ශ්රී ලංකාවේ අනවසරයෙන් රැඳීම සිටීම නිසා වසරක සිර දඬුවමක් නියම වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් නිදහස් කරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයෝ අද (10) මරදාන එල්ෆ්න්ස්ටන් රඟහල අසල සිට කොළඹ කොටුවට පාගමනක් ඇරඹූහ.
පසුගිය අප්‍රේල් 1 වැනිදා වසරකට සිරගත කැරුණු කුමාර් ගුණරත්නම් යහපත් කල් ක්‍රියාවෙන් සිටීම නිසා ලබන දෙසැම්බර් 9 වැනිදා නිදහස් වීමට නියමිත බව බන්ධනාගාර ආරංචි කියයි. සාමාන්‍යයෙන් වසරක සිර දඬුවමකට යටත්වන පුද්ගලයකු යහපත් කල්ක්‍රියාව වැනි කරුණු මත මාස 9කින් නිදහස් කෙරේ. කුමාර් ගුණරත්නම් ඊටත් අඩු කාලයකදී නිදහස් වන ලකුණු ඇතැයි දැනගන්නට තිබේ.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාමර ලංකාවේ කට්ටියට කන්න දෙන්නේ මේ පිට ටටවල ඉන්න අය තමයි ලංකාවේ අදායමෙන් 60/100 ලැබෙන්නේ මේ අය ලංකාවට එවන මුදල් ,නැතව අවුරුද්දට වැඩි දවසක් නිවාඩු දෙන , රජයේ සියලු ආයතන පාඩු ලබන , හැමදාම වැඩ වර්ජන , රජයේ දේපොළ හොරාකන අය ඉන්න රටක අදායමෙන් නොවයි (බ)
ගුණරත්නම්ගේ ප්‍රශ්නය අද අප සමාජය මුහුණ දෙන ඛේද වාචකයේ ප්‍රකාශණයකි. ?(අ)
පයින් ගියාට කමක් නැහැ පාරවල් අවහිර කරන්නේ නැතුව. (ර)
ඒක එයාලගේ දේශපාලන නිදහස (නි)
යහපත් කල්කිරියාවට ලැබෙන නිදහස කෙසේ වෙතත් කොහේ හරි ලොකු තැනකට පන්දමක් නම් අල්ලලා ඇති? මේ අය දේශපාලනය කරන්න කලින් රටේ නීතිය දැනගෙන ඉන්න ඕන.(හේ)
ඇයි මුන්ට ගහල එලවන්න බැරි (බ)
ඔහොම පයින් ගිහිල්ල චාටර් වෙලා වැඩක් නෑ මල්ලිලා, එක්කෝ යහපාලනේට කඩේ යන්න එහෙම නැත්නම් රතු අලි පැටියා ළඟට ගිහිල්ල වැඳලා සමාව ගන්න. එතකොට ලොක්කට එලියට එන්න පුළුවන්. (බ)
පාර අවහිර වුණත් කමක් නෑ දේශපාලන නිදහස අවහිර නොකර (බ)
සරසවිවල දේශපාලනය කරන අයගේ ශිෂ්‍යබාවය අහෝසි කරන නීති ගෙනෙන්න ඕනෑ (නි)
නිදහස් කරන බව දැන දැනම මොකද මෙහෙම දඟලන්නේ? (නි)
මේ නඩය හැමදාම පාරට එන්නෙ අහිංසක ජනතාව වැඩ අවසන්කර නිවසට යන්න පාරට බහින වෙලාවටමයි. කී දෙනෙක් නම් අම්මලා අසරණ වෙනවද වෙලාවට ගෙදර යා ගන්න බැරුව. ඒ මිනිස්සු ගෙදර ගිහින් ළමයින්ට ආහාර පිළියෙල කරන්නෙ කොහොමද? මේවගේ කරදර වලින් ජනතාව ආරක්ෂා කිරීමට පවතින ආණ්ඩුවලින් යම් ක්‍රියා මාර්ගයක් ගතයුතුය. නැතිනම් ජනතාව මේ හොරුන්ට විරුද්ධව නැගීසිටිය යුතුය. (නි)
අමල්, සමහරු ගිලන්රථ වලට පහරදිදී පාගමන් යනකොට කාණුවට බැහැලා ඉඩදෙන්න පුළුවන් නුඹලාට. මේ වෙලාවේදී පාරේ අවහිරේ මතක්වුණේ මොකද? (නි)
ඇතුළේ ඉන්න කෙනාගේ කල්ක්‍රියාව යහපත්. පිට ඉන්න අයගේ තමා අයහපත් (නි)
හරි පුදුම රටක්. සිර දඬුවම් විඳින අයට නිදහස දෙන්න කියලා පෙළපාලි යනවා. මෙයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කළ එකට නිදහස ලැබුන ගමන් ආයෙත් කාලයකට ඇතුළට දමන්න. (නි)
මේ අය නිසා අපේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කඩාවැටුනා. රටේ කිසිම දෙයක් කරන්න බැහැ වර්ජන කරනවා. රටේ කිසිම සංවර්ධන වැඩකට මොවුන් සහයෝගය නැහැ (නි)
නිදහස් කරන්න ඉන්න කෙනාව නිදහස් කරන්න කියලා පෙළපාලි යනවා. එතකොට කියන්න පුළුවන්නේ ඒ අයගේ බලපෑමට නිදහස් කරන්න වුණා කියලා (නි)
පව් මේ අහිංසක තරුණයෝ. මෙයාලා දන්නේ නැහැ මෙයාලගේ ලොක්කෝ ඕස්ට්‍රේලියාවේ ගතකරන ජීවිත ගැන. මෙහෙ මේ කට්ටිය කඩේ යවනවා. මම දන්නා කෙනෙකුත් ඉන්නවා මෙල්බර්න් වල. කටේ තියෙන්නෙම සමාජවාදේ. නමුත් ගෙවන්නේ සුඛෝපභෝගී ජීවිතයක් (නි)
නීති කඩන අයට දඬුවම් දෙන්න ඕනෑ. ඔයාලගේ පක්ෂෙන් රටට මොනවද කරලා තියෙන්නේ? නිකන් පාරවල් අවහිර නොකර ප්‍රයෝජනවත් දෙයක් කළා නම් හොඳයි (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
දැන් මේකෙන් වැඩක් වෙයිද ඉතින්? (නි)
අගස්ති, සුගත්, ධම්මි, අමල්, ඔබලාගේ අදහස් වලට තුති! චානක, දේශපාලන නිදහසට වඩා මාර්ගයේ අවහිරයකින් තොරව ගමන් කිරීමේ නිදහස තිබිය යුතුය. අද දේශපාලනයට බහින්නේ බඩගෝස්තරවාදීන්. මාර්ග අවහිරයෙන් පිඩාවට පත්වෙන්නේ වැඩියෙන්ම මේ රට සාමකාමී මිනිසුන්. (නි)
ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය නැති කර දෙනමෙන් ඉල්ලා සිටිමි. ඕකෙන් ලංකාවට ඇති ගුණයක් නැහැ. යන කට්ටියට යන්න කියලා ඉන්න කට්ටියගේ යහපතක් බැලුවා නම් ගුණයි. ලංකාවට අනවශ්‍ය ඇඟිලි ගැහිලි එන්නේ ඔතනින්. (නි)
සියලු දේශපාලන රැඳවියන් කියන්නේ කවුරු එක්කද? (නි)
හිරගෙදරින් කෙලින්ම එයාර්පෝට් එකට ගෙනියලා ඔස්ට්‍රේලියාවට පටවන්න. (බ)
මේක අධිකරණයටත් කරන අපහාසයක් (නි)