
(සුජිත් හේවාජුලිගේ )
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා එම තනතුරින් ඉවත්වීමට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවා ඇත.
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පැවැත්වෙන ජනාධිපති විමර්ශන කමිටුවට සහාය දැක්වීම සඳහා තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව ඔහු එම ලිපියෙන් දැනුම් දී ඇත.
කුමාර ජයකොඩි මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපිය සම්පූර්ණයෙන්ම මෙසේය.
2026 .04 .17
අනුර කුමාර දිසානායක මහතා,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01
ගරු ජනාධිපතිතුමනි,
අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධවයි
'ගල් අඟුරු සැපයුම් සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට ගත් තීන්දුවත්, 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් හරහා ඔබතුමන් තුළ ඇති දූෂණයට එරෙහිව සහ ජනවරමට කැපවුණු නිර්භීත අධිෂ්ඨානය මම බෙහෙවින්ම අගය කරමි.
වංචාව හා දූෂණයට එරෙහිව ලැබූ ජනවරම අනුව යමින්, පාරදෘෂ්‍ය සහ සුපිළිපන්න ආණ්ඩුකරණයක් වෙනුවෙන් ගනු ලබන එවැනි ක්‍රියාමාර්ග මේ රටේ මතු පරපුර වෙනුවෙන් පවා අත්‍යාවශ්‍ය බව මම විශ්වාස කරන අතර, වැසී ඇති සත්‍යය ඒ හරහා නිරාවරණය වනු ඇතැයි මම විශ්වාස කරමි.
පසුගිය දින පාර්ලිමේන්තුවේදී මට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී, ආණ්ඩු පක්ෂය මා කෙරෙහි තැබූ විශ්වාසය සහ ලබා දුන් සහයෝගය පිළිබඳව මම ඉතාමත් කෘතඥ පූර්වකව සිහිපත් කරන අතර එකී විශ්වාසය නියමින් හෝ අනියමින් පලුදුවන ආකාරයේ කිසිදු කටයුත්තකට මා සම්බන්ධ වී නැති බව මම හෘද සාක්ෂියට එකඟව සහතික කරමි.
දශක ගණනාවක් තිස්සේ අපේ රටේ ජනතාව අපේක්ෂා කර පිරිසිදු පාලනය සහ ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් කටයුතු කළ බවද ඔබතුමන්ට ගෞරවයක් පිණිස සඳහන් කරමි.
කෙසේ වෙතත් ඉදිරියේදී සිදුකිරීමට නියමිත විමර්ශන කටයුතු ඉතා ස්වාධීනව සහ කිසිදු පක්ෂපාතීත්වයකින් තොරව සිදුවිය යුතු බවට මා විශ්වාස කරන අතර විමර්ශනයන් සිදුවන අතරේ මම මෙම තනතුරේ සිටීම පවා ඊට බාධාවක් වෙතැයි යන ස්ථාවර මත පිහිටා වහාම ක්‍රියාත්මක වන පරිදි 2026 .04 .17 දින බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරමි.
මෙම පරීක්ෂණය අවසන් වී සත්‍යය ජනතාව හමුවේ තහවුරු වන තෙක් මා මෙම තීරණය ස්ථාවරව සිටින අතර, එම විමර්ශන ප්‍රකාරව ලැබෙන ඕනෑම තීන්දුවක් මා ඉතසිතින් භාර ගනිමි. පිරිසිදු දේශපාලන සංස්කෘතියක් හෝ උදෙසා ඔබතුමා සහ ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙලට මාගේ සහයෝගය නිරන්තරයෙන් හිමිවනු ඇත.'
මෙයට,
විශ්වාසී,
කුමාර ජයකොඩි,
බලශක්ති අමාත්‍ය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මේ පරම සත්‍ය විතරක් කතා කරන කුමාරවරුන්ගේ ප්‍රශ්න...
විරුද්ධ පක්ෂයෙන් වරදක් තියෙනවා කියද්දී ඉල්ලා අස්වෙලා ගියා නම් විශ්වාස භංගය පරාද කිරීමට ඇපකැපවූ අනෙක් 153 දෙනාගේ ඇගවල අසූච් ගෑවෙන්නෙම නැහැ නේද?
අනුර දිසානායක ජනාධිපති ඉන්දියාවේ මුම්බායි Mazagon Dock නැමති (warships and submarines) යුද නැවු සහ සබ්මැරින් ගොඩනැගීමේ සමාගමට Colombo Dockyard සංගමේ 51% කොටසක් ලංකාව සතුව නොව ඉන්දියාවට ලබාදී ඉන්දියාවේ පාලනය යටතේ ශ්‍රී ලංකාවට අතිශය වැදගත් Colombo Dockyard ඉන්දියාවට ලබාදුන් ගිවිසුම පිළිබදවද පරීක්ෂණයක් පැවැත්විය යුතුවේ. ජේ ආර් ඉන්දියාවේ අගමැති රජීව් සමග සමගිවිසුම අත්සන් කල අවස්ථාවේ ශ්‍රී ලංකව ඉන්දියාවට පවා දුන් බවත් ලංකාව ඉන්දියාවේ කොලනියක් බවත් ජේ ආර් මරමු කියා රටපුරා පෝස්ටර අලවමින් උත්ඝෝෂණය කරමින්,රටපුරා විරෝධතා දක්වා මහජන දේපළ කෝටි ගණනක් ගිනිතබා සහ මිනිස් ජීවිත විනාශ කළ දේශප්‍රේමී JVP පක්ෂය Colombo Dockyard සංගමේ 51% කොටසක් ලංකාව සතුව නොව ඉන්දියාව ලබාදුන් හේතුව කුමක්ද? දැඩි ඉන්දියානු විරෝධී පක්ෂයක් වූ ජනතා විමුක්ති පෙරමුණ මුලික වූ මාලිමා ආණ්ඩුව සහ JVP ඉන්දියානු විරෝධී ජනාදිපති ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩත්වය ඉන්දියාවට පාවාදීම සිදුකර තිබේ. මේ පිලිබදව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් ජනතව දැනුවත් කලයුතුවේ
මොන තරම් කාලයක් මුදලක් රටට අහිමි කරමින් ද ඔය තීරණය ගත්තේ. පාපයක් සාපයක් රටට මේ මාලිමා සෙට් ඵකම...
කෙරෙන්න ඕනැ දේවල් හරියට කෙරුනයි?
කුමාර ඉල්ලා පෙනෙන්නේ, කුමාර තාලෙන් වදින්නේ... කුමාරයෙක්ද මා නොදන්නේ... මහ පචේන්ද්ර වංශයේ...
අපේ ගමේත් මනුස්සයෙක් හිටිය මිනිහත් තම තමන්ටම ලියුම් යවාගන්නවා...