රිෂාඩ් බදුර්දීන් ඇමැති ජාතික බල සේනාවේ ලේකම් වටරැක විජිත හිමි සඟවාගෙන සිටිතියි කියමින් කොල්ලුපිටියේ කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයට ඇතුළු වූ භික්ෂූන් හඳුනා ගැනීම සඳහා එම අමාත්‍යංශයේ සීසීටීවී කැමරා දර්ශන කොල්ලුපිටිය පොලිසියට දෙන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.
අමාත්‍යංශයට අයුතු ලෙස ඇතුළු වූ භික්ෂූන් වහන්සේ පිරිසක් එහි කාමර පරීක්ෂා කළ බව කියමින් කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු පොලිසියට පැමිණිලි කර ඇතැයි කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේලාට දළදා සමිදුගේ පිහිට (ත)
බුදු දහම රැකිය හැකි හොඳම ක්‍රමය එය පිළිපැදීම මගිනුයි. (ත)
බොදු බල සේනාව වරදක් කරනවානම් දඩුවම් දිය යුතුයි. ඒ එක්කම ජාතික වනෝද්‍යානය බලෙන් අත්පත් කර ගෙන එන්න අයට නීතිය ක්‍රියාත්මක නොවන එක ගැන හා මේ පසුපස සිටින අයටත් දඩුවම් දිය යුතුයි. (දී)
ඇයි මොතරම් මේ හාමුදුරුවෝ පස්සෙන් පන්වන්නේ? (ත)
බොදු බල සේනාව ගැන නීතියෙන් බලාගනියි අර කියුවා වගේ අපි කලබල ඕනේ නැහැ (දී)
හැම ආගමකම කෙනෙක් අනිත් ආගම් වලටත් ගරු කරනවානම් ඔය ප්‍රශ්න ඉවරයි. (ස)
අපේ කුසුම් මහතෙක්ද මහත්මියක්ද ඉන්න රට මොකක්ද කියල දැන ගන්න ආසයි. (දී)
කුසුමි ගේ කියමන මල්පහයි (දී)
හා හා අපේ බන්දුල පෙරේරාට මගේ පැටිකිරිය දැනගන්න දොළදුකක් පහල වෙලානේ! අනුන්ගේ ජාතකය හොයන්න කලින් තමුන්ගේ කේන්දරය බලා ගත්තොත් නරකද පෙරේරා? (දී)
අමාත්‍යංශයේ ලොකු උදවිය බළලුන් ලවා කොස් ඇට බාවන්න හදනවාද? (ත)
හොඳ වැඩක්. (ත)
අන්න නියම වැඩේ. (ස)
ඔය මොනවා කළත් වැඩක් නැහැ. (ත)
බොදු බල සේනාව පොලිසිය යටතේ අනුබද්ධ ආයතනයක් කලොත් නරකද. විශේෂ බලකායක් විදියට ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. කැරලි මර්ධනය, මත් ද්‍රව්‍ය වැටලීම් වැනි කටයුතු වලට යොදා ගත හැක. (දී)
බොදු බල සේනාව හරි කියන්නවත් වැරදියි කියන්නවත් කාටවත් බැහැ (දී)
මේක දැන් ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්නයක් ගැනට වැටිලා වගේනේ.මේ ශාපලත් යුද්ධයෙන් බැටකාපු අපිට තවත් යුද්ධ නම් පතුරුවන්න දෙන්න එපා. අපි හැමෝම ශ්‍රී ලාංකික මිනිස්සු වගේ එකමුතුව වැඩ කරමු. (නි)
බොදු බල සේනාව හින්දා ගොඩක් කට්ටියට හොඳටම රිදිලා වගෙයි. ඔහොම යමු, ඔහොම යමු! (නි)
නිර්භීත හාමුදුරුනමක්. (නි)
ඔහොම ගිහින් බලන්නකෝ.මෙහෙ ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ.මේකබෞද්ධ, කතෝලික, මුස්ලිම්, දමිළ සියලු දෙනාටම පොදුයි. (නි)
බොදු බල සේනාව මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි කියලා හිතෙනවා. පහර දෙන්න බලාගෙන ඉන්න අයට ආයුධ අතට දෙන්න කටයුතු කළ යුතු නැහැ.මීට වඩා සංවරව නිත්‍යානුකූලව ප්‍රශ්න විසඳාගන්න කටයුතු නොකළොත් හැමදාමත් අසාධාරණයට ලක්වෙන සිංහල බෞද්ධයා ගැන කතා කරන්න හඩක් නඟන්න තියෙන බලවේගය නිහඩ කරන්න අවශ්‍ය මාර්ගය අවශ්‍ය කට්ටියට ඉබේම විවෘත වේවි. (නි)
බොදු බල සේනාවෙන් කරන්නේ වරදක් නම් නීතියෙන් ඒ සඳහා කටයුතු කරයි අපි කලබලවෙන්න ඕනේ නැහැ (දී)
බොදු බල සේනාව වටරැක හාමුදුරුවෝ පස්සෙන් පන්නනවා. තව කට්ටියක් බොදු බල සේනාව පස්සෙන් පන්නනවා (නි)
දැන් මොනවා වෙයිද? (නි)
බය වෙන්න එපා. අපිත් එක්ක කවුරුවත් යුද්ධ කරන්නේ නැහැ. (නි)
බොදු බල සේනාව දැන් කරන්නේ මේ මොහොතේ රටට අවශ්‍ය දෙයක්. (ස)
පිරිහීමක තරම. (ස)
මැරයෝ, විරුවෝ වෙලා තරු විතරයි අඩු..... නිවටයෝ, වීරයෝ වෙලා වැඩ විතරයි අඩු...... දේශපාලකයෝ, ගණන්කාරයෝ වෙලා නඩු විතරයි අඩු...... පැවිද්දෝ, තවත් කවුද වෙලා කෙටේරිය විතරයි අඩු.... (නි)