙනගේත් හත්මුතු පරම්පරාවටම මේවට වන්දි ගෙවන්න නම් වෙනවා වෙනවාමයි.(නදී)
එහෙම කොන්ත්‍රාත් නොකළ නිසා වෙන්න ඇති තවම නියෝජ්‍ය ඇමති.(නදී)
අලුතින් අපායක් හදනව නම් හදන අය අපායෙනුත් 70% කොමිස් ගහයිද?(දිල්)
දැන් ලංකාවේ අලුතින් අපායවල් හදන්න දෙයක් ඉතිරි වෙලා නැහැ.(දිල්)
අලුත් එකක් හදා ගෙන කට්ටියම එකට ඉන්නද කල්පනාව? (නදී)
ඔය අන්දමින් සල්ලි හම්බ කරන අයට ඕවා මේ ආත්මයේම පඩිසන් දෙනවා. එහෙම නොවුනත් ඔවුන්ගේ දරුවන්ට හරි,දරුවන්ගේ දරුවන්ට හරි පළදෙනවා. කොතරම් ධනවත් වුවත් ඒ දරු මුණුපුරන් මන්ද බුද්දිකව හෝ අංගවිකලව උපදිනවා. සීයලා තාත්තලා කරපු වැරදි මේ නොදරුවන් පිටින් යනවා. මම අත්දැකීමෙන් දැකපු දේවල් මේවා. බුදු දහම බොරු කරන්න බැහැ.(නදී)