බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ දේවිය කැමිලා පාකර් ආදිපාදවරිය අද කොළඹ ළමා රෝහලට ගොස් එහි දරුවන් සමග බොහෝ වේලාවක් ගත කළාය.
රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා ඇය පිළිගත්තේය.
මෙම රෝහලේ දරුවන් වෙනුවෙන් පාසැලක්ද පැවැත්වේ. රෝහල කලා ගාරයක් බදු යැයි එහි ගිය විදෙස් මාධ්‍ය වේදීහු පැවසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාල්ස් කුමරු හොඳ කෙනෙක්.කැමිලා පාකර් ආදිපාදවරියත් හොඳ කෙනෙක් වෙන්න ඇති. නමුත් ඩයනා කුමරියගේ මළගමේ උණුසුම යන්නත් කලින් මේ දෙන්නගේ එකතුවීම හරි මදි කියලා මට හිතෙනවා. (නි)
රෝහල් භුමිය කලාගාරයක තත්වයට ගෙනෙන්නට ඇප-කැප වුණ සැමටත් විශේෂයෙන්ම මේ සදහා මග පෙන්වන රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාණන්ටත් ගොඩක් ස්තුතියි. (නි)
ඔබ සියලු දෙනාට රත්නත්‍රයේ ආරක්ෂාවයි. (නි)
බලාගෙන ගිහින් අනික් පැත්තට විරුද්ධව නොකිවුවොත් අගය කොට සළකනවා (නි)
සේර , ආදිපාද කියන්නේ "පරණ කකුලක් " කියන එක . වෙරදුනා " කකුල් දෙකක් " (නදී)
ඉස්සර දේවල් දැන් කාටවත් මතක නැහැ. (නි)
චාල්ස් කුමරු ලංකාවේ සුනාමිය වෙලාවෙත් ඇවිත් දුක් කරදර විමසා උදව් කර ගියා . ඊට පසුවයි මෙවර ආවේ ආදිපාද තුමියත් සමගම . එය ලංකාවට බොහෝ ආදරය කරනා කෙනෙක් (දී)
ආදිපාදතුමියට තෙරුවන් සරණයි. ඔබටත් කුමරුටත් දිර්ගායුෂ පතමි (නි)
මෙහේ ප්‍රවෘත්තිවලට ඔය දේවල් පෙන්නන්නේ නැහැ. අඩු තරමින් චාල්ස් කුමරු දළදා මාලිගාවට ගිය එකවත්...?දෙමළ පාසලක්,දෙමළ අම්මල පින්තුර පෙන්න,පෙන්න අඩනවා...,අපට හරිම වේදනාවක් දැනෙනවා. මේ තරම් කරලත් අපේ රටට මොකද මේ කුඩම්මාගේ සැලකිලි දක්වන්නේ කියල.(නදී)
ආදිපාදතුමියට තෙරුවන් සරණයි,,, ඩයනා කුමරිය හිටියනම් කියා මට හිතේ...(නදී)
මෙයා තමයි 'ඩයනා' කුමරියගේ මුළු ජීවිතය කාපු කාලකන්නි ගැහැණිය. මෙයාට ඩයනා කුමරිය කියන්නේ 'රොට්වීලර්' කියලයි. (දිල්)
කැමිලා මැතිනිය, ඔබට දිගාසිරි. (නි)
පිටරට ප්‍රවෘත්ති වලට මේවා යන්නේ නැහැ. අපේ තානාපතිලා, මාද්‍ය එහෙම මොකද කරන්නේ? (නි)
එතුමියත් නිහතමානී කාන්තාවක් වගෙයි (නි)
ඔය ආදී පාද කියන්නේ මොකක්ද? (නදී)
අපේ අාදිපාදතුමියට සුබ පැතුම් (නි)