IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘කුමාරි බාලසුරිය බාල වැඩක’

පළාත් සභාවක් විසිරුවා හැරීමෙන් පසුව එහි ප්‍රධානියා වශයෙන් ආණ්ඩුකාරවරයාට මැතිවරණ කටයුතුවල නිරතවීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත්, එවැනි දැඩි අවශ්‍යතාවයක් ඇතිනම් සිය ධූරයෙන් ඉවත්වී විය  යුතු බවත්“ කැෆේ සංවිධානය දකුණු පළාත් ආණ්ඩුකාරවරිය කුමාරි බාලසූරිය මහත්මිය වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත.
“දකුණු පළාතේ දී ආණ්ඩුවට හයෙන් පහක් ලැබෙනවා“ මැයෙන් දිනමිණ පුවත්පතේ ප්‍රභාත් විතානාච්චි සමග පැවැත්වූ පුවත්පත් සාකච්ඡාව සම්බන්ධයෙන් කැෆේ සංවිධානයේ දැඩි අවධානය යොමුවී ඇති බව පවසන කැෆේ සංවිධානය,  දකුණු පළාතේ ආණ්ඩුකාරවරිය වශයෙන් කටයුතු කරමින් එම පළාතේ මැතිවරණයක් පැවැත්වෙන අතරතුර එක්සත් ජනතා සන්ධානයේ මැතිවරණ කටයුතු සදහා සෘජු හා වක්‍ර සහායක් ලැබෙන කටයුතුවල නිරතවීම පිළිබද කැෆේ සංවිධානයේ දැඩි කනස්සල්ල පළ කර ඇත.
දේශපාලන කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ වයඹ ආණ්ඩුකාරවරයාට එරෙහිව චෝදනා එල්ල කිරීමෙන් පසුව ඔවුන් එම කටයුතුවලින් ඉවත් වූ බව සදහන් කරන කැෆේ සංවිධානය එවැනි මින් ඉදිරියට හෝ මැතිවරණ කටයුතු සදහා සහභාගි නොවීමට වග බලා ගන්නා මෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලා ඇත.

 

 



අදහස් (0)

‘කුමාරි බාලසුරිය බාල වැඩක’

දේවා අකුරටිය Monday, 03 March 2014 03:38 PM

මේවා කිසිවෙකුට පාලනය කල නොහැකි තත්වය පත්ව ඇත.(නදී)

:       0       0

නිමල් ලලිතා Monday, 03 March 2014 03:59 PM

අද බලය ලබාගැනීම සඳහාත් මනාපය ලබා ගැනීම සඳහාත් හැමෝම කරන්නේ බාල වැඩ.(නදී)

:       0       0

අංජන අතාවුද Monday, 03 March 2014 04:02 PM

බාලසුරියගේ බාල වැඩේ.(නදී)

:       0       0

ගුණේ Monday, 03 March 2014 09:11 PM

එයාට ලැච්ජා හිතේවි ! (අ)

:       0       0

ආරියරත්න Monday, 03 March 2014 10:32 PM

බාල වැඩක්, දකුණේ සමහරක් ගේ බාල වැඩ මොනවා කරන්නද? (නදී)

:       0       0

පිටිගල Monday, 03 March 2014 12:39 PM

බාල කියන්නේ බාල නිසා වෙන්න ඇති.(නධී)

:       0       0

කුසුම් එකනායක Monday, 03 March 2014 12:54 PM

මෙයාගේ නමේ හැටියට එපැයි වැඩකරන්න.(නදී)

:       0       0

මාටින් Monday, 03 March 2014 01:47 PM

කැෆේ එකද එයාව පත් කරේ එතකොට.(නදී)

:       0       0

සත්‍යයා Monday, 03 March 2014 02:33 PM

නමින් බාල උනත් වැඩ වලින් ආණ්ඩු කරන කෙනෙක් නිසා ඕනෙම දෙයක් කරන්න බලය තියෙනවා කියල හිතෙනවා ඇති.(නදී)

:       0       0

නලින් Monday, 03 March 2014 02:42 PM

අනේ ලජ්ජා නැති හැටි. රෙදි ඇදගෙනද ඔහොම වැඩ කරන්නේ.(නදී)

:       0       0

ලුම්බිණි Monday, 03 March 2014 02:52 PM

කවදද මෙයා බාල නැති වැඩක් කලේ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site