මහනුවර රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් හා හෙද නිලධරයන් අතර පැවති ගැටුම අද (16) තවත් ස්වරූපයක් ගත්තේය. වෛද්‍යවරුන් කිහිප දෙනකු නිවාස අඩස්සියේ තබා ගත් බව කියන හෙද නිලධාරීනිය මාරු කළැයි විරෝධය පළ කරමින් හෙද නිලධරයෙක් අඩි අසුවක් පමණ උස රොබරෝසියා ගසකට නැන්ගේය.
ඔහුගේ ඉල්ලීම වනුයේ හෙද නිලධාරීනිය මාරු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගත් තීරණය ඉවත් කරන ලෙසයි.
මෙම දෙපාර්ශවය අතර මුලින්ම අර්බුදය ඇති වුයේ කාමරයක් සම්බන්ධයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරුව ලැබුණු කෙනා නැතුව වෙන කෙනෙක් ගහට නැගල ඉන්නේ මොකද? අහළ පහළ මිනිස්සු ටිකක් එන්නට කලින් ගහෙන් බැහැ ගත්තොත් ඇඟට ගුණ වෙයි වගේ, පිනට පඩි කන්නේ නැතිව. (නදී)
ගහ කපලා දාන්න. (ස)
මෙයට හරියන්නේ හෙද රස්සාව නෙවෙයි ගස් යන රස්සාව. (ස)
තනිවම වෛද්‍යවරුන් කිහිප දෙනකු නිවාස අඩස්සියේ තබා ගන්න නම් ඔය කියන හෙද නිලධාරීනියට කොපමණ ශක්තියක් තියෙන්න ඕනෑද? තනි කාන්තාවක් එක්ක හැප්පෙන්න බැරි තරමට ඒ දොස්තරලා එච්චරම දුර්වල වෙලා ඇත්තේ මොනවහරි ලෙඩ ඇති. බෙහෙත් දෙන්න වෙයි.ඒ මිසී ෆොටෝ වල ඉන්නවද? නුවර පැත්තේ ගැහැණු වසයි. (නි)
හෙදියන්ට කොණ්ඩෙට අවශ්‍ය කොණ්ඩ කටු, කොණ්ඩ නෙට් ආදිය සල්ලි දීලා නේද ගන්න වෙලා තියෙන්නේ? ඒවත් නොමිලයේ ලබාදෙන්න කියලා බැරිද උද්ඝෝෂණයක් දියත් කරන්න? (නි)
ද සිල්වා, බර්ලින් වල කොහොමද දන්නෙ නැහැ. ලංකාවේ නම් උසාවි නියෝග අරන්වත් හමුදාවට පොලිසියට වර්ජන කරන්න තහනම්. (නි)
කුමාරිහාමි මෙහෙ නිතිය හරියට ක්‍රියාතමක වෙනවා , අත්‍යවශ්‍ය සේවා වල ඉන්නෙත් මනුෂයෝ ඒගොල්ලන්ට වෘත්තීය අයිතිවාසිකම් තිබෙනවා. නමුත් සියල්ල නීතිමය රාමුවක් තුල ,සාධාරණ උද්ඝෝෂණ වලට ඉඩ තිබෙනවා , මෙහෙ පොලිසි වලින් මිනිස්සුන්ට ගහන්නේ නැහැ , උසාවි නියෝගයක් නැතුව පොලිසියට බැහැ ගෙවල් පරික්ෂා කරන්න ,කොටින්ම කියනවනම් ඇමතිවරු පාර්ලිමේන්තු එන්නේ පාපැදි වලින් සහ පොදු ප්‍රවාහන සේවා වලින් මේ හේ වගේ ට-56 ගත්ත ආරක්ෂකයෝ අවශ්‍ය නැහැ ඇමති වරුන්ට , මම මෙහෙට අපු දවස් වල පුදුම වුනා. දැන් නම් මේක සාමාන්‍ය දෙයක් වෙලා.(නදී)
ප්‍රසිද්ධ වෙන්න පත්තරේ ෆොටෝ එක දාගන්න නියම ක්‍රමේනේ.හෙට අනිද්දා බුරුතු පිටින් ගස් නගීවි යම් කිසි නීතිමය හා වෘත්තීයමය විනය පැත්තෙන් තද බල ක්‍රියා මාර්ගයක් නොගත්තොත්.. (නි)
සිල්වා බයිල කියනවා. මහත්තයෝ මේක තුන්වෙනි ලෝකේ රටක්. ඕක දියුණු දනවාදී රටක්. ඔයා ඔය රටේ නීතිය ගැන කතා කරනවා. ඕක හිට්ලර් ඉපදිච්ච කෝටි ගානක් මිනිස්සු ඝාතනය කල ඝාතනයට මග පාදපු රටක්. අද ඔහොම තිබුනට. මහත්තයා ඉවසලා ඉන්න අපේ රටත් තව අවරුදු 10කින් 15 කින් ඔය රට වගේ වෙයි. .එතකොට ඔයා කියන ඔය සේරම සිද්ද වෙයි.(නදී)
ගස් නගින මොවුන්ටද පිස්සු නැත්නම් වාට්ටුවල ඉන්න අපටද ? මම එන්නම් ටෝච් එලිය දිගේ බස්සවන්න ගහෙන් බිමට... (නි)
නොදන්නකමටයි අහන්නේ. දැන් ඔය මිසීලා, දොස්තර මහත්තුරු එක්ක එකතු වෙලා මිනිස්සුන්ගෙන් ගුටි කන්නද හදන්නේ?? කලින් කාමරයක් බෙදා ගන්න බැරුව දැඟලුවා. දැන් දඩුවම් මාරුවක් නවත්තන්න ගහ උඩ.... නීතිය මිනිස්සු අතට ගන්න කලින් ගහෙන් බැස්සුවොත් තමයි හොඳ. බලා ඉඳලම මටත් එපා වෙලා දැන් නම් (නි)
ජනතාවගේ බදු මුදලින් යැපෙන්නන් දැන් දැන් ඒවා උඩ පිනුනුත් ගහනවා (නි)
ජනතාවගේ මුදලින් ඉගෙනගෙන ජනතාවේ මුදලින් වැටුප් රැගෙන මොනවද මේ උගත් මහත්වරු නටන නාඩගම්? (නි)
නර්ස් නෝනලා කරපු වැඩේනම් කැතයි. මේ හාදයා නග්ගපු වෙලාවේ ඔය ලස්සන නර්ස් නෝනා කෙනෙක් ඔය ඇදුමෙන්ම ඕකට නැග්ගුවා නම් කොච්චර වටිනවද පහල ඉදන් බලන කට්ටියට.(නදී)
ඔය ගහ යටින් ගිනි ගොඩක් ගහලා ගිනි තියන්න (නි)
මේ ඔක්කොමට පිස්සුද මන්දා? (නි)
කරුණාකර දැන්වත් පනතක් ගෙන එන්න. වෛද්‍යවරුන් , හෙදියන් , ත්‍රිවිධ හමුදා ,පොලිස් වැනි අත්‍යවශ්‍ය සේවා වල යෙදෙන රජයේ සේවකයන්ට මේ වැනි පුද්ගලික කෝන්තර මත උසාවි නියෝගයකින් තොරව වැඩ වර්ජන කරන්න බැරි විදියට (නි)
මෙහෙමත් මිනිස්සු! (නි)
බන්දුල, ගහ යටට ගිනි තිබ්බොත් ප්‍රශ්නය විසදෙයිද? හැමදම මෙවැනි මෝඩකතා කියන්න එපා (නි)
ගස් ගෙඩි කඩපු පුරුද්ද ඇත අර ගන්න බැරුව වෙන්න ඇති. මොහු අනිවාර්ය නිවාඩු යවල පරණ රස්සාවට අන්නුයුක්තයක් ලබා දෙන්න.(නදී)
ලද්දු නිශාන්ගේ අදහස අපිද අනුමත කරමු. (ස)
මේකට තියෙන හොදම විසදුම අපේ ඔය වගේ ප්‍රධාන ස්ථානවල තිබෙන ගස්, ලයිට් කණු, වතුර ටැංකි, වහලවල් වගේ ඒවා කඩනමින් ඉවත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමයි! (නි)
අංගොඩ ඉන්න පිස්සෙක් එක්කන් එමු මෙයාව ගහෙන් බස්සන්න. පිස්සා ගානට මෙයාව ගහ කපලා හරි බස්සවී...... (ස)
ඔහොම්ම හිටපුවාවෙ.බිම හිටියත් ඇති වැඩක් නෑනෙ.ගස් නගින්න නෙවෙයි ගස් යවන්න තියෙන්නෙ මේ කට්ටියව.(ස)
මේක හරි වැඩක්නේ, ප්‍රමාද වෙලා වැඩට එනවා,වේලාසනින් ගෙදර යනවා,මාසේ අවසානෙදි වැටුප ගන්නවා, නීතියට පයින් ගහලා ගහට නගිනවා,එතකොට ලෙඩ්ඩුන්ට මොකද වෙන්නේ???.මෙයා හෙදියට මේතරම්ම ආදරේ නම් ගහෙන් බිමට පනින එකයි තියෙන්නේ. (ස)
තව ටික වෙලාවක් බලලා වැලිවේරියේ වගේද මන්දා මේකත් විසදන්න වෙන්නේ. (නි)
වහාම ක්‍රියාත්මකවන පරිදි රාජ්‍ය කාර්යාල සහ පාසල් ළඟ තියන තණකොළ ගහේ සිට සියලුම උස ගස් කප්පන්න ලී මුදලාලි කෙනෙකුට භාරදෙන්න. (ස)
දෙගොල්ලන්ටම මඩු වලිගෙන් ගහන්න ඕනෑ. මොවුන් ගහගෙන මරාගත්තට කමක් නැහැ අසරණ රෝගීන්ට බෙහෙත් දීලා. (නි)
උතුම් රැකියාව බල්දුනොකරන්න , නයිටිංන්ගලේ තුමියට අගෞරව නොකරන්න , දිවුරුම් දෙනකොට පහන අතේ තියාගන කියන වැකිවල අර්ථය අමතක උනාද , ලාබ සත්කාර නිසා සියල්ල අමතක උනාද ? නැත්නම් ආරේ ගුනද ?(නදී)
මේ අය මානසික රෝහලේ කට්ටිය නෙමෙයි නේද? (ස)
ගහෙන් බැහැපු ගමන් මෙයාව ගස් බඳින්න ඕන.එතකොට හෙදිය ඇවිත් ලිහාගනිවී , බිරිඳ බලා ඉදිවී. (ස)