පසුගිය 11 වෙනි දින ප්‍රසිද්ධ කරන ලද වාර්තාවක " බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඉරාක ආක්‍රමණය පිලිබඳ සමීක්ෂණ වාර්තාව ප්‍රසිද්ධ කිරීම අවහිර කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු එසේ කර ඇත්තේ එවකට බ්‍රිතාන්‍ය අගමැතිව සිටි ටෝනි බ්ලෙයාර් සහ ඇමෙරිකා ජනාධිපති ජෝර්ජ් බුෂ් ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අකටයුතු නීති විරෝධී යුද්ධයකට පැටලවීම සඳහා රහසේ කුමන්ත්‍රණය කළ බව සනාත වන නිසා " බවත් දක්වා ඇත.
ඉරාක යුද්ධයේදී ඇමෙරිකා සහ බ්‍රිතාන්‍ය හමුදා යුද අපරාධ සිදුකරන ලද බවට චෝදනා එල්ලවී ඇතී බැවින් මෙම කතා බහ එළිදැක්වීම තුලින් දෙරටේ නායකයින්ද එම අපරාධයන්ට හවුල්කරුවන් වුබවට ඔප්පුකලහැකි සාක්ෂි මතුවිය හැකි නිසා ඒවා නිකුත්කිරීම නවතා දැමීමට කැමරන් අගමැතිව කටයුතු කර ඇතී බව එහි සඳහන් වෙයි.
ඉරාකයට එරෙහිව සිදුකළ යුද්ධය සාධාරණද යන වගත් එම කාල වකවානුවේ සිදුවූ සියලුම වාර්තාගත යුධ අපරාධ පිළිබඳවත් විමර්ශනය කොට වාර්තා කිරීම සඳහා පත්කළ රාජාධිකරණ විනිශ්චය කරුවන්ගෙන් සැදුම්ලත් චිල්කොට් පරීක්ෂණ කමිටුව පත්කරන ලද්දේ 2009 අගමැතිව සිටි ගෝර්ඩන් බ්‍රවුන් විසිනි.
වසර දෙකකින් වාර්තාව නිකුත්කිරීමේ පොරොන්දුව මත ආරම්භකල සමීක්ෂණ කටයුතු මේ දක්වා නිමවී නොමැති අතර දැනට වාර්තාව නිකුත් කිරීමේ දිනය දී ඇත්තේ 2014 ලෙසය.
යුද සමයේ සහ එයට පෙරාතුව බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් සහ ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් සමඟ හුවමාරුවුන අදාළ ලිපි ලේඛන, දුරකථන ඇමතුම් සහ අනෙකුත් තොරතුරු විමර්ශන කමිටුව වෙත ලබාදෙන ලෙස ඉල්ලා ඇතත් මේදක්වා එම ඉල්ලීම් සඳහා ඉඩ දීම බ්‍රිතාන්‍ය අමාත්‍ය මණ්ඩල ලේකම් ශ්‍රීමත් ජෙරමි හේවුඩ් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව උක්ත වාර්තාව පෙන්වා දෙයි.
වර්තමානයේ මැදපෙරදිග සාම දුත මෙහෙවරක යෙදෙන හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මෙම තොරතුරු එළිදරව් නොකිරීම සඳහා වත්මන් අගමැති කැමරන් පොළඹවාගෙන ඇති බවට පෙනීයන බවද එම වාර්තාව කියයි.
"අති විශාල නස්පැත්තියක් සිදුකල හැකි වර්ගයේ යුධ අවි සදාම් හුසේන් සතුව තිබීම ඉරාකයට විරුද්ධව යුධ ප්‍රකාශ කිරීමේ හේතුව ලෙස ඒ කාලයේ ප්‍රකාශ විය. එසේනම් දෙරට නායකයින් අතර එවකට හුවමාරුවුන කතා බහ එළිදැක්වීමෙන් ඉරාක යුද්ධයට කේන්ද්‍ර වුන මෙවන් භයානක ආයුධ ඇත්තටම ඉරාකය සතුව තිබුන බවට නිශ්චිත සාක්ෂි ඔවුන්වෙත ලබි තිබුනාද යන්න සනාත කර ගත හැකිවන බව" කියන එම වාර්තාව "එම තොරතුරු හෙළි කිරීම වළක්වන්නේ එමඟින් යුද්ධය අසාධාරණ එකක් බවට හෙළිවීමට ඉඩ අති නිසා" බවද පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහනවා කිව්වේ මේකට වෙන්න ඇති... මේ විතරක්ද බ්‍රිත්‍යන තමයි වහල් වෙලදාමේ කේන්ද්‍රස්ථානය.. අපේ රටේ සියලු දන සම්පත් කොල්ලකෑම, යුද්ධයේදී අහිංසක ගම් බිම් පිටින් ගිනි තැමීබ්, දූෂණ, මේවාටත් බ්‍රිතාන්‍යයන් වග කියන්න ඕනා. වන්දි ගෙවන්න ඕනා. මිනී මරු ම්ලේච්ඡ බ්‍රිතන්‍යයද මේ අනුන්ගේ මානව හිමිකම් ගැන කිඹුල් කදුලු හෙලන්නේ?(නදී)
“ඔවා දෙනු පරහට ...... තමා සම්මතෙහි පිහිටා සිට“ කියලා කැමරන්ට කියලා දෙන්න කවුරුත් නැද්ද??? තව කෙනෙකුට ඇඟිල්ල දික් කරද්දි තමන්ගෙ අතේම අඟිලි හතරක් තමන්ට විරුද්ධයි කියලා කැමරන් මහත්තයා අවබෝධ කර ගත යුතුයි. (ස)
ඕකට අපේ ජනාධිපති තුමා නියමට කීවා. (ස)
නිකන් ද අපේ ජනාදිපතිතුමා කිව්වේ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා කියලා...දැන් ඉතින් අපේ ජනදිපතිතුමටත් තියෙන්නේ යු. එන්. එකේදී මේ ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලන්න... (ස)
මෙතන සුද්දාගේ තිබෙන වටිනාම හරය පෙනෙනවා. (නි)
මෙන්න බෝට්ටුව එගොඩට පිහිනනවා නම්. අපේ අයට තියෙන්නේ මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.(නදී).
කෝ මේවට ජාත්‍යන්තර පරීක්ෂණ? අනුන්ගේ කුණු හොයන්න ඉස්සෙල්ල තමන්ගේ වත්ත බලා ගත්ත නම් තමයි හොඳ! (ස)
චැනල් ෆෝ එකේ කට්ටියට මේවා පේන්නේ නැද්ද දන්නේ නෑ. (ස)
සාමයෙන් සමාදානයෙන් හිටපු ඉරාකය (සාපෙක්ෂකව) දැන් හැමදාම මිනි මැරෙන රටක්. ඒ වගේම හොඳට තිබුණු ලිබියාවට මේ අය කළේ ඒක. ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න කියල ලිබියාවට කළ දෙයට මේ අයගෙන් වන්දි ගන්න ඕන. මේවා තමයි නියම යුධ අපරාධ. (ස)
ඉරාකයේ යුධ අපරාධ චෝදනා සමහර ඒවට දඩුවම් දුන්නානේ. ඔයගොලෝ නිව්ස් බලන්නේ නැතිද? ප්‍රසිද්ධියේ පෙන්නුවානේ. (ස)
කුමාරි, සම්මතය "බ්‍රිටිෂ් ස්ටෑන්ඩර්ඩ්". කන්න කට ලඟට ඇඟිලි පහ යනකොට එක මට්ටමට එනවා. ඔය සම්මතය තේරුම් ගන්න තවම බැරි උනාද? (ස)
සිරානි, ඔයා හරි. ඉස්සර 10ක් මරුනා නම් දැන් 100 විතර මැරෙනවා. ඒ රට විනාශ කරලා ඒගොල්ලෝ අකුලාගෙන ගියා. දැන් මැරෙන අයට ඔය කියන මානව හිමිකම් නැද්ද? ඒගොල්ලෝ ගියා හැම රටකටම උනේ ඒක තමයි. (ස)
ඕකට තමා කියන්නේ යටහත් විජිතබාවය කියලා. මිනිස්සුන්ට කවදා තේරේද මන්දා. (ස)
අපේ ජනාධිපතිතුමා නියමෙට උත්තරය දුන්න ඔහුට. ඔවුන් හිතන්නේ අපි තවම පොඩි ජාතියක් කියල නේ. (නදී)
අපේ ජනාධිපතිතුමත් මුරලිත් වටහලා දුන්නනේ. ඕකට තමයි කන්න හිතෙනකොට කබරගොයත් තල ගොයා වගේ වෙනවා කියන්නේ.(නදී)
පළමු ලෝක යුද්ධය අවසානයේ 1920දි 'ජාතික ලීගය' මගින් පැරිසියේ හෝටල් කාමරයක දී තම රටවලට අයත් කොටස් බෙදා ගත්තා. ඉන් බ්‍රිතාන්‍යය, 'ඔට්ටෝමාන්' අධිරාජ්‍යට අයත්ව තිබුණු 'මිසපොටෙමියාව' නම් ප්‍රදේශයේ කොටසක මායිම් ලකුණු කර ඉරාකය නමින් දේශයක් වෙන් කර ගත්තා. බ්‍රිතාන්‍යට හිතවත් ධනවත් පවුලක් 'රාජකීය' තත්වයට පත් කර එය ඔවුන්ට බාර දුන්නා. බ්‍රිතාන්‍යට හිතවත් ධනවත් යුදෙව්වන්ට වූ පොරොන්දුවක් ඉටු කරන්න බ්‍රිතාන්‍යය පලස්තීනයෙන්ද කොටසක් මායිම් ලකුණු කර 'ඊශ්‍රායලය' කියා දේශයක් පිහිටුවා එය යුදෙව්වන්ට බාර දුන්නා. අපේ රටේද කොහේ හෝ සිට කවුරු හෝ 'ඊලම' ලෙස මායිම් සකස් කරපු කොටසක් කාට හෝ ලබා දෙන්න බ්‍රිතාන්‍යය මුලිකව රටවල් කීපයක් උත්සාහ කරනවා. (නදී)
පිස්සු කථා කරන්න ඒපා පිටිගල ඔයා මිලානෝ වල ඉන්නේ දන්නා දෙයක් නැහැ.(නදී)
බ්‍රිතාන්‍යය දණ ගස්සවන්න දැවැන්ත මානුෂික මෙහෙයුමක් කරන්න කාලය ඇවිල්ලා. මේකට රටේ සියලු දෙනාම එකට ඉන්න වෙයි. අපේ ජනාධිපතිතුමා ඒක හරියට කරයි. පොදු රාජ්‍ය මණ්ලයත් විසිරුවලා බ්‍රිතාන්‍යට තියෙන හයිය නැති කරලා මුන්ගේ ඔළුව බස්සන්න ඕනෑ. සභාපතිකම ලැබුණු නිසා මේ දේවල් වඩාත් හොඳින් දැන් කරන්න පුළුවන් උපක්‍රමශීලි වුණොත්.(නදී)
ඔය මනුස්සයා, ලංකාවට ඇවිත් සෙල්ලම් ටිකක් දාල ගියේ ලෝකයට පේන්න. ඒ අයගේ අත්වල තාම ලේ, අපි ගැන කතා කරන්න තියා විලි ලැජ්ජාවක් තියේනම් කටක් අරින්න බෑ. අන්තර්ජාතික පරීක්ෂණයක් අපිට තියන්න ඕනෙමනම්, ඔය බෙරිහන් දෙන අයත් එක්ක එකට තියල බලමු. අපි යුද්ධ කලේ රට බේරන්න, උන් ලෝකෙම මිනී මරන්නේ, යුද්ධ ඇති කරවන්නේ රටේ හම්බ කරන් කන්න. සිරියාවේ විතරක් 120 000 මැරෙව්වා (42 495 සිවිල් ) පුටින් නැත්තන් තවත් මරනවා! (ස)
මේ වගේ දේවල් දැන් කතා කරලා තියෙන පලේ මොකක්ද. අපේ මිනිස්සු හැමදාම කරන්නේ අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහන එක .චෝග්ම් එක අතරේ මේ වගේ ප්‍රශ්න චැනල් 4 කට්ටියගෙන් වත් කැමරන් ගෙන් වත් අහන්න කිසිම සූදානමක් තිබ්බේ නැහැ. අඩු ගානේ LTTE කරපු දේවල් ගැන පෙන්නන්න එක්ෂිබිෂන් එකක් වත් තිබ්බ නම් අපේ පණිවිඩේ ලෝකෙට පෙන්නන්න අවස්ථාවක් තිබ්බ . (අ)
දැනට ගණන් බලා ඇති අන්දමට ඉරාක සිවිල් වැසියන් දාහතර ලක්ෂයක් ඝාතනය වෙලා. ෆල්ලුජා නගරයට දැමූ විස හිරෝෂිමාවට වඩා 17 ගුණයකින් වැඩි බව එළිවෙලා. විකෘති ළමා උපත් විශාලයි. (ස)