කතා නායක කරු ජයසූරිය මහතාගේ දැනුම් දීම අනුව ස්වාධීන කොමිෂන් සභා පහක සාමාජිකයෝ අද පාර්ලිමේන්තුවේ දී කතානායකවරයා හමුවූහ.
ප්‍රසම්පාදන කොමිසම, ජාතික පොලිස් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, මුදල් කොමිසම හා මැතිවරණ කොමිසම එම කොමිෂන් සභා පහයි.
එක් එක් කොමිෂන් සභාවට කතානායකවරයා වෙන වෙනම වෙලාවල් වෙන් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා අපිට නම් දැන් මේවා එපාවෙලා (නි)
කාට බලය ලැබිල තියෙන්නෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් , එක නිසා ජනධපතිටත් එක එහෙම තම මොකද එය කන්නෙත් මහජනයාගේ මුදල් වලින් එයට කියන්න ඕන නැහැ , ඔය අපරාද කාරයන් අල්ලන්න මේ ඔක්කොම බොරුකාරයෝ (අ)
දේශපාලකයින්ට උත්තර බඳිනවා නම් 'ස්වාධීන' කියන එකේ තේරුමක් නැහැ. (අ)
ජනපති, හිටපු ජනපති, ඉන්න අගමැති මේ හැමෝටම බැරිනම් කතානායකතුමනි ඔබ තුමා වත් මැදිහත් වෙලා මේ සමාජය පිරිසිදු කරන්න. තවමත් අප තුළ බලා පොරොත්තුවක් තියෙනවා. ඔබ තුමාගේ පිරිසිදු බව පෙන්නන්න. කතානායක තනතුරට පුළුවන් මේ බලය ලබාගන්න, ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා රටේ ප්‍රධානියා වන බව ගැඹුරින් සිතා බැලිය යුතුය (අ)
මට පෙන්නේ ජනපතිතුමා විසි කරපු තොප්පිය ඔක්කොගෙම ඔලුවලට හරි ගිහිල්ල වගේ? නැත්නම් කලබල වෙන්නේ මොකටද? (ර)
ස්වාධීන කොමිසම් ජනාධිපතිවරයාට උත්තර බඳින්න අවශ්‍ය නැහැ. මේ කොමිසම් උත්තර බඳින්න ඕනෑ මේ රටේ මහජනතාවටයි. (නි)
ස්වාධීන වෙනවා කියන්නේ ඡන්දය ලබාගැනීම සඳහා පමණක් උපයෝගී කරගත් සියලුම පොරොන්දු හා වගකීම් වලින් නිදහස් වෙනවා කියන එකද? (නි)