බ්‍රිතාන්‍ය රාජ්‍ය නායකයෙක් චීන මහජන සමුහාණ්ඩුව වෙත කැටුව ගිය විශාලතම වාණිජ නියෝජිත කණ්ඩායමක් සමඟ මේ දිනවල අගමැති ඩේවිඩ් කැමරන් බේජින් නුවර වෙත පැමිණ සිටී. ඔහුගේ කණ්ඩායමට බ්‍රිතාන්‍යයේ ප්‍රධානපෙලේ ප්‍රභල වෙළඳ සමාගම් නියෝජනයකරන 131 දෙනෙකුගෙන් යුතු විශේෂ නියෝජිත පිරිසක් ඇතුලත්වෙති.
ඔවුහු මහා පරිමාණයේ ජාත්‍යන්තර මුල්‍ය පරිපාලනයේ සිට සෞඛ්‍ය සේවා සැපයීම දක්වා විශාල ප්‍රමාණයකට අයත් සමාගම් නියෝජනය කරති.
මේ ගමනේ අරමුණ චීනය සමඟ දීර්ග කාලීන වෙළඳ සහයෝගිතා වැඩපිළිවෙලක් ආරම්භකර වර්ධනය කරගැනීමත් එතුලින් බ්‍රිතාන්‍යය ලෝක වෙළඳපොලේ ඉහලම ස්ථානයකට රැගෙන යාම බවත අගමැති කැමරන් පවසා ඇත.
මෙම සංචාරයේදී චීනයේ පවතිනවායැයි නිරන්තරයෙන් වාර්තාවී ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව චීන නායකයින් සමඟ කතාබස් කරනවාද, එමෙන්ම මේ පිළිබඳව පිළිගත හැකි ක්‍රියාපිලිවෙලක් අනුගමනය නොකළහොත් චීනයට එරෙහිව ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් කරනවාද කියා පැහැදිලි ප්‍රකාශයක් කරන ලෙසට ජාත්‍යන්තර මාධ්‍ය වේදීන් බ්‍රිතාන්‍ය අගමැතිවරයාගෙන් ප්‍රශ්නකර ඇත. මෙම ප්‍රශ්න කිරීම් සඳහා පසුබිම සකස්වී ඇත්තේ ඔහු ශ්‍රී ලංකා සංචාරයේදී සිදුකල මාධ්‍ය හරඹය බව පැහැදිලි වෙයි.
මේ සම්බන්ධයෙන් කැමරන් ප්‍රකාශකර ඇත්තේ චීනයේ පවතින මානව හිමිකම් උල්ලංඝනයවීම් පිළිබඳව සාකච්චාකිරීමට බලාපොරොත්තුවන බවත් තමන්ගේ සංචාරයේ මුලික පරමාර්ථය බ්‍රිතාන්‍යයත් චීනයත් අතර වෙළඳ හෙළදාම් වර්ධනය කරගැනීම බවත්ය.
එසේනමුත් ඔහු පැවැත්වූ සාකච්චාවන්ගේ න්‍යායපත්‍රවල මානව හිමිකම් පිලිබඳ සඳහනක් නොතිබුන බවද මාධ්‍ය වාර්තාවල පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගිවීමට පැමිණි කැමරන් අගමැතිවරයා සමුළුවේ වැඩකටයුතු මගහැර කලින් සුදානම් කරගෙන පැමිණි න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියා කල බවට චෝදනාවක් එල්ලවිය.
එහිදී තමන්ගේ අණ පිළිපැද්දේ නැත්නම් ශ්‍රී ලංකාවේ දේශපාලන හා හමුදා නායකත්වය ජාත්‍යන්තර උසාවියකට ගෙනයාම සඳහා ක්‍රියාකරන බවට තර්ජනාත්මක ප්‍රකාශයක්ද සිදුකළේය.
චීනයේ සංචාරය සඳහා බ්‍රිතාන්‍ය අගමැතිවරයා සමඟ ඔහුගේ ප්‍රධාන ආණ්ඩුක්‍රම ප්‍රතිපත්ති උපදේශක ලෙස සේවය කල තරුණ ශ්‍රී ලාංකිකයෙකු වන රොහාන් සිල්වාද සහභාගී වීම විශේෂත්වයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කොහොම හරි ට්‍රයි කරන්න ඕනා. ඔය 131 රෙකොර්ඩ් එක කඩන්න.(නදී
සත්‍යා. මනමේ ගැන කියපු නිසා මට කාලයක් තිස්සේ තිබුණු මගේම අදහසක් කියන්න හිතුනා.ඇත්තටම මනමේ කුමරිය කඩුව වැද්දට දීලා කොපුව කුමාරයට දුන්න කියලා මම හිතන්නේ නැහැ.කලබලයට තමයි වැරදිලා දුන්නේ.කොයි ගැහැනියෙක්වත් නොකරන දෙයක් එය. තමන් වෙනුවෙන් සටන් වදින මිනිහගේ පැත්ත නොගන්නේ කොයි ගැහැනිද? හැබැයි පස්සේ කුමාරය මැරුණම , ස්ථානෝචිත ප්‍රඥාව දාලා බේරෙන්න තමයි අරක කිව්වේ ,කුමාරයාගේ මරණින් පස්සේ ඔය ගැහැණිය වචනයක්වත් කතා නොකර හිටියා නම් තාමත් පවුල් කනවා.අනේ ගැහැනුන්ගේ කටක මහිම ? (නි)
වැඩිය සෙනඟ ගෙනිහිල්ලා නෑ වගේ! (ස)
මෙයා චීනෙන් පාඩමක් ඉගෙන ගත්තා තායිවාන ප්‍රශ්නෙට ඇඟිලි ගහන්න ගිහිල්ලා.අන්තිමේ චීනෙන් සමාව ඉල්ලන්න වුණා.ලංකාව වගේ පුංචි රටවල් වලට ඇඟිලි ගහලා වීරයා වුණාට මේ වගේ රටවලදී මොකද වෙන්නේ. (නි)
රොහාන් සිල්වා ගේ උපදෙස් වල විශේෂත්වය කැමරන් අපට විරුද්ධ වීමද?.(නදී
ඇ බොලේ අපේ එකෙකුත් ඉන්නවද ෂුවර් එකටම ඒ කාලේ කැමරන් ගේ අය උඩරටට ගහන්න එනකොට ඔය පරයන්ට පාර කියපු පරම්පරාවේ කෙනෙක් වෙන්නෙති ........(නදී)
කැමරුන් නෙමේ බරක් ඔබාමා සහ බටහිර රටවල සියල්ලන් දෙන් චීනය ළඟ දණ ගසා තිබෙන්නේ. ඔවුන්ගේ වැටෙන ආර්ථිකයට උදව් ලබා ගැනිමට ඔවුන් ඕනෙම දෙයක් කරන්න සුදානම්. මේ හැමෝම ගොරවන්නේ අපි වගේ දුප්පත් රටවලට. (ස)
ගිලෙන්න යන මිනිහ තණ කොළ ගහෙත් එල්ලෙන්න බලනවා වගේ ආර්ථික අහේනියකින් පල්ලම් බහින බටහිර ලෝකය හිගමනේ යනවා දකින්න මම ගොඩක් ආසාවෙන් හිටියා. මොකද ඔවුන්ගේ තිබුණු උඩගු කම නිසා.'' අද මහ මග දුගියන් හිගන්නා, හෙට ධනපතියාලූ. සැප විදින රජු දුගියා වේ. දුගියා රජ වේ. ඕවා ආදර්ශයට ගෙන අපිත් උත්සාහෙන් නැගිට්ටොත් ගොඩ.(නදී)
චීනයේ දේසපාලකයෝ ජාත්‍යන්තර සම්බන්ධතා නියම විදියට කළමනාකරණය කරගන්නවා. එකට කොහෙද අපේ තංගල්ලේ සභාපති වගේ දෙසපලකයෝ නැති ප්‍රශ්න ඇති කරමින් අපිව ජාත්‍යන්තරයේ හැල්ලුවට ලක් කරනවා.ලොකු තැන්වලින් ඔවුන්ව නීතියෙන් ආරක්ෂා කරමින් කරන පිස්සු වැඩ වලට සහය දෙනවා. ගමේ ඉන්න මෝඩ මිනිස්සු බත් පැකට් එකට් අරක්කු ටිකට කතිරය ගහනවා. මේ විදියට ගියොත් චීනයත්, රුසියාවත් එක්සත් ජාතීන්ගේ සමුළුවේදී අපිට උදවු කරන එක නවත්වන දිනය වැඩි ඈතක නොවේ. (ස)
ලංකාවෙ එකෙකුත් මුට්ටිය අල්ලනවද?? (ස)
මෙතන අපේ එකෙක් හිටියට වැඩක් නැහැ. එයා සේවය කරන්නේ එංගලන්තයට. ලංකාවට නොවේ. එංගලන්තයේ සිටිනා ලාංකික බහුතරය කළු සුද්දන්. සුළු පිරිසක් සිටිනවා ලංකාවට හැකි පමණින් සේවයක් කරන.(නදී)
අනේ කැමරන් අසරණයට බනින්ඩ එපා. එයා කොච්චර අසරණ වෙලාද? එදා ලංකාවේදී දෙවෙනි පේලියට වෙලා අපේ ජනපති තුමා දෙස බලාගෙන හිටිය අයුරුත් ඒ ඉරිසියාවෙන් පිරුණු දෑසත් මට නිතරම මතක් වෙනවා.(නදී)
හෝදන්න දෙයක් නැහැ. අද චිනේ තමයි ලෝකෙම ආර්ථිකය බලවතා. හැබැයි චිනෙත් එක්ක සෙල්ලම් කරන්න ගියෝත් නම් විල්සෝන් චෙර්චිල් කෑවා වගේ කන්න වෙනවා හොඳ පරිපුවක්. කැමරන් උන්නාහ හොඳ පාඩමක් ඉගෙන ගත්තොත් ඒ චිනෙන්ම තමයි. (ස)
අනේ කැමරන් අනික් රටවල මානව හිමිකම් ගැන හොයන්න කලින්, ඔය ගොල්ලන්ගේ මුතුන් මිත්තන් රට රටවලට පැනල මිනි මරල දේපොළ මංකොල්ල කපුවා ගැන හොයන්නකෝ (ස)
ද සිල්වා.ඔබ 100% නිවැරදියි. (ස)
චීනෙට මොනවා හරි වුනොත්...... අනේ අපොයි අපේ ලංකාව. (ස)
මහතාණෙනි,අපේ රීරි මාංශය උරාගන බොන දේශපාලකයන්ට පාඩමක් උගැන්වීමේ කර්තව්‍යය සදහා ඔබේ නොමද දායකත්වය බලාපොරොත්තු වෙමු (නි)
සත්‍යා, ඔයා මහා ලොකුවට උඩ තියාගෙන ඉන්න ඇමෙරිකාව මොනවද කරලා තියෙන්නේ? පුළුවන් තරම් අපිට රිදවන්න හදන එක විතරයි නේද? ඒත් චිනේ අපෙන් ප්‍රයෝජන ගන්නවා වගේම අපිට අවශ්‍ය වෙලාවට උදවු කරනවා නේද? (ස)
පළගැටියෙක් ..... (ස)
අනේ කැමරොන් මහත්තයෝ, එතකොට චිනේ මානව හිමිකම් ප්‍රශ්න එහෙම නැද්ද? අර තියනන්මෙන් චතුරස්රේ වගේ සිද්ධි. මෙහාට එනකොට තමයි ඔක්කොම ප්‍රශ්න. (දිල්)
කන කොට කබර ගොයත් තලගොයා වෙනවා කියන්නේ ඕකට නේද මහත්තයෝ. (ස)
පොරමොලා -බින්තැන්න, මම හිතන්නේ කටුස්සෙක්!! (ස)
හලෝ කැමරන් මහත්තයා. ඔයා ඔය ගිහින් තියෙන්නේ අපේ මස්සිනාලගේ ගෙදර. මස්සිනාත් අප්සට් ඔයා අපට කියපු දේවල්වලට.පරිස්සමින් යන්න. (ස)
අපිට දාන පල් පාට් චීනෙට දාන්ට ගියොත් කෙළවෙන බව උන්නැහේ දන්නවා. මෑන්ස් නිකන් ඉස්සෙක් වගේ. හිසේ කුණු තියෙද්දී මම සුදනා කියන්ට හදන මිනිහෙක්. කැමරන් නෙවෙයි මරන් කෑ කෙනෙක්. (ස)
ලැජ්ජා නැතිව ඇඳුම් ඇඳගෙන ගිහිල්ල තියෙන්නේ!!! (ස)
බොරුවට පුම්බන්නේ දැන් කුක්කෙක් වගේ.අපිට දාන පල් පාට් චීනෙට දාන්ට ගියොත් ඇඳුම් නැතුව එන්න වන බව දන්නවනේ. (ස)
මනමේ රජ්ජුරුවෝ හිතා සිටියේ වැද්දා සමග කරන සටනේදී තම මෙහෙසිය අසිපත තමන්ට ලබා දෙයි කියයි. නමුත් සියලු දේම සිදුවිය යුතු ආකාරයටම සිදුවීය. චීනය අපේ ගැළවුමට ඒවී යැයි කියන එක හුදු මායාවක් මිස යතාර්ථයක් නොවෙන බව කෙමෙන් පැහැදිලිව පවතී. තිරය වැසේ. නැවත හැරේ. (නි)
චීනා මේ අයගේ ගුලි වලට රැවටෙන්නේ නැහැ. (නි)
බලන්න ඔය කැමරන්ගේ ගමනින් පසු චීනයත් අපට විරුද්ධ වෙනවා.කොහොමත් අන්තිමට වෙන්නේ, තමන්ට තමන් විතරයි කියලා කියාගන්න තමයි (නි)